පුවත්
රාජ්ය නොවන සංවිධාන පිළිබද සම්බන්ධීකරණ කමිටු රැස්වීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පිළිබද සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
දැනට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන 34ක් ක්‍රියාත්මක වන අතර මාස තුනකට වරක් ඔවුන්ගේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරේ.
මෙහිදි දිස්ත්රික් ලේකම්තුමා අදහස් දක්වමින් ‘‘ ඉලක්ක කණ්ඩායමක් ලෙස රාජ්‍ය ආයතනවල පවතින වැඩ සදහා,ළමයින්,ක්‍රීඩා,පාසැල්, ඉලක්ක කර වැඩසටහන් කරනවා.පොදුවේ මේ රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉටුකරන සේවය අගය කරනවා.ළමා ආරක්ෂක අධිකාරියට හා ක්‍රීඩාවේ නියුතු ළමයින්ට ඔබලා මේ දිස්ත්‍රික්කයේදී උදව් කිරීමට නටයුතු කරන්න.අලුත් අලුත් ව්‍යාපෘති සදහා වාර්තා සකස් කරන්න.එහිදී මූල්‍ය විනය ආරක්ෂාවන පරිදි කටයුතු කළයුතු වෙනවා.දැන් ජනාධිපති අරමුදලින් ජනතාවගේ විවිධ රෝගිබාධ සදහා ආදාර ලබා දිම සිදු කරනවා.මේ ගැන බොහෝ ජනතාව දක්නේ නැහැ.ඒ නිසා ඔබලාගේ රැස්වීම් වලදී ජනතාව මේ පිළිබද දැනුවත් කරන්න.මේ දිනවල රටේ ඩෙංගු ව්‍යාප්තියක් සිදු වෙනවා.ඒවා මර්ධනය කිරීමට මේ සංවිධාන උදව් කරන්න.ආපදාවලදී ඔබලාගේ සහාය ලබාදීම වැදගත්."යැයි පැවසීය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සජීවා කුමුදුනී,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී කේ.ජී.නිරෝෂා දමයන්ති යන මහත්මීන්ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම - 2026 ජුනි
හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටු සමසභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.
පළමුව පසුගිය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.
වැලි කැණීම් හේතුවෙන් සිදුවන පරිසර හානි සිදුවීම වළක්වා ගැනීම, ධීවර වරායන් ආශ්‍රිතව ඩෙංගු වසංගත ව්‍යාප්තිය, ආයුර්වේද රෝහල්වල භාවිතා කර ප්‍රයෝජනයට නොගන්නා යකඩ ඇඳන් 50 ක් සුදුසු කටයුතු සදහා භාවිතා කිරීම, වලව ගගේ මෝය කට ඇහිරීම නිසා සිදු වන ජල ගැලීම් වැලැක්වීම සදහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, 2026 විමධයගත අයවැය වැඩසටහන, ප්‍රජා ශක්ති වැඩසටහන, ග්‍රාමීය මාර්ග වැඩසටහන, නිල සෙවන හා සේවා පියස වැඩසටහන, පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරන 2026 සංවර්ධන වැඩසටහන, දිස්ත්‍රික්කය තුළ පවතින ආරක්ෂක තත්වය පිළිබඳ දැනුවත්ත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
මෙහිදී කමිටුව අමතමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් වඩාත් කාර්යක්ෂමව හා ජනතා අපේක්ෂාවන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි. ජනතාව මුහුණ දෙන ගැටලු කඩිනමින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රායෝගික හා තිරසාර විසඳුම් ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද එතුමා සදහන් කළේය. එසේම රාජ්‍ය ප්‍රතිපාදන උපරිම ඵලදායීතාවයකින් යුතුව භාවිතා කරමින් සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ නිම කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සදහා පළාත් සභා හා පළාත් පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අතුල වෙළඳගොඩ, වෛද්‍ය සාලිය සඳරුවන් මදරසිංහ සහ දිලිප් වෙද ආරච්චි යන මහත්වරුද, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් එම්.කේ.ඒ.අංජලා අමාලි,හම්බන්තොට දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් හා ආරක්ෂක අංශ ප්‍රධානින් රැසක් සහභාගී විය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳ විශේෂ සාකච්ඡාව
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සහ ජනතා සේවා වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී අයුරින් ඉදිරියට ගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්ණි.
මෙම සාකච්ඡාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ නගර සභාව, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන් රැසක්ද, දකුණු පළාත් ප්රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, ප්‍රධාන අමාත්යංශ ලේකම් ක්රිශාන්ත මහේන්ද්, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ ලේකම් එස්.ඩබ්.පී.ජී. සරත්, නියෝජ්ය ප්රධාන ලේකම් කේ.කේ. සමන්තිලක (ඉංජිනේරු සේවා), නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන) රනිල් වික්රමසේකර යන මහත්වරු ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
මෙහිදී 2026 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම ව්‍යාපෘති රජයේ ප්‍රමිතීන්ට අනුකූලව සහ ජනතා අවශ්යතා මූලික කරගනිමින් ක්රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
එසේම ව්යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම, ප්රායෝගික ක්රියාත්මක කිරීමේදී පවතින බාධා හා අභියෝග, මුදල් ප්රතිපාදන කාර්යක්ෂමව භාවිත කිරීම සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීම පිළිබඳව එක් එක් පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ අදහස් සහ යෝජනාද විමසන ලදී.
විශේෂයෙන් ග්රාමීය මාර්ග සංවර්ධනය, ඝන අපද්රව්ය කළමනාකරණය, පානීය ජල පහසුකම්, මහජන සෞඛ්ය පහසුකම්, පරිසර සංරක්ෂණ වැඩසටහන් සහ පළාත් පාලන ආයතන මගින් ජනතාවට සපයන අත්යවශ්ය සේවා තවදුරටත් ගුණාත්මක ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
එමෙන්ම, ජනතා අවශ්යතා හඳුනාගනිමින් ග්රාමීය මට්ටමේ සංවර්ධනය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් ක්රියා කිරීමේ වැදගත්කමද දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් මෙහිදී අවධාරණය කළහ.
(දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට)


හම්බන්තොට දිස්ත්‍රික් ධීවර කමිටු රැස්වීම
හම්බන්තොට දිස්ත්‍රික් ධීවර කමිටු රැස්වීම 2026.06.04 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ධීවර,ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ හා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා “තහනම් පන්න යොදා ගනිමින් පොකිරිස්සන් ඇතුළු මසුන් ඇල්ලීම සිදු කරනවානම් වැටලීම් සිදු කරන්න.ඒ සදහා පොලීසිය,නාවික හමුදාව සහාය ලබා දෙන්න.සෑම ධීවර යාත්‍රාවක්ම දියඹට යන විට ජලය ලීටර් පහේ (5) බෝගල් පමණක් රැගෙන යන්න.අනෙක් බෝතල් රැගෙන ගොස් ඒවා මුහුදේ දමා එනවා.මේ නිසා විශාල පරිසර හානියක් සිදුවෙනවා.මේ රැගෙන යන එන බෝතල් පිළිබදව වරායේ පරීක්ෂා කරන්න.ලෝකයේ රටවල් අතර සාගර දූෂණය අතින් ලංකාව පස්වන ස්ථානයේ සිටින්නේ.වැව්වල ඉංජින් ධාරිතාවය වැඩි බෝට්ටු භාවිතා කිරීම නිසා ගැටළු ඇතිවී තිබෙනවා.තිස්සමහාරාම වැවේ පරිසර හිතකාමී බෝට්ටු සෙවයක් ආරම්භ කිරීම සදහා රුහුණු සංචාරක කාර්යාංශයත් සමග සාකච්ඡා කරන්න.එයට සංචාරකයින්ද ප්‍රිය කරනවා.මාළුන්ටත් හොදයි.ධීවර වරායන්වල මාළු බිමදාගෙන විකිනීම නතර කරන්න.මාළු වෙළදාම ව්‍යාපාරයක් එය සෞඛ්‍ය ආරක්ෂිතව කළයුතුයි.මාළු සේදීම පිරිසිදු ජලයෙන් කරන්න ඕන." යැයි පැවසීය.
පලමුව පසුගිය කමිටු රැස්වීමේ ප්‍රගතිය විමසා බැලීම සිදුවිය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර වරායන් වල බෝට්ටු එසවීම සදහා දොඹකරයක් ලබා ගැනීම,ධීවර තොටුපලවල් සදහා යන මාර්ග සැකසීම,රැකව ධීවර කාර්යාලයක් ඉදිකිරීම,කහදාමෝදර ප්‍රජා ශාලාව පිළිසකර කිරීම,වරායන්වල එකතුවෙන පfයිබර් ග්ලාස් බැහැර කිරීම,මාළු අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් යටතේ බැහැර කිරීම,හම්බන්තොට මත්ස්‍ය වෙළද පොළ සැකසීම,ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කර තීරණයන්ට එළඹිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි,හම්බන්තොට නගරාධිපති ඩී.ඒ.ගාමිණී,දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා, හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා, අතිරේක දිස්ත්රික් ලේකම් එම්.කේ.ඒ.අංජලා අමාලි,හම්බන්තොට දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් ධීවර සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


ජල සම්පත් මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය වීවෘත්ත කිරීම
ජල සම්පත් මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය 2026.06.03 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙය විවෘත
දැනට ජල සම්පත් මණ්ඩලයේ කාර්යාල පවතින්නේ අනුරාධපුරය, පුත්තලම, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්ක වල පමණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ, හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්. එස්. එස්. බණ්ඩාර, සාමාන්‍යාධිකාරී ආර්. එස්. බී. සෝමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


2570 වන ශ්‍රී සම්බුද්ධ වෙසක් පුණ්‍යමහෝත්සවයට වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ පිංකම
2570 වන ශ්‍රී සම්බුද්ධ වෙසක් පුණ්‍යමහෝත්සවයට වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ පිංකමක් 2026.06.03 දින දවස පුරා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පරිපාලන සංකීර්ණයේ බෞද්ධ සංගමය හා දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ රෝගීන්ගේ ලේ අවශ්‍යතාවය සපුරාලීම සදහා එහි ලේ බැංකුව සමග එක්ව සිදු කළ මෙම පිංකම සදහා පරිපාලන සංකීර්ණයේ රාජකාරි සිදු කරනු ලබන නිලධාරී විසින් ලේ පරිත්‍යාග කළ අතර අසූ දෙනෙකු මෙදින ලේ පරිත්‍යාග කෙරිණි.
ලේ පරිත්‍යාග කළ සියළු පරිත්‍යාගශීලීන් හට මෙහිදි අඹ පැළයක්ද සිහිවටබයක් ලෙස ලබා දීමට සංවිධායක පිරිස කටයුතු කර තිබුණි.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )



“ප්‍රජාශක්ති ගම් දහසක වැඩ දහසක්“ ජාතික වැඩසටහන - හම්බන්තොට දිස්ත්‍රික්කය
“ප්‍රජාශක්ති ගම් දහසක වැඩ දහසක්“ ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රත්නෙළුම්වලයාය ග්‍රාමසේවා වසමේ පිහිටි සේවා පියසෙදී අද ( 02)දින පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළදගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනාගත් සමාජ පරිසරිය ක්ෂේත්‍රයට අදාළව ආර්.ඕ. තාක්ෂණයෙන් ජලය පිරිපහදු කරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා මුල්ගල් තැබීම මෙහිදී සිදු විය.මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් විසිලක්ෂ තිස්හත් දහස් දෙසීය අනූපහකි.මෙම ව්‍යාපෘතිය මගින් සෘජු ප්‍රතිලාභීන් දහසකට සෙත සැලසෙන අතර වක්‍ර ප්‍රතිලාභීන් දෙසීයකට ප්‍රතිලාභ හිමිවේ.
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පමණක් රුපියල් මිලියන 881.09 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත. අද දිනයේ රුපියල් මිලියන 55.3 මුදලක දිස්ත්‍රික්කය පුරා ව්‍යාපෘති 39ක් ආරම්භ කෙරිණි.
ප්‍රධාන උත්සවයේ සමාරම්භක අවස්ථාව සදහා තිස්සමහාරාම ප්‍රා දේශීය සභාවේ සභාපති එච්.එල්. ජයසිරි,හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා, තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් ඩී. නිශාන්ත ඉන්දික,හම්බන්තොට දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. තිලකරත්න,නියෝජ්‍ය අධ්‍යක්ෂ සජීවා කුමුදුනී,තිස්සමහාරාම ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂ එච්.ඊ.බී.සංජීව යන මහත්ම මහත්මීන්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු,ග්‍රම නිලධාරී, ඇතුළු නිලධාරීන්ද ප්‍රතිලාභී ජනතාවද පැමිණ සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )



දේශීය හා විදේශීය ආයෝජන ව්‍යාපෘතිවල පවතින බාධාවන් ඉවත් කර කඩිනම් කිරීම පිළිබද සාකච්ඡාව
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි කලාප ආශ්‍රිතව ක්‍රියාත්මක වන සහ අලුතින් යෝජනා වී ඇති දේශීය හා විදේශීය ආයෝජන ව්‍යාපෘතිවල පවතින බාධාවන් ඉවත් කරමින් ඒවා කඩිනම් කිරීම පිළිබද සාකච්ඡාවක් (15) දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
මේ සදහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්,හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුද,මහවැලි සහ මධ්‍යම පරිසර අධිකාරීන්හි අධ්‍යක්ෂ ජනරාල්වරුන් ප්‍රා දේශීය ලේකම්වරුන් මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙයට එක් විය.
මෙහිදී විශේෂයෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතු වන පාරිසරික හා වනජීවී ගැටළු සඳහා ප්‍රායෝගික හා තිරසාර විසඳුම් ලබාදීම කෙරෙහි ප්‍රමුඛතාවය හිමි විය. එසේම විනිවිදභාවයකින් යුතු කාර්යක්ෂම ක්‍රියාවලියක් හරහා දිස්ත්‍රිකයේ ආර්ථිකය හා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම පිළිබදව අවධානය යොමු විය.
සාකච්ඡාවෙන් අනතුරුව එම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන මහවැලි කලාපීය භූමීන් වෙත ගොස් එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ චාරිකාවකට ද නියෝජිත පිරිස එක් විය. මෙහිදී ව්‍යාපෘති භූමියෙහි පවතින ප්‍රායෝගික ගැටලු, පාරිසරික බලපෑම් සහ ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව සෘජුවම සොයා බැලූ අතර, අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම බාධාවන් ක්ෂණිකව නිරාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )



නිරිතදිග මෝසම් වර්ෂාවට පෙර සූදානම් වීමේ හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරන කමිටු රැස්වීම
නිරිතදිග මෝසම් වර්ෂාවට පෙර සූදානම් වීමේ හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරන කමිටු රැස්වීම 2026.05.14 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මැයි 25 දින වන විට නිරිත දිග මෝසම සක්‍රිය වීමට පටන් ගන්නා අතර එය ජුනි මාසය දක්වාම ව්‍යාප්ත වනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.ඊට ප්‍රථම දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා වෙනත් සිදු විය හැකි ආපදා අවම කර ගැනීම සදහා පූර්ව සූදානමක් ලෙසත් මීට පෙර කාලගුණ හා දේශගුණික සාධක උපයෝගී කරගෙන ආපදා සිදු විය හැකි අංශ හා ස්ථාන හදුනා ගනිමින් පූර්ව සූදානම පිළිබදව මෙහිදී සාකච්ඡා විය.එහිදී අදාළ ආයතන මෙතෙක් ගත් පියවර හා එම ආයතන වල පූර්ව සූදානම් සැළසුම් පිළිබදව මෙහිදී දිස්ත්රික් ලේකම්තුමා විසින් එකී ආයතන වලින් විමසීම් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්තුමා “ආපදා කළමනාකරණය සදහා පෙර සූදානම හොදින් තිබිය යුතුය.ඇළ දොළ ගංගා ආදිය පිළිබදව විශේෂ අවධානය යොමු කරන්න.ජලය බහින ස්ථානවල අපද්‍රව්‍ය ගැසෙන්න පුළුවන් ජලය බැසයෑමට හැකි පරිදි ඒවා ඉවත් කරන්න.අපේ දිස්ත්‍රික්කයට වඩා ඉහළ දිස්ත්‍රික්ක වලින් එන ජලය තුළින් තමයි අපිට ජල ආපදා ඇති වන්නේ.ඒ ජලය පිළිබදව අවධානයෙන් ඉන්න.මේ සමග ඩෙංගු හා වෙනත් රෝග ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ ඒ පිලිබදව සොයා බලන්න.පාසැල් වල තාප්ප,බැමි, ගල් කඩා වැටීම් වැනි දේ සිදු වන්න පුළුවන් ඒවා ගැන ප්‍රා දේශීය ලේකම්වරුන් සොයා බලා ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දෙන්න.මින් ඉදිරියට ගස් වගා කිරීම් සිදු කිරීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මගපෙන්වීම අනුව සිදු කරන්න.දැන් අක්‍රමවත්ව සිටවපු ගස් නිසා පාසල්,රොහල් වලට ගැටළු ඇති වෙලා තියෙනවා."යැයි පැවසීය.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමින් ඉදිරි නිරිත දිග මෝසම් වර්ෂාව පිළිබදව දැනුවත් කෙරිණි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂතුමා,ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධනයේ නිලධාරීන් ඇතුළු ආයතන රැසක නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමින් දැනුවත් කෙරිණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි මහත්මිය දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග්කමාන්ඩර් කේ.ඒ.කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ලේකම්වරු,ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


2570 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙසක් වැඩ සටහන
2570 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙසක් වැඩ සටහනක් හම්බන්තොට නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
2026. මැයි 28 දින සිට ජුනි 04 දක්වා පැවැත්වෙන ආගමික හා සංස්කෘතික වැඩසටහන් රාශියක් මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.හම්බන්තොට තරුණ බෞද්ධ සංගමය මෙහි ප්‍රධාන සංවිධායක මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබයි.
හතර වන වරටත් පැවැත්වෙන මෙම පිංකම පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.හම්බන්තොට ජයබෝධි විහාරාධිපති පූජ්‍යපාද බරවකුඹුකේ නාරද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි,ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන,හම්බන්තොට නාගරික කොමසාරිස් එම්.ජී.ජී.ජී.රන්දික,තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් විජිත මහේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
මෙහිදි 28 දින හම්බන්තොට නිම්බාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සීල භාවනා වැඩසටහනක්ද 04 දින වෙසක් මහා පෙරහැර අලි ඇතුන් සහිතව උඩ පහත රට නැටුම් සමගින් පැවැත්වීමටත් අනෙකුත් දින වලදී වෛද්‍ය සායන,වෙසක් බැතිගීත,වෙසක් කූඩු,සංස්කෘතික වැඩසටහන්,පිරිත් සහ දාන ඇතුළු පිංකම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )


හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම - 2026 මැයි
හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගියදා දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි හා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පලමුව පසුගිය මාසයේ කමිටු වාර්තාවේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.
2026 යල කන්නය සදහා ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත පොහොර ලැබී ඇති බවත් ගැටළුවක් ඇති නොවන පරිදි ඒවා බෙදා හැරීමට කටයුතු කර ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමන් පැවසීය.
වසර ඇරම්භයේදී දිස්ත්‍රික්කයේ ගොවි මහතෙකු සදහා ගොවි කටයුතු සිදු කරගෙන යෑම සදහා මහ ට්‍රැක්ටර් රථයක් ලැබුණු බවත් එය ඉතාමත් සතුටට කරුණක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය පැවසීය.ගැටළු බොහොමයකට මුහුණදුන් කණ්ඩායමක් ලෙස ඒවා සාර්ථකව ජයගැනීමට අපිට හැකියාව ලැබුණා. ඒසදහා සියළු දෙනා සියළු ආයතන,ගොවි සංවිධාන ගොවි මහතුන් එකට එක්ව කටයුතු කිරීම නිසා ජය ලැබුණු අතර තෙල් නැහැ කියා ප්‍රශ්න ඇති උනේ නැහැ.ඇය සදහන් කෙරිණි.
මෙදින සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරුවල පිදුරු පිළිස්සීම තහනම් බවත් එවැනි ක්‍රියාවක් සිදු කර තිබුණ හොත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය විය.
මෙහිදී පළාත් අන්තර් පළාත් මහවැලි බල ප්‍ර දේශ වල සිදු කරනු ලබන කෘෂි කර්ම වැඩසටහන් හා ඒවායේ ප්‍රගතිය,අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය,බටඅත බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය,පොල් වගාව,තල් වගාව,වාරි මාර්ග කටයුතු,වාරි කළමනාකරණ කටයුතු,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා,වී අලෙවි කටයුතු,කෘෂි රක්ෂණ,ඉඩම්,ආදී විෂයන් රැසක ඉදිරි සැලසුම් හා ප්‍රගතීන් පිළිබදව සාකච්ඡා විය.
මෙම කමිටුවට ප්‍රා දේශීය ලේකම් වරුන්,ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ නිලධාරීන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කමිටුවට සහභාගී විය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )

හම්බන්තොට දිස්ත්රික් කෘෂි සැලැස්ම පිළිබඳ සමාලෝචන සාකච්ඡාව


හම්බන්තොට දිස්ත්රික් කෘෂි සැලැස්ම පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) දින දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන කෘෂිකාර්මික සැලසුම් වල කාර්යක්ෂමතාවය පවතින අඩුපාඩු හඳුනා ගැනීම ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි කාලෝචිත විසඳුම් සොයා බැලීමයි. මෙහිදී පසුගිය වර්ෂවල ක්‍රියාත්මක කරන ලද කෘෂි සැලැස්මවල ඇති වූ ගැටළු සහ අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ගැටළු සඳහා තිරසාර හා ප්‍රායෝගික විසඳුම් සකස් කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ගොවි නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. බිත්තර වී සැපයුම් ක්‍රියාවලියේ අඩුපාඩු, පැළ කිරීම සඳහා භාවිතා කරන බීජ වියලීමේ අපහසුතා, කෘෂි යන්ත්‍රවල ඉහළ මිල ගණන්, කෘෂිකාර්මික මාර්ග පද්ධති දුර්වලවීම, ස්වයං බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක බීජ තවාන් සකස් කිරීමේදී පවතින ගැටළු, මුං වගා ආශ්‍රිත ගැටළු සහ මුං බීජ මිලදී ගැනීමේ ගැටළු ආදී කරුණු රැසක් සාකච්ඡා විය. තවද, කාලගුණ විපර්යාස, වියළි කාලයන් සහ ජල හිඟය වැනි තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ජල සම්පත් කළමනාකරණය, නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම සහ ඵලදායිතාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකාර්මික දත්ත පද්ධතියක් සංවර්ධනය කර නිවැරදි තොරතුරු මත සැලසුම් සකස් කිරීමේ වැදගත්කම සහ ගොවිජනතාව හා රාජ්‍ය අංශ අතර සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ගොවියන්ට නව තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම, එළවළු හා පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම, ඖෂධීය පැළ වගා ව්‍යාපෘති ප්‍රවර්ධනය, වැව් හා අමුණු පිරිසිදු කිරීම මගින් ජල කළමනාකරණය ශක්තිමත් කිරීම, බිත්තර වී නිෂ්පාදනයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෘජුව මැදිහත්වීම තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වී වගාවේ පවතින වල් වී ගැටළුවට ක්‍රියාකාරී පිළියම් හඳුනා ගැනීම, කෘෂිකර්මයට අදාළ වෙළඳපොළ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ගොවි ආදායම් වැඩිදියුණු කිරීම සඳහා නව වැඩසටහන් හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඩී.ඒ. පළිහවඩන හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී.ඩබ්.ප්‍රසංගි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චාමර මහගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හම්බන්තොට කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයින් පිරිසක් සහ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් එක්ව සිටියහ. (දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට)
78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ වැඩසටහන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
කොළඹ නිදහස් මන්දරය පරිශ්‍රෙය් පැවැති ප්‍රධාන උත්සවයට සමගාමීව පැවැති මෙම වැඩසටහනේදී පළමුව දිස්ත්‍රික් ලේකම්තුමා විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් වැඩ සටහන ආරම්භ විය.
අනතුරුව පැමිණ සිටි නිලධාරීන් අමතමින් දිස්ත්රික් ලේකම්තුමා පවසා සිටියේ ශ්‍රී ලාංකිකයින් ලෙස අපි උසස් අයුරින් සමරන ජාතික උත්සවය නිදහස් උත්සවය බවත් රාජ්‍ය නිලධාරීන් ලෙස අපේ වගකීම වන්නේ ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීම බවයි.එසේම තාක්ෂණික හැකියාවකින් යුතු පරපුරක් බිහි කිරීමට අපි කටයුතු කිරීමේ වැදගත් බව එතුමා පෙන්වා දුණි.
අනතුරුව ගරු ජනාධිපතිතුමාගේ නිදහස් දින ජාතිය ඇමතීමේ කතාවට පැමිණි සියළු නිලධාරීන් එක්විය.පසුව සංකීර්ණ පරිශ්‍රයේ පැවැති රුක් රෝපන වැඩසටහනක් සදහා පැමිණ සිටි පිරිස සහභාගි විය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ජේ.ඒ.තුෂාරි තෙරේෂා,ප්‍රධාන ගණකාධිකාරී ජානක අමර රත්න, දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )

හම්බන්තොට දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව
හම්බන්තොට දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව 2026.01.30 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
"හම්බන්තොට ව්‍යවසායකත්වයට නවජීවයක්" යන තේමාව යටතේ 2026 දී අපනයන ඉලක්ක කරා යාමට ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී ප්‍රධාන අරමුණ වූයේ, 2026 වසරේදී අපනයන වෙළෙඳපොළ ජයගත හැකි ව්‍යවසායකයින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහි කිරීම සඳහා සියලු පාර්ශවයන් ඒකාබද්ධ කර ව්‍යවසායකයින්ගේ ගැටළු සහ නව යෝජනා සාකච්ඡා කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීමයි.
මෙතෙක් පිහිටුවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභා වහාම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර 2026 වසරේදී අපනයන වෙළෙඳපොළ ජයගත හැකි කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් මෙම දිස්ත්‍රික්කය තුළින් බිහි කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාවය පෙන්වා දුණි.
මෙම අවස්ථාවට සදහා හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂිකා ශාන්ති අලුත්ගේ,දකුණු පළාත් සහකාර ලේකම් ආර්.පි.ඒ. පූර්ණිමා යන මහත්මීන්ද දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පුද්ගලික බැංකු නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික් වානිජ්‍ය මණ්ඩලයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )

2026 වසරේ පළමු හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව 2026.01.29 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි පළමුව පසුගිය කමිටුවේ ප්‍රගතිය හා ඉන් පැනනැගුන ගැටළු පිළිබදව සාකච්ඡා විය.
2026 හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුව මැයි මාසයේ අවසානය වන විට වැඩ අවසන් කරන්න.මේවායේ අවිච්ඡේද කිරීම් නැහැ.මැයි මාසයෙන් පසුව 2027 වසරේ සංවර්ධන යෝජනා ගැනීමට කටයුතු කර තියෙනවා.යැයි ගරු සභාපති නිහාල් ගලප්පත්ති මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම්තුමා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ 2025 වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් වල භෞතික ප්‍රගතිය සීයට සීයක් බවත් ඒ සදහා කැපවූ සියළු දෙනාට ස්තුතිය පුද කරන අතර මෙම වසරේද එලෙසම වැඩකටයුතු කිරීමට සහාය දක්වන ලෙසයි.දැන් වසර මුලදීම ප්‍රතිපාදන ලබා දී ඇති බැවින් අදාල වැඩසටහන් ආරම්භ කිරීමට අවස්ථාව පවතින බවත් තාක්ෂණි නිලධාරීන්ගේ හිගයක් පවතින බවද සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසයි.ප්‍රාදේශීය මාර්ග සංවර්ධනයේදී මාර්ග කෑලි කෑලි හදන්නේ නැතිව එක් මාර්ගයක් අවසන් වන තෙක් සාදා නිම කිරීමට කටයුතු කරන ලෙසද එතුමා ඉල්ලා සිටියේය.
හම්බන්තොට දිස්ත්රික්කයේ පළමු වරට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලැස්ම ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.මෙය ගරු ජනාධිපතිතුමා පසුගිය විශේෂ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත පැමිණි අවස්ථාවේදී ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගෙන සකස්කර තිබුණි.මෙහිදි දිස්ත්‍රික්කය තුළ ඇති පානිය ජල ගැටළු, තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගින් වැඩි බවත් එය වලක්වා ගැනිමට ගතයුතු ක්‍රියාමර්ග පිළිබදව,වාරිමාර්ග සහ වැව් රක්ෂිත,දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්වය,මගී ප්‍රවාහන,පස් හා වැලි කැපීම්,පළාත් සභා සංවර්ධන වැඩසටහන් ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් සෙනරත්,අරවින්ද සෙනරත්,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුල වෙළදගොඩ,සාලිය සදරුවන් මදරසිංහ,දිලිප් වෙද ආරච්චි,යන මහත්වරුන්ද පළාත් පාලන ආයතනවල ගරු නගරාධිපතිවරු හා සභාපතිවරුද,දකුණු පළාත් ප්රධාන ලේකම් චන්දිම මුහන්දිරම්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න යන මහත්වරු ඇතුළු ආයතන ප්‍රධානීන් රැසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය,ගැටළු හා ඉදිරි සැලසුම් පිළිබදව විමසා බැලෙන 2026 වසරේ පලමු ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව 2026.01.27 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණී.
දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සෑම රජයේ කාර්යාලයක සිදු කළයුතු වැඩසටහන් පිළිබදව,ප්‍රාදේශීය ලේකම් කොටිඨාශ මට්ටමින් ග්‍රාම නිලධාරී වසම් අනුව දැනට සිදු කරනු ලබන සීමා නීර්ණ කටයුතු අවසන් කර ඉදිරිපත් කිරීම,අස්වැසුමට අදාළ ප්‍රගතිය ඉදිරිපත් කිරීම, ආපදා සහන කටයුතු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මූල්‍ය කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා විය.
මෙම අවස්ථාව සදහා මෙම අවස්ථාව සදහා ප්‍රධන ගණකාධිකාරී ජානක අමරරත්න,දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂිකා නාලිකා රුබසිංහ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ශාන්ති අලුත්ගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට දිස්ත්‍රික් 2023 ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය තරගයෙන් ජයග්‍රහනය කළ ග්‍රාම නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් 2026.01.27 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී 1,2,3 ස්ථාන හිමිකර ගත් නිලධාරීන්ට සමරු තිළිණයක් ද 4 සිට 10 දක්වා ස්ථාන සදහා කුසලතා සහතික ප්‍රධානයක් සිදු කෙරිණි.
1 ස්ථානය ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැන්දගස්මංකඩ වසමේ ග්‍රාම නිලධාරි එල්.එච්. සුමුදු නිශාන් සංජීව මහතාද 2 ස්ථානය කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුරුංගස්යාය බටහිර වසමේ ග්‍රාම නිලධාරි ඩී.ඒ.ඔමල්කා මේනු ලක්ෂ්මන් මහත්මියද 3 වන ස්ථානය වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝවල උතුර වසමේ ග්‍රාම නිලධාරි කේ.අනුලා ඉන්ද්රානි මහත්මියද හිමිකර ගත්හ.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්රික් ලේකම්තුමා මෙසේ පැවසීය.“ඔබ මහජනතාවට හොද සේවාවක් සිදු කළ නිසා තමයි මේ තරගයෙන් ජයග්‍රහනය කර මෙසේ ඇගයීමට ලක්වූයේ.මේ ඇගයීම තුළින් හොද ආත්ම අභිමානයක් එනවා.ඔබලා ජාතික මට්ටමේ තරගයකින් ජයගත් නිසා අපිටත් ලොකු ආඩම්බරයක්.ඔබලා තාක්ෂණයට යොමුවිය යුතුයි.එම තාක්ෂණය උපයෝගී කරගෙන මහජනතාවට හොද සේවාවක් ලබා දීම වැදගත්.එසේම ඔබ මහජනතාවට සවන් දිය යුතුයි".
මෙම අවස්ථාව සදහා ප්‍රධන ගණකාධිකාරී ජානක අමරරත්න,දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂිකා නාලිකා රුබසිංහ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ශාන්ති අලුත්ගේ යන මහත්ම මහත්මීන්ද දිස්ත්‍රික්කයේ ප්රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
2026 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පළමු කෘෂිකර්ම කමිටු රැස්වීම 2026.01.22 වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් එම්.කේ.ඒ.අංජලා අමාලි සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂිකා නාලිකා රුබසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කුඹුරු සදහා දහයියා අගුරු යෙදූවිට නිසි අස්වැන්නක් ලබා ගතහැකි බවත් පසුගිය කාලයේදී රජය මගින් උපකරණ ලබා දෙමින් උපදෙස් හා පුහුණු ගොවිමහතුන් සදහා සිදු කළ බව කෘෂිකර්ම අංශ නිලධාරීන් පෙන්වා දුණි.පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ වසරේදී දිස්ත්‍රික්කයේ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම සදහා කටයුතු යොදා ඇති බවත් පොල් පොහොර වැඩසටහනද ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ නිලධාරීන් පැවසීය.
සාම්ප්‍රදායිකව කුරුදු වගා කරනු ලබන දිස්ත්‍රික්ක තුනට අමතරව 2025 වසරේදී කුරුදු වගාව ප්‍රචලිත කිරීම අතින් හම්බන්තොට දිස්ත්‍රික්කය ඉදිරියෙන් සිටින බවත් මෙවරත් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් සැලසුම් කර ඇති බව කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේය.ගොයම් කහවීමේ රෝගයක් දැනට දිස්ත්‍රික්කයේ පැතිරී යන බවත් ඒ සදහා අවශ්‍ය පිළියම් යොදන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියේය.
මෙහිදී පොහොර බෙදා හැරීම,වාරිමාර්ග,වනජීවී හා වන සංරක්ෂණ,මහවැලි සංවර්ධන,අපනයන කෘෂිකර්ම,ගොවිජනසේවා,ඉඩම් කටයුතු,වී මිලදී ගැනීම ඇතුළු විෂයන් රාශියක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන්වු විශේෂ සාකච්ඡාවක් පසුගිය (24) දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අලි මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි එය වැළැක්වීමට කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම,ප්‍රකාශයට පත්කර ඇති හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ රෙගුලාසි ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව මෙහිදි සාකච්ඡා විය.
එසේම අලි කළමනාකරණ රක්ෂිතයට අයත් අලි මංකඩ දහයක් මෙහිදී හඳුනා ගැනුණු අතර ඊට අදාළ භූමියේ පවතින ගැටළු හඳුනා ගෙන කඩිනමින් විසඳුම් සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරිණි. අදාළ යෝජනා සමග එම කමිටුව පෙබරවාරි 11 දින මුණ ගැසීමට මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති,පළාත් සභා හා පළාත් පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එල්. ජයසිරි හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
77 වන ඉන්දීය ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක් 2026.01.26 දින පෙරවරුවේ හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් කාර්යාලයේදී හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එතුමා විසින් ඉන්දීය ජාතික කොඩිය ඔසවා එම ජාතික ගීය ගායනා කිරීමෙන් සැමරුම් වැඩසටහන ආරම්භ විය.අනතුරුව ඉන්දීය ජනාධිපතිතුමියගේ නිදහස් දින පණිවිඩය කොන්සියුලර් ජනරාල්තුමන් විසින් ඉදිරිපත් කෙරිණි.
ඉන්දීය රජයේ ආධාර මත පසුගිය වසරේ දකුණු පළාතේ ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබද කෙටි විඩියෝ දර්ශනයක් සහ පසුගිය දින වල ලංකාවට දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත්වූ අවස්තාවේ ඉන්දියාව සිදු කළ සත්කාරයන් පිළිබද වැඩසටහනක්ද ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට ගරු නගරාධිපති ඩී.ඒ.ගාමිණී, හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව ආයෝජන අවස්ථා සදහා යටිතල පහසුකම් සංවර්ධනයට ඉඩම් හදුනා ගැනීම පිළිබද සාකච්ඡාවක් 2026.01.19 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී හම්බන්තොට,අම්බලන්තොට,සූරියවැව,තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශවලට විශේෂ අවධානයක් යොමු කරමින් නව කර්මාන්ත සදහා ඉඩම් හදුනාගැනීමට අවධානය යොමුවිය.හම්බන්තොට දිස්ත්‍රික්කය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සංවර්ධනය වන බවත් කර්මාන්ත සදහා ප්‍රධාන තැනක් හිමිවන බවත් කර්මාන්ත ආරම්භ කිරීම සදහා දිස්ත්‍රික්කයේ හැකියාව සහ ඉඩ පවතින බවත් මෙහිදී පෙන්වා දුණි.
කර්මාන්ත සදහා දැනට වෙන්කර තිබෙන ආයෝජන මණ්ඩලය සතු ඉඩම් වල නව ආයෝජන ඇති කිරීම සදහා එම මණ්ඩලයේ නීතිවලට අනුව පවතින තත්වයත් සාකච්ඡාවට භාජනය විය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා,හම්බන්තොට ක්‍රම සම්පාද අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න යන මහත්වරුද කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු නිලධාරී මණ්ඩලයද ඉඩම් අංශවල නිලධාරීන්ද එක්විය.දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගගත ක්‍රමයට සහභාගිවිය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 2025 වසරේදි 49 වන ජාතික මහා ක්‍රිඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සපත්තු සහ ඇදුම් දීමනාවන් පිරිනැමීම පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදු කෙරිණි.
හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති සහ හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
මෙදින රුපියල් ලක්ෂ පහලොවක (ලක්ෂ 15) මුදලක් බෙදා දුන් අතර එක් අයෙකුට රුපියල් විසිපන්දහසක (25000/-) මුදලක් හිමිවිය.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා සකුන්තලා මධුවන්ති මහත්මිය,හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ටෙනිසන් අබේගුණරත්න මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට විශේෂ දිස්ත්‍රික් ඉඩම් සමත මණ්ඩලය සදහා තේරීපත් වූ සාමාජික සාමාජිකාවන් වෙත පත්වීම් ප්‍රධානය කිරීම පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම පත්වීම් ප්‍රධානය අධිකරණ අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දිස්ත්‍රික් සමත පුහුණු අංශය විසින් සංවිධානය කෙරිණි.
මෙදින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සාමාජිකයින් 14ක් සදහා පත්වීම් හා අදාළ උපදෙස් ලබා දීම සිදුවූ අතර ගරු සභාපති ලෙස ඒ.යූ.පලල්ල විතාන,උපසභාපති ලෙස ඩබ්ලිව්.ඒ.කුමාරසිරි මහත්වරුන් පත්වීම් ලැබීය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් සමත පුහුණුකරු ඊ.ඩබ්ලිව්.චන්ද්‍රසිරි මහතා ඇතුළු කිහිපදෙනෙකු එක්ව සිටියහ.
(දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
2026 නව වසරේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සේවයේ නියුතු නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම අද පෙරවරුවේදී හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්සිදු කෙරිණි.
පළමුව එතුමා විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීම සිදු කළ අතර අනතුරුව සියළු දෙනා එක්ව රාජ්ය ප්රතිඥාව ලබා දීම සිදුවිය
.ඉන්පසු සියළු දෙනා අමතමින් දිස්ත්රික් ලේකම්තුමා කියා සිටියේ පසුගිය වසරේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සියළු නිලධාරීන් එක්ව කටයුතු කළ බැවින් සංවර්ධන ඉලක්කය ජයගත හැකිවූ අතර එහි භෞතික ප්‍රගතිය සීයට සීයක් බවත් මූල්‍ය ප්‍රගතිය සීයට අනූදෙක ඉක්මවූ අතර අද දිනයේදී ඉතිරියද සපුරා ගැනීමට හැකියාවක් පවතින බවත්ය.මේ සදහා දායක වූ සියළු දෙනාට සුබ පතන අතර මේ වසරේදී රජයේ සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට සියළු දෙනාගේම සහාය ලබාදීමේ වැදගත්කම පෙන්වාදුණි.
ඉන්පසු සියළු දෙනාට ආශිර්වාද කරමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාවක් පැවැත්විණි.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
2025 වසරේ අවසන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2025.12.17 දින සවස මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ වගා කටයුතු සදහා පොහොර බෙදා හැරීම පිළිබදව සාකච්ඡා වූ අතර අවශ්‍ය කරන පරිදි පොහොර පවතින බවත් පෙහොර අලෙවි කිරීමේදී මළුවල සදහන් මිළට අලෙවි කලයුතු බවත් පෙන්වාදුණි.
මුං ඇට ව්‍යාපෘතිය,වී වගාව,පලතුරු වගාව,බීජ හා රෝපණ ද්‍රව්‍ය, වාරි මාර්ග,ගොවිජන සේවා,අපනයන කෘෂි බෝග වැඩසටහන්,පොල් වගාව,සත්ව පාල,කෘෂි රක්ෂණ,තල් වගාව, කෘෂි තාක්ෂණ ආයතන,වී මිල දී ගැනීම,ජල ජීවී වගා කටයුතු,වන සංරක්ෂණ,වන ජීවී කටයුතු,ඉඩම්, පරිසර,ඇතුළු වැඩ සටහන් රාශියක කටයුතු පිළිබදව මෙම කමිටුවේදි සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ යන මහත්මීන්ද දිස්ත්‍රික්කයේ ප්රාදේශීය ලේකම්වරු ආයතන ප්‍රධානීන් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි විය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට)
2025 වසරේ අවසාන හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.12.17 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පළමුව පසුගිය දිනවල පැවැති ආපදා තත්වයෙන් දිවි අහිමි වූ ජනතාව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති ලෙස කටයුතු කළ අභාවයට පත් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා සිහිපත් කෙරිණි.
අනතුරුව පසුගිය කමිටුවේ යෝජනාවල ප්‍රගතිය විමසා බැලීම ගරු සභාපතිතුමන් විසින් සිදු කරමින් කියා සිටියේ පාසැල් දන්ත චිකිත්සාගාරයක් මිරිජ්ජවිල විදුහලේ ඉදිකිරීමට කටයුතු කර ඇති බැවින් ඒ සදහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සොයා බලා කටයුතු කරන ලෙසයි.එසේම දැනට ඉදිකිරීම් නතරවී ඇති පාලම් සහ බෝක්කු ඉක්මනින් ඉදිකිරීම් කරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය ඉදිරිපත් කරමින් දැනට ව්‍යාපෘති 49ක වැඩ අවසන් බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන පළමු අදියර යටතේ ව්‍යාපෘති 28ක්ද දෙවන අදියර යටතේ ව්‍යාපෘති 33ක්ද නිල සෙවන,ග්‍රාමීය සංවර්ධන වැඩ,ක්‍රීඩා පිටි සංවර්ධන,සෞඛ්‍ය,කෘෂිකර්ම,වාරිමාර්ග,වනසංරක්ෂණ,ප්‍රවාහන, ඇතුළු විෂයන් රාශියක ප්‍රගතිය දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂතුමන් විසින් ඉදිරිපත් කෙරිණි.
දකුණු පළාත් ප්රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතාද මෙහිදී සභාව අමතමින් තමන් ප්‍රධාන ලේකම් වරයා ලෙස සහභාගීවන අවසන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙය බවත් අදින් පසුව විශ්‍රාම ගන්නා බැවින් තමන්ට ප්‍රධාන ලේකම්වරයා ලෙස රාජකාරි ඉටුකිරීමේදී ලබා දුන් සහායට සියළු දෙනාටම ස්තුති කරන බවද පැවසීය.
මෙම අවස්ථාව සදහා පළාත් පාලන හා පළාත් සභා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්,ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අතුල වෙළදගොඩ,වෛද්‍ය සදරුවන් මදරසිංහ,දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුද දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට)
'දිට්වා' සුළි කුණාටුවෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම හා විපතට මුහුණ දුන් ජනතාවට ආශිර්වාද කිරීමේ සර්ව ආගමික වැඩසටහනක් මාලම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ බුදුමැදුර අසලදී පැවැත්විණි.හම්බන්තොට දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව හම්බන්තොට ප්‍රා දේශීය ලේකම් කාර්යාලය විසින් මෙය සංවිධානය කෙරිණි.
පලමුව මියගිය පිරිස සිහිකිරීම සදහා විනාඩියක නිහඩියාවක් පවත්වා මතක වස්ත්‍ර පූජාවක් පවත්වා පැන්වඩා පරිස්කාර පූජාවක්ද සිදු කර පිංඅනුමෝදන් කිරීම සිදු කෙරිණි.අනතුරුව හින්දු,කතෝලික,ස්ලාම් ආගමික වතාවත් ඉටුකෙරිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති නිහාල් ගලප්පත්ති, හම්බන්තොට මහ නගර සභාවේ ගරු නගරාධිපති ඩී.ඒ.ගාමිණි,යන මහත්වරුද අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා( ඉඩම්) ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්රාදේශීය ලේකම්තුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
හම්බන්තොට නව අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ලෙස ජේ.ඒ.තුෂාරි තෙරේෂා මහත්මිය 2026.02.03 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී වැඩ භාර ගත්තාය.
හ/තංගල්ල බාලිකා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ එතුමිය රාජ්‍ය පරිපාලනය පිළිබද ඩිප්ලෝමාවක්ද 2005 වසරේදී රුහුණු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා 2022 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබද ශාස්ත්‍රපති උපාධියද ලැබුවාය.
2011 වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුලත්ව වැල්ලවාය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජකාරි කටයුතු ආරම්භ කර පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්තපුර නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් සබරගමුව පළාත් සභාවේ සහකාර ලේකම් ලෙසත් වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමෙන් පසුව මෙම නව තනතුරට පත්විය.
හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ලෙස කටයුතු කළ චන්දන රත්නායක මහතා ස්ථාන මාරුවී යාම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරටයි එතුමිය පත්වූයේ.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට )
කෘෂි ව්‍යවසායක අවුරුදු පොළ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි
==========================================
කෘෂි ව්‍යවසායක අවුරුදු පොළ හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානතවයෙන් හම්බන්තොට පරිපාලන සකීර්ණයේ දී ඊයේ (11) දින පැවැත්විණි.
මෙහි දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඇතුළත් අළෙවි කුටි රැසක් දක්නට ලැබුණු අතර පළතුරු, විවිධ පැළ වර්ග, කෘෂිකාර්මික නිෂ්පාදන රැසක් මිල දී ගැනීමට අවස්ථාව සලසා දෙන ලදි.
මෙම අවුරුදු පොළට සමගාමීව අවුරුදු නැකතට පැළයක් හෙළ සිරිතට පණ පොවන්න "සරු පැළයක් වැඩි අස්වැන්නක්" ජංගම අලෙවි ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.
අප්‍රේල් 18 දින පෙ.ව. 10.16 යෙදෙන සුබ නැකතට නැගෙනහිර දිශාව බලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ නිෂ්පාදිත වටිනා පළතුරු පැළයක් සිටුවීම සඳහා අවශ්‍ය පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලකට ගොස් මිලදී ගත හැකි ය. (තොරතුරු, අලෙවි ප්‍රවර්ධන අංශය, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ) කාර්යාලය, බටඅත, හුංගම, 0472226004)
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (පළාත්) කාර්යාලය, බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය එක්ව මෙම අලෙවි පොළ සංවිධානය කරන ලදි.

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එලිදැක්වීමේ ජාතික වැඩසටහන
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (09) දින පැවති දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ ජාතික උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ විය. ඒ හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන හෙයින් එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලෙස සකස් කිරීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබුණි.
දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතන මට්ටමින් අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පිහිටුවීමට නියමිත ය.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී, අධ්‍යක්ෂ (සැලසුම්) ඇතුළු හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

හම්බන්තොට දිස්ත්‍රික් රැකියා පොළ වැඩසටහනේ දී දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා
==========================================
ශ‍්‍රම වෙළෙඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ජාතික සංවර්ධනයට දායකකිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා වූ රැකියා පොළ හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මඟින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහි දී සිදු කරන ලදි.
වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වූ බැවින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමුවීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වූ අතර වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.
මේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් එම්.කේ.ඒ.අංජලා අමාලි මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන්, දේශීය රැකියා සපයන ආයතන හා පුහුණු ආයතන 30 ට අධික ප්‍රමාණයක් සහ හම්බන්තේට දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් 350 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
කම්කරු අමාත්‍යංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව සහ හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම රැකියාපොළ සංවිධානය කරන ලදි.


“සරු යලක් - සරු හෙටක්“ ජාතික වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුණාත්මක බීජ වී සුලබතාවය වෙනුවෙන් 2kg ලියාපදිංචි බීජ (ස්වයං බීජ නිෂ්පාදන) ඇසුරුම් 10,000 ක්
==========================================
වී වගාවේ අස්වැන්න 20% කින් පමණ වැඩි කිරීම සඳහා ගුණාත්මක බීජ භාවිතයට ගොවි ප්‍රජාව උනන්දු කිරීම අරමුණුකර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ බටඅත නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ) කාර්යාලය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්තර් පළාත්, පළාත් ව්‍යාප්ති හා මහවැලි බල ප්‍රදේශවල ගොවීන් සඳහා 2kg ලියාපදිංචි පන්තියේ බීජ ඇසුරුම් 10,000 ට වැඩි ප්‍රමාණයක් බෙදා හැරීමට කෘෂි ව්‍යාප්ති අංශය සමඟ එකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.
නව ආකර්ෂණීය ඇසුරුමක් ලෙස සකස් කරන ලද පළමු ඇසුරුම හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (26) දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමේ දී එම කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා වෙත පිළිගැන්වීම සිදු කරන ලදි. මේ සඳහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ මහත්මිය සහභාගි වී සිටියහ.
මෙම 2kg ලියාපදිංචි බීජ ඇසුරුම් භාවිතයෙන් සහතික බීජ සඳහා වැය වන අධික යෙදවුම් මුදලින් අඩු ආදායම්ලාභී ගොවි ප්‍රජාව සුරක්ෂිත වන අතර නාඩු බීජ වී ඇසුරුමක් 500/=, සම්බා 520/= හා කීරි සම්බා (Bg 360) 540/= ලෙස සහනදායී මුදලකට මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති වැඩසටහන් යටතේ 50% ක සහන ක්‍රමයට ද බෙදා හැරීමට කටයුතු සැලසුම් කර ඇති බව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්ත වීරසූරිය මහතා පැවසී ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාවේ වල් වී පැතිරීම වලකාලමින් අස්වැන්න 20% න් වැඩි කිරීමත්, වී වගාව සඳහා වන මූලික වියදම් පහළ හෙලීමත්, අවසන් වශයෙන් වී මිල පහත හෙළමින් පාරිභෝගික ජනතාව වෙත අවම මිලකට ගුණාත්මක සහල් ලබාදීමේ වත්මන් රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ප්‍රයෝගික ලෙස ක්‍රියාත්මක කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණකි.

හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිබෙන ගල්කොරිවල බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කෙරේ
==========================================
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, පාර්ලිමේනතු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ දැනට ගල් කොරි 05 ක් පවත්වාගෙන යන අතර ඒවායින් මේ වන විට බලපත්‍ර කාල සීමාව තවදුරටත් පවතින්නේ ගල් කොරි 02 කට පමණක් බව මෙහි දී අනාවරණය විය. එම ගල් කොරිවල බලපත්‍ර කාල සීමාව 2025 ජූලි මාසයෙන් අවසන් වීමට නියමිත අතර ඉන් පසු වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිබෙන කිසිඳු ගල් කොරියක බලපත්‍ර අලුත් කිරීම නොකළ යුතු බවත් කමිටුව තීරණය කරන ලදි.
පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය විමසා බැලීම, 2025 වර්ෂයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කිරීම, දකුණු පළාත් සභාව මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම, ගල් කොරි පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීම, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම ද සිදු කරන ලදි.
මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාළන ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද සෙනරත් විතාරණ මහතා හා අතුල වෙළඳගොඩ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්රධාන ලේකම් දිලේකා සහබන්දු මහත්මිය, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් චන්දන රත්නායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ක්රම සම්පාදන අධ්‍යක්ෂ එච්.එබ්.එස්.තිලකරත්න මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල නියෝජනය කරමින් එහි ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.


හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්
==========================================
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, පළාත් සභා හා පළාත් පාළන ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වණි.
මෙහි දී 2025 වර්ෂයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කිරීම, 2025 විමධ්‍යගත අයවැය වැඩසටහන පිළිබඳව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගතිය, පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පැනනැගුණු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව, දකුණු පළාත් සභාව මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුම්දීම හා ඒවාට අනුමැතිය ලබා ගැනීම, කිරින්ද වෙරළ ආශ්‍රිතව පවතින අනවසර ඉදිකිරීම් පිළිබඳව, සූරියවැව බස් නැවතුම් පොළේ පොදු වැසිකිලි පද්ධතිය සූරියවැව ප්‍රාදේශිය සභාව වෙත පවරා ගැනීම පිළිබඳව සහ වෙනත් ගැටළු හා යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් විතාරණ මහතා, සාලිය සඳරුවන් මදරසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන් මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්රධාන ලේකම් දිලේකා සහබන්දු මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික් ක්රම සම්පාදන අධ්‍යක්ෂ එච්.එබ්.එස්.තිලකරත්න මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල නියෝජනය කරමින් එහි ප්‍රධානින්, සෞඛ්‍ය අංශ, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.


හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටුව රැස්වෙයි මූල්‍ය විනය පවත්වාගෙන යාමට තීන්දු තීරණ රැසක්
--------------------------------------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ අද (19) දින පැවැත්විණි.
මෙහි දී පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ප්‍රදේශයට ගැලපෙන බව, අවශ්‍ය සංවර්ධන ඉලක්ක කරා යා හැකි බව, ප්‍රමාණවත් අධීක්ෂණය හා පසුවිපරම ආදිය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වඩා වැදගත් බව මෙහි දී අවධාරණය කරන ලදි. එමෙන් ම ප්‍රසම්පාදන සංග්‍රහයට අනුව ප්‍රසම්පාදන කටයුතු නිසි පරිදි ඉටු කිරීම අත්‍යවශ්‍ය බවත්, මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා අවමකර ගනිමින් යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වාගත යුතු බවත් අවධාරණය කෙරිණි.
මේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් චන්දන රත්නායක මහතා, සහකාර විගණකාධිපති එම්.වී.ජී.ලක්මාලි මහත්මිය, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.එන්.ඒ.ආර්.සුබසිංහ මහතා (සූම් තාක්ෂණය ඔස්සේ), ප්‍රධාන ගණකාධිකාරි ජානක මහතා, විගණන අධිකාරී ඒ.ආර්.වික්‍රමනායක මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක ජානකී කොඩිකාර මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටුව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය අභ්‍යන්තර විගණන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.

Face to face - Meet the Minister වැඩසටහනේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් මුහුණදෙන ගැටළු ඍජුව අමාත්‍යවරයාට යොමු කෙරේ
===========================================
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් මුහුණදෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ Face to face - Meet the Minister වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට - රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයේ දී පසුගියදා පැවැත්විණි.
මෙහි දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව හා ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු වන විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කළ අතර ඉදිරියේ දී ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට නියමිත ය.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු නියෝජය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, අමාත්‍යාංශය නියෝජනය කරන සියලුම ආයතනවල ප්‍රධානීන් සහ දිස්තික්කයේ සහ පළාත් සභාවේ අදාළ කර්මාන්ත සඳහා සහාය දක්වන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


“අලුත් ඉඩක් - පහසු දිවියක්“ ප්‍රජා සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 18000 ක් සවිබල ගැන්වීට පියවර
===========================================
“අලුත් ඉඩක් - පහසු දිවියක්“ තේමාව යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන ප්‍රජා සවි බල ගැන්වීමේ වැඩසටහනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 18,000 ක් සවිබල ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳව හම්බන්තොට දිස්ත්රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.
2025 - 2029 වර්ෂ තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන මගින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 ක් හා අස්වැසුම නොලබන පවුල් ලක්ෂ 05 ක් වශයෙන් දිවයිනේ පවුල් ලක්ෂ 20 ක් සවිබල ගැන්වීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී කොට්ඨාස 576 ක පවුල් 18000 ක් සවිබල ගැන්වීට සැලසුම්කර තිබේ.
මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළව අඩු ආදායම්ලාභී පවුල් තෝරා ගැනීම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම මෙහි දී සිදු කරන ලදි.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිලවා මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදු කරන ලද අතර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රාධා නානායක්කාර මහත්මිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ පැහැදිලි කරන ලදි.
අනතුරුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සභාව ඇමතී ය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) මහේෂ් පෙරේරා මහතා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදි.
ඒ අනුව අංශ කිහිපයක් යටතේ අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 360 දෙනෙක් සිටින අතර එක් නිලධාරියෙකුට නිශ්චිත කාලයක් තුළ අස්වැසුම ආධාර ලබන පවුල් 38 ක් සහ අස්වැසුම ආධාර නොලබන පවුල් 12 ක් වශයෙන් පවුල් 50 ක් තෝරාගෙන මූලික අදියර යටතේ සවිබල ගැන්වීමට නියමිත ය.
මේ අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් ප්‍රභා සෙනරත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුළ වෙළඳගොඩ මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් චන්දන රත්නායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ශාන්ති අලුත්ගේ මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, සැලසුම් අධ්‍යක්ෂවරු හා සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ උපදෙස් පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.


හම්බන්තොට රාජ්‍ය නොවන සංවිධාන පිළිබද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය 29 වැනිදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මේ සදහා දැනට දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරිව කටයුතු සිදු කරනු ලබන සංවිධාන වල ප්‍රධාන නිලධාරීන් පැමිණ සිටි අතර මෙම වසරේදි ඔවුන් විසින් සිදු කළ හා ඉදිරියේදි සිදු කිරීමට නියමිත වැඩ සටහන් හා ඒවායේ ප්‍රගතිය ඉදිරිපත් කෙරිණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන සේවාවන් ඉටු කරනු ලබන රාජ්‍ය ආයතනවල තෝරාගත් නිලධාරීන් සදහා සංඥා භාෂා පුහුණු පාඨමාලාවක් පවත්වන ලෙසත් ඒ පිලිබද සැලසුම් සකස් කර ඊට අවශ්‍ය ප්‍රතිපාදනද ලබා දෙන ලෙස තංගල්ල නවජීවන ආයතනයට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් දැනුම් දුන්නේය.වර්තමානයේ බොහෝ රාජ්‍ය ආයතන වලට කථන අපහසුතා පවතින ජනතාව පැමිණි පසුව ඔවුන් ගමන්ගේ රාජකාරි ඉටු කර ගැනීමේදි විවිධ අපසුතාවලට පත්වන බවත් එයට හොදම විසදුම වන්නේ එම රාජ්‍ය ආයතනයේම නිලධාරියෙකු පුහුණු කර ඒ සදහා යෙදවීම බවත් එතුමා පෙන්වා දුන්නේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්රික් ලේකම්තුමා මෙසේ පැවසීය.“රාජ්‍ය නොවන සංවිධාන වැඩ කරන්න ඕන.තම ආයතන වැඩ කරන බව දැනෙන්න ඕන.ඒ වැඩ කරන බව දැනෙනවානම් ජනතාව ප්‍රතිචාර දක්වනවා.ජනතාවට දැනෙන ලෙස වැඩ කිරීමයි අවශ්‍ය වන්නේ.සමහර අය රාජ්‍ය නොවන සංවිධාන එක සීමාවකට නොයා යුතුයි.වෘත්තීය පුහුණුව ලබා දෙන සංවිධාන පුහුණුවෙන් පසුව ඒ පුහුණුව ලැබූ පිරිස ගැන පසු විපරමක් කළයුතුයි.ඒ අය ගැන විමසීම් කර සොයා බැලීමෙන් නිසි යොමු කිරීමක් කර හොද ව්‍යවසායකයෙක් බවට පත් තරන්න පුළුවන්.සෑම ආයතනයක්ම ලබන වසරට හොද සැලසුම් සකස් කරන්න.”යැයි කීය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් ම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි,නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂිකා සුජීවා කුමුදුනී, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී නිරෝෂා දමයන්ති යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබදව අධීක්ෂණ සහකාර තේරීම්භාර නිලධාරීන් හා සහායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.10.29 දින සවස පැවැත්විණි.
මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට දිස්ත්රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ජානක අමරත්න,සහකාර මැතිවරණ කොමසාරිස් වී.ඩී.ජේ.ලක්මාල් යන මහත්වරුන් සහභාගී විය.
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30, නොවැම්බර් 01,හා 04 යන දින වලදී පැවැත්වේ.ඔක්තෝබර්30 සහ නොවැම්බර් 04 වන දින දිස්ත්රික් ලේකම් කාර්යාලය,මැතිවරණ කාර්යාලය,පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල,විශේෂ කාර්ය බලකා කදවුරු වලද අනෙකුත් සියළු රාජ්‍ය ආයතන වල නොවැම්බර් 01 සහ 04 යන දින වලදි සිදු කිරීමට කටයුතු යොදා ඇත.
දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 221 කි.මෙහි සහතික කිරීමේ නිලධාරීන් 241 ක් යෙදවීමට කටයුතු කර ඇත. නිරීක්ෂණ කටයුතු සදහා සහකාර තේරීම්භාර නිලධාරීන් 40ක් සහ අධීක්ෂණ සහායක නිලධාරීන් 78ක් යොදවා ඇත.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )


හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කරන ලද මුං ඇට අස්වැන්න සාධාරණ මිළකට අලෙවි කර ගැනීම පිලිබද සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
2024.10.24 දින පෙරවරුවේ පැවැති මෙම සාකච්ඡාව දිස්ත්රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් කෘෂි කර්ම අංශය විසින් සංවිධානය කෙරිණි.
මේ සදහා පැමිණ සිටි ගොවි සංවිධාන නියෝජිතයින් විසින් වර්තමානයේදී මුං ඇට වගාව ඉපනැල්ලේ සිදුකර අස්වැන්න ලැබී තිබුණද ඒ සදහා නිසි වෙළද පොළක් නොමැති බවට ආණ්ඩුකාරතුමාට සහ දිස්ත්‍රික් ලේකම්තුමාට කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ සදහා රජය මැදිහත්වී මේ අස්වැන්න මිළදී ගෙන තමන්ට සාධාරණ මුදලක් ගෙවන ලෙසත් එය පාරිබෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කරන ලෙසත් ඉල්ලා සිටියහ.හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 8290ක මුං වගාව සිදු කර ඇත.ඒ තුලින් මෙට්ට්‍රික් ටොන් 4000ක අස්වැන්නක් බලා පොරෙත්තු වන බව මේ ලැබෙන අස්වැන්න ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ගබඩා කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නේ නම් ඉතා වැදගත් බව මෙහිදී පැහැදිලි කෙරිණි.
මෙහිදි අදහස් දක්වමින් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.“මම කාගිල්ස් ආයතනයත් සමග සාකච්ඡා කළා ඒ අය නිෂ්පාදනය කරන සියළු මුං ඇට මිළදී ගන්න කැමැති උනා.ගොවීන් ඉතා හොදින් නිසි ප්‍රමිතියෙන් යුතුව ඒ මුං ඇට අස්වැන්න සකස් කරන්න ඕන.රජය මැදිහත් වෙලා මිළදී ගැනිමේ වැඩ සටහනක් සකස් කරන්නත් බෙදා හරින්නත් අවශ්‍ය යෝජනා අපි භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනවා.ඒ සදහාවු මුදල් දිස්ත්‍රික් ලේකම්තුමා වෙත ලබා දීම තමයි සිදු කරන්නේ.එතුමා ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ කටයුතු සිදු කරවි.එය මම රජයට ඉදිරිපත් කරනවා”කීය.
මෙහිදි දිස්ත්රික් ලේකම්තුමා කියා සිටියේ අපිට අවශ්‍ය ගොවීන්ට තමන්ගේ අස්වැන්නට හොද මිළක් ලබා දෙන්න.ඒ සදහා ආයතන සමග සාකච්ඡා කරනවා.මෙ සදහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩ සටහනක් සකස් කළ යුතුයි.අපි නිලධාරීන් ලෙස ඒ සැලසුම් සකස්කර ගොවීන්ට දියයුතුයි.මෙහි හැම ශතයක්ම ගොවීන්ට යායුතුයි.දැනට තිබෙන මුං අස්වැන්න විකුණා ගැනීමට ආණ්ඩුකාරතුමා මුල්වී තියෙනවා.යැයි එතුමා වැඩිදුරටත් පෙන්වා දුණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් ම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ,සහකාර ගොවිජනසේවා කොමසාරිස් පුබුදු රාමනායක,යන මහත්ම මහත්මීන් තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර,සූරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )

හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා සෙත් පිරිත් ආශිර්වාද මැද අද 2024.10.17 දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් රාජකාරි ආරම්භ කෙරිණි.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලෙන් අධ්‍යාපනය ලබා රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධියක් ලබා ගන්නා මෙතුමා කැළණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලැබීය.ගුරුවරයෙකු ලෙස රාජ්ය සේවයට එක්වෙන බිමල් මහතා සූරියවැව හ/වීරියගම විදුහලෙන් රාජකාරි ආරම්භ කෙරිණි.
එලෙස කටයුතු කරමින් සිටින විට 1998 දි රාජ්‍ය පරිපාලන සේවයට එක්ව එහි පුහුණුව නිම කරන එතුමා හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සහකාර කොමසාරිස් ලෙස පත්වීම් ලැබීය.පසුව මාතර මැතිවරණ කාර්යාලයේ ජේෂ්ඨ සහකාර කොමසාරිස් ලෙසත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසත් කටයුතු කළේය.එහිදි රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වෙන බිමල් ඉන්ද්‍රජිත් මහතා කොළඹ දිස්ත්‍රික්කයේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස රාජකාරි සිදුකර 2014 වසරේදී දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්රධාන ලේකම් තනතුරට පත්විය.අනතුරුව දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු සංස්කෘතික හා කලා කටයුතු , කාන්තා කටයුතු,නිවාස හා ඉදිකිරීම්,ගෘහ ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්ව අද නව තනතුරේ වැඩභාර ගන්නා තෙක්ම එහි රාජකාරි කෙරිණි.
නව දිස්ත්‍රික් ලේකම්තුමා වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් ම් (පාලන) එම්.කේ.ඒ.අංජලා අමාලි, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක,ප්‍රධාන ගණකාධිකාරී ජානක අමරත්න,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂිකා ශාන්ති අලුත්ගේ,වැඩබලන සහකාර දිස්ත්රික් ලේකම් හා හම්බන්තොට සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන්.ඉන්දික,සහකාර මැතිවරණ කොමසාරිස් වී.ඩී.ජේ.ලක්මාල්, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )







මාගම්පුර සූර්ය මංගල්‍යය - 2024
මාගම්පුර සූර්ය මංගල්‍යය අප්‍රේල් 14 දින දවස පුරාම තිස්සමහාරාම වීරවිල NLDB ගොවිපොළ භූමියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
දෙරණ මාධ්‍ය ජාලය,කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලය,තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගුවන් හමුදාව ඇතුව රාජ්‍ය ආයතන රැසක් එක්ව සංවිධානය කරනු ලබන මෙහි සම්පූර්ණ මාධ්‍ය අනුග්‍රහය TV දෙරණ සිදු කරනු ලබයි.
මෙහි සංවිධාන කටයුතු හා ඉදිරි සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2024.03.07 දින පැවැත්විණි.
අප්‍රේල් 14 දින උදේ 6.30ට ගම හරහා දිවීමේ තරගයෙන් ආරම්භ වන මෙහි කාන්තා පිරිමි පා පැදි තරග,කඹ ඇදීම,කොට්ටා පොරය,ලිස්සන ගහේ යෑම,කණා මුට්ටිය බිදීම,බාදක දිවීම,රබන් ගැසීම,පිහිනුම් තරග,තේ යාරය,ඔරු පැදීම,ගෝනි රේස්,බනිස් කැම,අලියාට ඇස තැබීම,මාගම්පුර අවුරුදු කුමරිය තේරීම ඇතුළු තරග රැසක් පැවැත්වීමට කටයුතු සකස් කර ඇති බව සංවිධායක මණ්ඩලය මෙහිදී පැවසීය.
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම සූර්ය මංගල්‍ය සදහා පුද්ගලික ආයතනද අනුග්‍රහය දක්වන බවත් මෙහි පැවැත්වෙන තරග සදහා අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව උදා කර දී ඇති බැවින් තිස්සමහාරාම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙන් එම අයදුම් පත් ලබා ගන්නා ලෙස තරග සදහා ඉදිරිපත් වෙන අයගෙන් ඉල්ලා සිටින බව ඇමති මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළේය.
එදින(14) මහා සංගීත රාත්‍රියක් පැවැත්වෙන අතර දෙරණ Dream star ජයග්‍රාකයින් සහ ජනකාන්ත ගායක ගායිකාවන් රැසක් සහභාගිවීමට නියමිතය.සහභාගිවන සැමට අත පිරෙන්න හිත පිරෙන්න වටිනා ත්‍යාග, සහතිකපත්ද ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.
මෙම සාකච්ඡාව සදහා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර,අතිරේක දිස්ත්රික් ලේකම් හා තිස්සමහාරාම වැඩ බලන ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක,ලුණුගම්වෙහෙර සහකාර ප්රාදේශීය ලේකම් ඉරේෂා චතුරංගනී ගමගේ, දෙරණ මාධ්‍ය ආයතනයේ සාමාන්‍යාධිකාරී සමන් රත්නායක,වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ,මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එච්.කේ.තිලක රත්න යන මහත්ම මහත්මීන් ද පොලීසිය ආරක්ෂක අංශ,දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිවිය.
(දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද්)


හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ දකුණු පලාත් ආණ්ඩුකාරවර විලියම් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2024.02.02 දින පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර,නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ,විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක,දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ,දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර,ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල්,තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිශාන්ත පතිරාජ යන මහත්වරුද ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සම්බන්ධවූ අතර තවත් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ එක්විය.
මෙහිදී 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් වු කරුණු.පළාත් සභා සංවර්ධන වැඩසටහන්,දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික කටයුතු,තල් සංවර්ධන මණ්ඩලයට අදාළ ගැටළු,කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන්,පාරිබෝගික සේවා අධිකාරිය,දිස්ත්‍රික් කිරුම් මිණුම් හා ප්‍රමිති සේවා අංශය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එක්ව ඒකාබද්ධව ක්‍රියාත්මක වැඩසටහන,අධ්‍යාපන,කර්මාන්ත,වී මිලදී ගැනීම,අලි වැට ගැසීම,පාරම් පරික මැටි කර්මාන්ත කරුවන්ගේ ගැටළු ඇතුළු කරුණු රාශියක් පිළිබදව සාකච්ඡා විය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )


2024 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පලමු කෘෂි කර්ම කමිටු රැස්වීම 2024.01.30 .....
2024 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පලමු කෘෂි කර්ම කමිටු රැස්වීම 2024.01.30 දින දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් බොහෝ පිරිසක් මේ සදහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්රික් ලේකම්තුමා මෙසේ පැවසීය.“කෘෂි කර්ම කමිටුවේ සාකච්ඡා වෙන විශේෂ කරුණු පිලිබදව අවධානය යොමු කරමින් ඒවා අදාල ආයතන වෙත දැනුම් දී පසු විපරම් කිරීමට අදාළ ආයතන පියවර ගත යුතුයි.අපි නව්‍යකරණය ගැන කතා කරනවා නමුත් තවම පරණ ක්‍රමයටම තමයි වගා කටයුතු සිදු කරන්නේ.වාර්තා හදනවා ඒවා ලිපිගොනු වලට පමණක් සිමා වෙනවා.අපේ වැඩි මිලක් යන්නේ බීජ නිෂ්පාදනය සදහා ඒ බීජත් රටින් ගේනවා.නියාමනය කරන්න හොද වැඩසටහනක් කෘෂි කර්මයෙන් සකස් කරන්න. හොද බීජ ටිකක් මිනිසුන්ට ගෙනවිත් දෙන්න.හොද අස්වැන්නක් තියෙනවා නම් මිලක් තියෙනවා නම් ගොවීන් වගා කරනවා.රජය කළයුත්තේ නියාමනයයි.” පෙන්වා දුණි.
කෘෂි රසායනික ද්‍රව්‍ය විකිනීමේදි මින් ඉදිරියට බලපත්‍ර ලාභියා පැය 200 පුහුණුව සම්පූර්ණ කර තිබිය යුතු බවත් පුහුණු සහතිකය සමග අදාල බලපත්‍ර ලාභියාගේ ඡායා රූපයද සමග සහතිකය වෙළද සැලේ ප්‍රදර්ශනය කළ යුතු බවත් ව්‍යාපාර නාම ලියා පදිංචිය සිදු කිරීමේ දි මේ පිළිබදව අවධානය යොමු කර කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුණි.
ගොවීන් විසින් බීජ ලබා ගතයුතු ස්ථාන,තෙල් හා පොහොර ලබා ගතයුතු ස්ථාන,එහිදි අනුගමනය කළයුතු ක්‍රමවේද ඇතුලත් මගපෙන්වීමේ වැඩ සටහනක් සකස් කරන ලෙසත් එය ඊලග කෘෂි කර්ම කමිටුවට පෙර ඉදිරිපත් කරන ලෙසත් කෘෂි කර්ම අංශයට උපදෙස් ලබා දුන්නේය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන,2023/24 මහ කන්නයේ වගා ඉලක්ක,දේශගුණ සුහුරු ව්‍යාපෘති වැඩසටහන, වාරි මාර්ග,ගොවිජන සේවා,අපනයන කෘෂි බෝග වැඩසටහන්,පොල් වගාව,සත්ව පාලනය හා තෘණ භූමි,කෘෂි රක්ෂණ,තල් වගාව,වැලිගත්ත කෘෂි තාක්ෂණ ආයතනය,වී මිල දී ගැනීම,ජල ජීවී වගා කටයුතු,වන සංරක්ෂණ,වන ජීවී කටයුතු,ඉඩම්, පරිසර,ඇතුළු වැඩ සටහන් රාශියක කටයුතු පිළිබදව මෙම කමිටුවේදි සාකච්ඡා කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )



හම්බන්තොට පරිපාලන සංකීර්ණය තුළ නව හෙළ බොජුන්හල ආරම්භ කිරීම......
මාගම් රුහුණුපුර පරිපාලන සංකීරණයේදී 2024.01.01 දින පෙරවරුවේදි හෙළ බොජුන් හලක් දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.ක්ෂේත්‍ර නිලධාරීන් විසින් දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙය සිදු විය.
පාන් පිටි සහිත තෙල් බහුල ආහාර වර්ග වෙනුවට දේශීය ආහාර පාන වර්ග සහිත මෙම වෙළද සැල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යයි.පරිපාලන සංකීර්ණයට පැමිණෙන ඕනෑම අයෙකුට මෙම රාජකාරි දිනවලදී සහනදායී මුදලකට හොද ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සංවිධායක මණ්ඩලය පවසති.
මෙය විවෘත කිරීමේ අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් ) චන්දන රත්නායක,දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්යක්ෂ එම්.බී.චන්ද්ර නිමල්, ප්‍රධාන අභ්‍යන්තර විගනක ජානක සමරරත්න,ප්‍රධාන ගණකාධිකාරී (වැ.බ.) ඩබ්ලිව්.එල්.ගීතිකා යන මහත්ම මහත්මීන් ඇතුළු පරිපාන සංකීරණයේ ආයතන ප්‍රධානීන් පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
හම්බන්තොට පරිපාලන සංකීර්ණය තුළ නව හෙළ බොජුන්හල ආරම්භ කිරීම සදහා එක්වෙමින්...


චීන භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දූත පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරයක
චීන - ශ්‍රීලංකා බෞද්ධ හා සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් චීන භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දූත පිරිසක් 2023.06.10 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
මෙහි දී එම පිරිස හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හමුවී දෙරට අතර සංස්කෘතික හා බෞද්ධ කටයුතු පහසු කිරීම සදහා සංස්කෘතික මධ්‍යස්ථානයක් හම්බන්තොට ආරම්භ කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණි.මේ සදහා වූ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ප්‍රදේශයේ ජනතාවට සිදු කල හැකි සේවාවන් පිලිබඳව අදියර කිහිපයක් යටතේ කටයුතු කිරීමට නියමිතය.
සාකච්ඡාවෙන් අනතුරුව එම පිරිස ප්‍රදේශයේ සංචාරයක නිරත විය.මේ සදහා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකම් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද එක්විය.මෙම සංචාරය සිහිපත් වීම සදහා සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය -හම්බන්තොට - එච්.බි.ජනක ප්‍රසාද් )





ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Eric Walsh මහතා හම්බන්තොට සංචාරයක
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Eric Walsh මහතා 2023.05.10 දින හම්බන්තොට සංචාරයක නිරතවිය.එහිදී මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයට පැමිණි ඒ මහතා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා විසින් පිළිගනු ලැබිණි. අනතුරුව දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු සමග දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
මෙහිදී දිස්ත්රික් ලේකම්තුමා විසින් දිස්ත්‍රික්කයේ සිදුව ඇති සංවර්ධන ව්‍යාපෘති,සංචාරක කර්මාන්තය,කෘෂිකර්මාන්තය,සත්ව පාලනය.කිරි නිෂ්පාදනය ඇතුළු කරුණු රාශියක් පිළිබදව දැනුවත් කෙරිණි. අනතුරුව මහ කොමසාරිස්තුමාගේ මෙම සංචාරය සිහිපත් වීම සදහා සමරු තිළිණයක්ද පිරිනැමීමක් සිදුවිය.දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සමරු පොතේ සටහනක් තැබීමටද මෙහිදී කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම්තුමන්ලා,දිස්ත්‍රික් ක්රම සම්පාදන අධ්‍යක්ෂතුමා,ප්‍රධාන ගණකාධිකාරීතුමා,ප්‍රධන අභ්‍යන්තර විගණකතුමා,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය,සහකාර දිස්ත්‍රික් ලේකම්තුමියද එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )






උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීම උදෙසා උපකරණ ප්‍රධානය
උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීම - උපකරණ ප්රධානය හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාලවලට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීමේ වැඩ සටහනක් ලෙස ඔවුන් සමග පැමිණ අදාළ සේවාව අවසන්වන තෙක් රැදී සිටින එම පිරිස්වල දරුවන්ගේ දැනුම විනෝදය සදහා අවශ්ය උපකරණ ප්‍රධානය කිරීමක් පසුගියදා සිදු කෙරිණි.
එම උපකරණ දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා වෙත ප්‍රධානය කිරීම මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් නිල කාමරයේ දී සිදු විය. මෙම පරිත්‍යාගය සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථයේ කාන්තා හිංසනය පිටු දැකීම පිළිබද ව්‍යාපෘතිය මගින් සිදු කෙරිණි.
මේ අස්ථාව සදහා සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ රුවන් සත්‍ය වර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී නිරෝෂා දමයන්ති මහත්මිය,කාන්තා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු කිහිපදෙනෙකු එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )




හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ක්‍රිකට් කණ්ඩායම සදහා අවශ්‍ය ක්රීඩා උපකරණ ප්රධානය
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ක්‍රිකට් කණ්ඩායම සදහා අවශ්‍ය ක්රීඩා උපකරණ ප්‍රධානය කිරීමක් 2023.05.11 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදු කෙරිණි.
අදාළ උපකරණ දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා වෙත ප්‍රධානය කිරීම දිස්ත්‍රික් ලේකම් නිල කාමරයේ දී සිදු විය.ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික දිනිත් අබේදීර මහතාගේ ඉල්ලීමකට අනුව සවුත් ඒෂියා ඇපරල් ආයතනයේ කළමනාකාර නිරෝෂන් නානායක්කාර මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කළේය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කේ.පී.ජී.සුමිත් ශාන්ත, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )




කාෂිකර්ම අමාත්‍යාංශය සහ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ 2023 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සංවර්ධන කටයුතු හා සේවාවන් පිළිබඳ විශේෂ සාකච්ඡාව
කාෂිකර්ම අමාත්‍යාංශය සහ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ 2023 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සංවර්ධන කටයුතු හා සේවාවන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2022 දෙසැම්බර් මස 12 වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී කෘෂිකර්ම වනජීවී වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ, ප්රධානත්වයෙන් පැවැත්විණි.
කෘෂිකර්මාන්තය ප්‍රමුඛ ඉදිරි කටයුතු බලාත්මක කිරීමට ගතහැකි ක්‍රමවේදයන් මොනවාද යන්නත්, සහල්, බඩඉරිගු ඇතුලු අතිරේක බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරන අතර ඒවාට විසඳුමක් ලෙස රටට අවශ්‍ය ආහාර රට තුලට නිෂ්පාදන කරගැනීමත් ගොවියන් ගොවි බිම්වලට යොමු කරන්නේ කෙසේද යත් පිළිබඳව අවධානය යොමු කරලීම තම අමාත්‍යාංශයේ මූලික අරමුණ බව මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ අදහස විය.
එමෙන්ම පොහොර බෙදා දිමේ වැඩපිළිවෙල කෙසේ ක්‍රියාත්මක වනවාද ඒවායේ ගැටලු මොනවාද යන්නත් එහිදී අමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. හෙක්ටයාර් එකකට යූරියා කිලෝග්‍රෑම් 157½ කුත් ඊට සමගාමිව බන්ඩි පොහොර හා කාබනික පොහොර මිලදී ගැනීමට රු. 20000/- ක මුදලක් ලබාදීමට යෝජිත බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන 11 ක පොහොර බෙදා දීමට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1347 ක ප්‍රමාණය මේ වනවිටත් නිකුත් කරමින් සිටින බව පොහොර සමාගමේ සභාපති ප්‍රකාශ කර සිටී. එයින් 60% ප්‍රමාණයක් ලංකා පොහොර සමාගමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ වන විටත් මුදාහැර ඇති බව පවසයි.
අප විශේෂයෙන්ම අපනයන බෝග හා අපනයන ජ්‍යාතන්තර වෙළඳපොල වෙත සරිලන ලෙස නිෂ්පාදනය කරන්නේ නම්, එයින් විශාල විදේශ ආයෝජන ලබා ගත හැකි බව චමල් රාජපක්ෂ මහතා ප්රකාශ කර සිටියේය.
මීට අමතරව සත්ව පාලනය වනජීවි හා වනසංරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳවත්, අමාත්‍යතුමාගේ අවධානය යොමුකල අතර, ඒවාට අවශ්‍ය විසඳුම් වඩාත් ඉක්මණින් සොයා බලන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් ගේ අවධානය යොමු කලේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ, හම්බන්තොට, දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර,යන මහත්වරුද කාෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්තුමා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලනී මහත්මිය, ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමා, අතිරේක දිස්ත්රික් ලේකම් සුමිත් ශාන්ත මහතා , ලංකා පොහොර සමාගමේ සභාපතිතුමා, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිතුමා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමාත්, ගොවිජන වනජීවි වනසංරක්ෂණ, වාරිමාර්ග, ධිවර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තු, මහවැලි අධිකාරියට අයත් රාජ්‍ය ආයතනවල විධායක හා මාණ්ඩලික නිලධාරින් ඇතුලුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හා ලේකම්තුමියන්ලා සහ ගොවි සංවිධාන නියෝජිතයන්ද සහභාගි විය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.පී.ජනක ප්රසාද් )


හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) තනතුර සදහා ඩබ්ලිව්.සී.එස්.කේ.රත්නායක මහතා පත් කෙරේ
හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) තනතුර සදහා ඩබ්ලිව්.සී.එස්.කේ.රත්නායක මහතා පත් කර ඇත.2022.12.08 උදේ යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද රත්නායක මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම සිදුවිය.
ඒ මහතා හම්බන්තොට ඉපිද ශාන්ත මේරී ජාතික පාසලින් මූලික සහ උසස් අධ්‍යාපනය ලැබීය.අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබ 2015 දී එම විශ්ව විද්යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව සහ කාර්යාල කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවන් ලබා ඇති රත්නායක මහතා කළමනාකරණ සහකාර නිලධාරීයෙක් ලෙස රාජ්ය සේවයට එක්විය.
ඒ අනුව ලුණුගම්වෙහෙර,හම්බන්තොට, ප්රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කෙරිණි. පසුව තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ලෙස පත්වීම් ලැබ රාජකාරි කටයුතු කෙරිණි.
පරිපාලන සේවා විභාගය සමත් වන ඒ මහතා දෙබරවැව ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස් ලෙස රාජකාරි ආරම්භ කළේය.පසුව වැල්ලවාය සහකාර ප්රාදේශීය ලේකම් ලෙසත් අනතුරුව ප්‍රාදේශීය ලේකම් ලෙසත් රාජකාරි සිදු කෙරිණි.
මෙදින නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කේ.පී.ජී.සුමිත් ශාන්ත,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )


ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණයක්
ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සදහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා 2022.12.09 දිනයේ උදේ එක්විය.
මෙවර මහකන්නය සදහා ගොවි ජනතාව වෙත මේ වන විට පොහොර නිකුත් කරනු ලබයි.නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි කළාපයට අයත් ප්‍රදේශවල ගොවි ජනතාවට පෙහොර නො ලැබෙන බව පවසති.
මේ පිළිබදව නොවැම්බර් මස පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීද මහවැලි සහ ගොවිජන සේවා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අදාළ ආයතන දෙක එක්ව පොහොර බෙදා දීම සිදු කරන ලෙසය.එසේ වුවද අද (2022.12.09)වන තෙක් එම නිලධාරී පිරිස් විවිධ මතවාද ඉදිරිපත් කරමින් එය සිදු නොකරන නිසාත් එම ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන්ගෙන්ද එය සිදු නොවන බැවින් දිස්ත්‍රික් ලේකම්තුමා ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොස් අදාළ නිලධාරීන් සහ ගොවිජනතාව හමුවී සාකච්ඡා කර මෙම ගැටළුව විසදීම සදහා කටයුතු කෙරිණි.
මේ සදහා අම්බලන්තොට ප්රාදේශීය ලේකම් දිස්නා පී.රණසිංහ මහත්මියද එක්වී අදාළ ගැටළුව විසදීමට ක්‍රියා කළාය.
මෙම ගොවිජන බල ප්‍රදේශයට පොහොර බෙදා දීම සදහා අනුගමනය කළ ක්‍රමවේදයම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙකුත් මහවැලි බල ප්‍රදේශ තුළද ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )


අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2022 වසරේ අවසාන කොට්ඨාශ දින රැස්වීම
අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2022 වසරේ අවසාන කොට්ඨාශ දින රැස්වීම සදහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා අද දින (2022.12.09) පෙරවරුවේ සහභාගිවිය.
පසුගිය දිනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාලීය පරීක්ෂාවක් සිදු කර පසුව කාර්යාලීය නිලධාරීන් හමුවී ඔවුන්ගේ ගැටළු හා යෝජනා පිළිබදව සාකච්ඡා කෙරිණි.එහිදී හමුවීමට නොහැකිවූ ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවී 2023 වසරේ රාජකාරි කටයුතු,සමාජ ප්‍රතිලාභ මණ්ඩලයේ වැඩසටහන,ආර්ථික පුනර්ජීවන වැඩටහන්,.කාර්යාලීය කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
මෙහිදී දිස්ත්රික් ලේකම්තුමා ඇතුළු සැම දෙනාම පිළි ගනිමින් ප්‍රාදේශීය ලේකම් දිස්නා පී.රණසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ අවසාන කොට්ඨශ දින රැස්වීමට දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණිම වැදගත් බවත් දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත ගොස් දිසාපතිතුමා සොයා බලා උපදෙස් දෙමින් මේ සිදු කරන දිරිගැන්වීම වැදගත් බවයි.
දිස්ත්‍රික් ලේකම්තුමා සභාව අමතමින් මෙසේ පැවසීය.“මේ කාලය අපේ ජීවිතයේ අමාරුම කාලයයි.රටේ සෑම දෙනාම ඉන්නේ එසේමයි.ප්‍රශ්න ඇති වෙනවා.ඒනිසා අපි ප්‍රශ්න ඇති කර ගන්න හොද නැහැ.ඒවා කළමනාකරණය කරගෙන කටයුතු කරන්න ඕන.අපි ප්‍රවේශමෙන් රාජකාරි කරනවානම් ගැටළු අවම කරගන්න පුළුවන්.ඒ නිසා සියළු දෙනා ඉවසීමෙන් කටයුතු කරන්න.සෑම කොට්ඨශයකම ආර්ථික පුනර්ජීවන කමිටු ඇති කරන්න කටයුතු කරන්න.මෙයට රජයෙන් ආධාර ලැබෙන්නේ නැහැ.රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඒ සදහා ලබා ගන්න.වගා නොකර ඇති ඉඩම් අරගෙන වගා කරන්න.පිරිස් වශයෙන් එකතුවී වගා කිරීමට ජනතාව උනන්දු කරන්න.දැන් මේ දිනවල වැසි ලැබෙනවා.හැම ගමකම මොනයම් හෝ වැඩසටහනක් ආර්ථිකය නගා සිටුවන්න කටයුතු කරන්න.2023 වසරේදී ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ කාර්යාලීය තරගයක් පවත්වනවා.“යැයිද එතුමා සදහන් කළේය.
මෙම අවස්ථාවට සදහා සහකාර ප්රාදේශීය ලේකම් එම්.ජී.අරුණි නිසංසලා මෙනවිය,සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂිකා එච්.ඒ.ඩබ්ලිව්.එච්.සරෝජනී මහත්මිය ඇතුළු නිලධාරීන් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )



හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය
හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 2022.10.21 දින හම්බන්තොට නගර සභා රාජ්‍ය සේවා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් එච්.පී සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කව නායකයින් සහ සියළු නිලධාරීන් එක්ව මෙය සංවිධානය කෙරිණි.
දීර්ඝ කාලයක් එක දිගට රාජකාරි සිදු කරමින් පැවැති විවිධ අපහසුතා සහිත කාල වල විදි දුෂ්කරතා මගහැර මානසික සුවතාවක් ලබා ගැනීමත් අරමුණින් මෙය සංවිධානය කෙරිණි.මෙහි සමාරම්භක අවස්ථාව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම තරඟාවලියේ සමස්ථ ශූරතාවය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නියෝජනය කළ වීර කවය දිනාගත් අතර අනු ශූරතාව ආයතන අංශය නියෝජනය කළ ප්‍රගති කවය විසින් දිනා ගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානීන් හා නිලධාරීන් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධ සාකච්ඡාව
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් ධිවර හමුවක් ඔක්තෝම්බර් මස 12 වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවය හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී. සුමණසේකර, ජලජීවි වගා සංවර්ධන අධිකාරායේ සභාපති ජයන්ත විජේරත්න, අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. අශෝකා, ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත යන මහත්ම මහත්මීන්ද ,දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රින් හා රාජ්‍ය ප්‍රධානීන්,ද සහභාගී විය.
හම්බන්තොට ධීවර ප්‍රජාව මුහුණපාන ගැටලු හඳුනා ගනිමින් ඒ ගැටලු සඳහා ගත හැකි ක්‍ෂණික විසඳුම් මොනවාද යන්නත්, ආහාර සුරක්‍ෂිතභාවය හා දරිද්‍රතාවය තුරන් කිරිමට දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි පියවරයන් මොනවාද යන්නත් , ආර්ථීක වශයෙන් ලංකාව දැනට මුහුණ පා ඇති ගැටලු සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ හා සම්බන්ධව ධීවරයින්ට ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමට ඇති අවස්ථා මොනවාද යන්නත් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය යුතු බව චමල් රාජපක්ෂ මහතාගේ අදහස විය.
මෙහිදී ධීවර ප්‍රජාව විසින් දැනට ඔවුන් මුහුණපාන ගැටලු ලෙස ඉන්ධන ගැටලුව,දැල් ආම්පන්න වල මිල අසීමිත ලෙස ඉහළ යාම, මා දැල් එළිම තහනම් කිරිම නිසා පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍යතුමා දැනුවත් කර සිටියේය.
ජනතා ගැටලු හමුවේ කලමැටිය ධීවර වරාය අවට වඩාත් වටිනා තෙත් බිම් සංවර්ධනය කර එහි ඉස්සන් කොටු හා කකුලුවන් කර්මාන්තය වඩාත් සාර්ථතකව කර ගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, කලමැටිය අභය භූමියක් ලෙස සංවර්ධනය කර සංචාරකයින් සඳහා ප්‍රසිද්ධ කරන්නේ නම් රටේ පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකි බව දිස්ත්‍රික් සංවර්ධන කමිටුසභාපති තුමාගේ යෝජනාව විය.ඒ සඳහා සතියක් තුල ක්‍ෂේත පරීක්‍ෂණයක් කර වඩාත් කඩිනමින් වාර්තාවක් සහ යෝජිත ව්‍යාපෘති සැලැස්මක් ලබා දෙන ලෙස ධීවර රාජ්‍ය ඇමතිතුමා නිලධාරින් හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
වැවි ආශ්‍රතව ක්‍රියාත්මක මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ගැටලු විසඳිමේ දී මත්ස්‍ය සම්පත තැන්පත් කර ගත යුතු වීමත්, ගොඩ වී ඇති වැව් නැවත හාරා ගැනීමත්, වැවි මතු පිට ඇති විනාශකාරී ජලජ ශාක ඉවත් කර ගැනීමටත් , වැව් මත ටෝලර් යාත්‍රා ගමන් කිරිම නිසා වැව් මතු පිට ඉන්ධන පතිත වීම මත්ස්‍ය සම්පත අඩු විමට ඉඩකඩ වැඩි බව , බෝට්ටු හා බෝල්ලෑවල හිඟ වීමත් වැනි කරුණු ධීවරයින්ගේ පාර්ශ්වයෙන් ගැටලු ලෙස ඉදිරිපත් විය.
ඒ හා සම්බන්ධ ගැටලු වලට දකුණු පළාත් සභාවත් ධීවර අමාත්‍යාංශයත් සමඟ තම අමාත්‍යාංශ සම්බන්ධ වී සහයෝගයෙන් හා ප්‍රතිපත්තිගරුකව ධීවර ජනතාව වෙත දැඩි අවධානයක් යොමු කර ඔවුනට පහසුවෙන් මත්ස්‍ය සම්පත වැඩි දියුණු කරගෙන ආර්ථීක හා පෝෂණමය වශයෙන් ශක්තිමත් වීමට ගතහැකි සියලු පියවරයන් ගන්නා බව පියල් නිශාන්ත ඇමතිවරයා දන්වා සිටි අතර දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 71 ක් තුල 746761 ක මිරිදිය මත්ස්‍ය තැන්පත් කිරිමක් සිදුකර ඇති බවත් අමාත්‍යාංශ ඉහළ නිළධාරීන් කරුණු දැක්විය.
දිස්ත්‍රික්කයේ සියලුම ධීවර වරායන්හි පවතින ඝන අපද්‍රව්‍ය ජනතාවට මෙන්ම සතුන්ට පීඩාවක් නොවන ලෙස තෝරාගත් හුදකලා භූමියකට දමා ඒවා පරිසර හිතකාමී ලෙස නැවත ප්‍රතිචක්‍රීකරණය කරලීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් රාජපක්ෂ මහතාගේ යෝජනාව වූ අතර ඊට අවශ්‍ය ඉඩමක් ලබා දිමට කටයුතු සොයා බලන ලෙස හම්බන්තොට ප්‍රාදේශිය ලේකම්තුමිය දැනුවත් කර සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් දැඩි ඉල්ලුමක් පවතින විසිතුරු මත්ස්ය කර්මාන්තය සඳහා වලස්මුල්ල, කටුවන,ඕපෙවෙල යන ප්‍රදේශ වඩාත් සුවිශේෂි වන අතර ඒ සඳහා අවධානය යොමු කරන ලෙසත්, කලමැටිය වරාය ආශ්‍රිත ප්‍රදේශයට අයිස් කර්මාන්ත ශාලාවක දැඩි අවශ්‍යතාවයක් ධීවර ප්‍රජාවට ඇති අතර එය සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරකයින් දැනුවත් කරන ලෙසත් චමල් රාජපක්ෂ මහතා නිළධාරීන්ට පැවසුවේය.
ධීවර ගැටලු වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව විසඳීමට තමා බලාපොරොත්තු වන බවත්, ඊට අමතරව ධිවර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමටත් ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල්වල කාන්තාවන්ගේ මානසික ශක්තිය හා පවුල්වල දියුණුව ළඟා කර දීම තම මුලික ප්‍රයත්නය බව පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා දැන්වීය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )
පවතින ආර්ථික අර්බුධ හමුවේ ව්‍යවසායක මහත්ම මහත්මීන්ට තම නිෂ්පාදන සදහා වෙළද පොළක් නිර්මාණය කර දීමේ වැඩසටහනක් පසුගියදා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
හම්බන්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මගින් දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ඇඟළුම් ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින් හා තංගල්ල ප්‍රදේශයේ සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙළඳ මහතුන් එකම වේදිකාවකට රැගෙනවිත් වෙළද පොළ නිර්මාණයට ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් ලබාගෙන එමගින් ඔවුන්ට මෙම කාලයේ අභියෝග සමග තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව උදා කර දීමට කටයුතු කෙරිණි.
මෙම කාල සීමාවේදී යම් නිෂ්පාදනයක් විකුණනවා කියන්නෙත්, නිෂ්පාදනයක් මිළට ගන්නවා කියන්නෙත් ලොකු අභියෝගයකි. එය මනාව අවබෝධකර ගත් නිසා මෙවැනි වේදිකාවක් මගින් ව්‍යවසායක මහත්ම මහත්මීන්ට දිරියක් ලබාදීමට කටයුතු සැලසූ බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.
රෙදිපිළි වෙළඳසල් අධිපති මහත්වරුන් විසින් එම අවස්ථාවේදී ව්‍යවසායකයින්හට ඉදිරියට යාම සදහා අවශ්‍ය උපදෙස් ලබා දීමත් ඇණවුම් ලබා දීමත් සිදුවීම ව්‍යවසායක මහත්ම මහත්මීන්ට මහත් රුකුලක් වූ බව පැමිණි පිරිස පැවසූහ.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමා සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමිය සහභාගීවිය.
( දිස්ත්‍රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව 2022 සැප්තැම්බර් මස 30 වනදා සභාපති චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නගරසභා සහ ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දකුණු පළාත් ප්රධාන ලේකම් සුමිත් අලහකෝන්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී. සුමණසේකර, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, රාජ්‍ය ප්‍රධානීන් හා සහභාගීත්යවයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
ප්‍රථමව ගියවර රැස්වීමේ යෝජනාවල ප්‍රගතිය සම්බන්ධයෙන්, අවධානය යොමු කළ අතර එහිදී ගෙවතු 75000 ක් ඉලක්ක කරගනිමින් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වූ වැඩ සටහනේ ප්‍රගතිය, එය වැඩි දියුණු කිරිමටත් අවශ්‍ය පියවරයන් මොනවාද යන්න පිළිබඳවත් සාකච්ඡා වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හයිබ්‍රිඩි මිරිස්පැල වගා කොට විදේශිය වෙළඳපොළට අපනයනය කරමින් ලක්ෂ ගණනින් මුදල් උපයන ගොවීන් අනුරාධපුර යාපනය යන දිස්ත්‍රික්කවල සිටින අතර එම වගාවන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුලත් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බහුකාර්ය සේවා නිළධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරගෙන ඔවුන්ගේ රැකියාව ස්ථීර කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, මෙහිඳී කෘෂිකර්ම හා වනජීවී වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේඅවධානය යොමු විය.
දිස්ත්‍රික්කයේ සංවර්ධිත යෝජනා ක්‍රම පිළිබඳ අවධානය යොමුකරමින් අගුණකොලපැලැස්ස නගර මධ්‍යයේ රජය විසින් ඉදිකර දැනට භාවිතයට නොගෙන තිබෙන ගොඩනැගිල්ල ලබන මස සිට සතොස ආයතනයෙහි අලෙවි සැලක් සඳහා ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් වලස්මුල්ල නව පොළ භූමියට ඉදිරිපිට ඉඩම් අත්පත්කර ගෙන සංවර්ධනය කිරීම, සියක් නගර සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටලු මොනවාද යන්නත්, හම්බන්තොට නව රෝහල් සංකීර්ණය අවට යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත්, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පෙලෙ සංවර්ධන කටයුතු පිළිබඳවත්, බෙලිඅත්ත, තිස්සමහාරාම, හම්බන්තොට, අගුණකොල පැලැස්ස, නගර සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගතිය පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගෙන් විමසීමට ලක්කළ අතර ඒවා කඩිනම්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස චමල් රාජපක්ෂ මහතා ඔවුන් වෙත දැන්වීය.
බඳගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක විසිතුරු මත්ස්‍යයන් ගහන කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, තිස්සමහාරාම අලිවැට ඉදිකිරීමේ කටයුතු පිළිබඳවත්, තංගල්ල ප්‍රදේශයේ වදුරු ගහනයේ සීඝ්‍ර වැඩිවීමෙන් ජනතාවට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ජල ජීවි හා වනජීවි නිලධාරීන් අමතා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චමල් රාජපක්ෂ මහතා පැවසීය.
ලුණුගම්වෙහෙර රුහුණු පුතා ඇෆරල් ආයතනය හා දිස්ත්‍රික්කයේ දැනට ඉදිකර අත හැර දැමු ගොඩනැගිලි, මෙන්ම ඉඩම් බදු පදනම යටතේ ආයෝජකයින්ට ලබා දී ඒවායෙන් ප්‍රාදේශිය දියුණුවත්, රැකි රක්ෂා ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමත් මෙන් ම රටේ ආර්ථීකයට ඒ හරහා සෘජුව දායක වීමට හැකි නිසා ඒ ගැන අවධානය යොමු කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරීයට දැන්වීය.
හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා තිබෙන සියලුම නිල නිවාස දිස්ත්‍රික් ලේකම් තුමාවෙත පවරා ඒ හරහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන්ට නවාතැන් පහසුකම් සලසාදීමට හැකිවන පරිදි වැඩි දියුණු කර නඩත්තු කරගෙන යෑමෙන් ආර්ථීක වශයෙන් ශක්තිමත් දායකත්වයක් ලබා ගත හැකි බව, චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව විය. ඒවාගේම දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලට යාබඳව පවතින නිල නිවාස එහි සේවක මහත්ම මහත්මියන්ට ලබාදෙන්නේ නම් දෛනිකව අධික ප්‍රවාහන ගාස්තුවක් වැයකරමින් සේවයට පැමිණෙන අය සඳහා මහත් අස්වැසිල්ලක් වන බව, හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්. පී. සුමණසේකර මහතාගේ යෝජනාව විය.
ධීවර අමාත්‍යාංශය යටතේ ඉදිකළ දැනට භාවිතයට නොගෙන ඇති ලුණුගම්වෙහෙර නව නගර ධීවර කුටිය තාවකාලිකව ලුණුගම්වෙහර ප්‍රාදේශිය සභාවට භාරදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, මෙහි දී යෝජනා විය.
අන්දරවැව, සල්ගාදුගොඩ වැනි අතුරු මාර්ගවල ශ්‍රී ලංගම බස් රථ ධාවනය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් කතරගම සිට බෙලිඅත්ත දුමිරිය ස්ථානය දක්වා උදෑසන 4.30 ට පිටත්වන සාගරිකා දුම්රිය සඳහා බස්රථයක් ධාවනය කිරීම ට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාර්යාලීය වෙලාවන් සඳහා බස්රථයක් ඌරුබොක්ක - මුලටියන හරහා හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල වෙත ළඟාවීමට හැකි වන පරිදි ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයන් වෙත දන්වා සිටියේය.


හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් වශයෙන් කටයුතු කළ ජේ.එච්.එස්.ජයමහ මහතා මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස පත්ව යෑම සහ යාන්ත්‍රික ඉංජිනේරු එම්.මහේෂ් උදය කුමාර මහතා වාරි මාර්ග දෙපාර්තමේනතුවේ ඉංජිනේරුවරයෙකු ලෙස ස්ථාන මාරුවී යෑම වෙනුවෙන් අභිනික්මනක සොඳුරු අඩහැරය නම් උපහාර වැඩ සටහනක් 2022.09.30 දින සවස මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ මගපෙන්වීම අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කෙරිණි.
2021.09.29 දින හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් තනතුරට පත්වන ජයමහ මහතා 2003 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ඒ අනුව වලස්මුල්ල සහකාර ප්රාදේශීය ලේකම් ලෙස පත්වන එතුමා වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා ජයග්‍රහණයට ගෙන ඒමේදී විශාල දායකත්වයක් දැක්වීය. 2010 .02.11 දින බෙලිඅත්ත ප්රාදේශීය ලේකම් ලෙස පත්වන එතුමා 2017.05.23 දක්වා එහි සේවය කළ අතර ජාතික ඵලදායිතා තරගයෙන් ලංකාවෙන් තුන්වන ස්ථානය ලබා ගැනීමට කටයුතු කෙරිණි. ඉන් පසුව ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කෙරිණි.
මහේෂ් උදය කුමාර මහතා 2011 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලැබ කටුනායක නිදහස් වෙළද කළාපයේ පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයෙක් ලෙස සේවයට එක්විය. පසුව ඩේවිඩ් පීරිස් ආයතනයට එක්වන ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය සදහා වූ තරග විභාගයට 2014 වසරේදී පෙනී සිට ලංකාවෙන්ම තුන්වන ස්ථානය දිනා ගනිමින් රාජ්‍ය සේවයට එක්විය. එහිදී හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස පත්වන එතුමා මෙහි පලමුවන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ද විය.
මෙම දෙපල හම්බන්තොට දිස්ත්‍රික්කයට සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් උපහාර දැක්වීම මෙහිදී සිදු කළ අතර මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් (ඉඩම්) ලේකම් ලෙස කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්විය.


හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සභාපති ලෙස පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා 2022.09.26 දින පෙරවරුවේදී නව තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කෙරිණි.
මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පිහිටි සංවර්ධන කම්ටු සභාපති කාර්යාලයට පැමිණි එතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ලේකම් හා දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා විසින් පිළිගනු ලැබිණි.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ.සෝමවංශ මහතා ඇතුළු කිහිපදෙනෙකු සහභාගි විය.


සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතාවය, පෝෂණ ඌණතාව පවතින පවුල් සදහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙල, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමිවී සිටින පවුල් හා පුද්ගලයින් සදහා ගතහැකි ක්‍රියා මාර්ග පිලිබදව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.23 දින පෙරවරුවේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් අංජලා අමාලි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.
ග්‍රාම නිලධාරී වසම් විසි එකකින් යුක්ත මෙම ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයේ ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. ලංකාවට අවශ්‍ය කෙසෙල් හා ගස්ලබු වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මෙම කොට්ඨාශයෙනි.
මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්තුමා “අද ගමක නිලධාරීන් කීපදෙනෙක්ම ඉන්නවා. ඒ සෑම ගමකම විවිධ දුෂ්කරතා තියෙන පවුල් ඉන්න පුළුවන් මේ ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් කළ රැකියා අහිමිවෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඔවුන් හොදින් රෑකියා කරගෙන ආර්ථිකයක් තිබුණ නිසා ඒ දැන් පත්වෙලා තියෙන තත්ත්වය කියන්න අකමැති ඇති. ඒ අය ගැන සොයා ඒ රැකියා දියුණුකර ගන්න වෘත්තීය පුහුණුවක් හා වෙනත් උපකාරයක්ද යන්න හදුනා ගෙන කටයුතු කළයුතුයි. එසේම ආහාර ඌණතාවය තිබෙන දරුවන් ඉන්න පුළුවන් ඒවා හදුනාගෙන අදාළ තැන් වෙත යොමු කර සහනාධාර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගන්න පුළුවන්. පාසල් නොයන ළමයින් ගැන සොයා බලන්න. එයට හේතු බලා ඒ පාසල් වෙත යොමු කරන්න ඕන. එම දරුවන් පාසල් නොයන හේතු වලට පීළියම් යෙදිය යුතුයි. මේ සදහා තමයි සෑම ගමකම ආර්ථික පුනර්ජීවන කව සාදන්න කටයුතු කර තිබෙන්නේ. ඒවා එකක්වත් ෆයිල් වලට සීමා වෙන්න බැහැ. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික වැඩසටහන් ගමින්ම නිර්මාණය කර සාදා ගතයුතුයි. මේ ගම්වල අයගේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරන්න”යැයි එතුමා පැවසීය.
මෙයට එක්වෙමින් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්ද මහතා කියා සිටියේ ප්‍රාදේශීය සභාවේ අයවැය මහජනතාවගේ ජීවන තත්වයන් වර්ධනය කිරීම සදහා මේ අවස්ථාවේ යොදා ගැනීමට කටයුතු කර ඇති බවයි. තරුණ අයගේ විදේශගත වීමට අවශ්‍ය පුහුණු කටයුතු සදහාද මෙමගින් මුදල් වෙන් කර ඇති බවත් ස්වයං රැකියා කිරීම සදහාද මුදල් කිරීමට කටයුතු කළ බව එතුමා පැවසීය.
මෙහිදී ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රකාශකර සිටියේ මෙම කොට්ඨාශයේ මිශ්‍ර ගෙවතු වගාව සිදු කරන අතර එමගින් පෝෂණ ඌණතාවයට පිලියමක් යෙදිය හැකි බවත් මිරිදිය ජලාශ බෙහොමයක් මේහි පවතින අතර ඒවායේ ඇගිල්ලන් තැන්පත් කිරීම සිදු කරන අතර එමගින් පෝෂණ සදහා පිටුවහලක් වන බවයි.
මෙම සාකච්ඡාව සදහා සූරියවැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා, දකුණු පළාත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති එස්.වී.පී.ආනන්ද, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැදිගේ මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ද ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ඇතුළු අංශ රැසක නිලධාරීන් පැමිණ සිටියහ.


හම්බන්තොට දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා(2022.09.16) මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ දරුවන්ගේ හා කාන්තාවන්ගේ විශේෂ කරුණු හා ගැටළු පිලිබදව මෙහිදී සාකච්ඡාවට භාජනය විය. දැනට රටේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ආහාර හිගකම නිසා දරුවන් මන්දපෝෂණයට ලක්වීම, සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන පවුල් පිලිබදව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළයුතු ආකාරය හා එකී පවුල් පිළිබදව අධීක්ෂණය සිදු කළයුතු අයුරු පිළිබදව සාකච්ඡා කෙරිණි.
එසේම ලිංග ආශ්‍රිත රෝග මර්ධන ඒකකයට හා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමුවන අපයෝජනයට ලක්වූ දරුවන්ගේ පරීක්ෂණ කටයුතු සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව එම දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය, ආරක්ෂාව පිළිබදව පසුවිපරම් කරමින් එම දරුවන්ගේ උපරිම යහපත සැලසීම සදහා ළමා හා කාන්තා කටයුතු සම්බන්ධ සියළුම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් පිළිබදව සාකච්ඡා විය.
මෙම අවස්ථාව සදහා වෛද්‍ය එල්.කේ.එම්.එම්.ජයරුවන්, වෛද්‍ය තරංග ද සිල්වා, වෛද්‍ය මාලකසිරි චන්ද්‍රකුමාර යන මහත්වරු සහ කමිටු සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.


ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද හම්බන්තොට දිස්ත්‍රික් රැස්වීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2022.09.15 දින දහවල් පැවැත්විණි.
මතුවිය හැකි ඕනෑම අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එසේම කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබීම සහ කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්වයට ගොදුරු නොවිය යුතුය යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවිමේ අරමුණක්ද වේ. මේ සදහා දිස්ත්‍රික් ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබද දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය සැකසීමට කටයුතු කෙරිණි. එහි කැදවුම්කරු ලෙස දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්‍යක්ෂ කටයුතු කරයි.
අනෙකුත් සාමාජිකයින් ලෙස අතිරේක දිස්ත්රික් ලේකම්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික්කයේ ප්රාදේශීය ලේකම්වරු, පළාත් ආයුර්වේද කොමසාරිස්, කෘෂිකර්ම අධ්‍යක්ෂ, සමෘද්ධි අධ්‍යක්ෂ, ධීවර අධ්‍යක්ෂ, වාරිමාර්ග අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සංඛ්‍යා ලේඛනඥ, පශු වෛද්‍ය නිලධාරී, මාතෘ සහ ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සහකාර ගොවිජන සේවා කොමසාරිස්, ප්‍රජා වෛද්‍ය උපදේශක, ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, කාන්තා සංවර්ධන නිලධාරී, විදාතා නිලධාරී, තොරතුරු නිලධාරී, දිස්ත්‍රික් පරිවාස හා ළමා ආරක්ෂණ නිලධාරී, නියෝජිත, හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ නියෝජිතයන් (ගොවි සහ ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළුව) ව්‍යාපාර ප්‍රජාවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් හා වෙනත් මේ සදහා සුදුසු පිරිස්ද ඉදිරියේදී තෝරා ගැනේ.
මේ පිලිබදව කමිටු සාමාජිකයින් දැනුවත් කරමින් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණයේ කාර්යභාරය වන්නේ දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කය තුළ මන්දපෝෂණය තුරන් කිරීම, දිස්ත්‍රික්කය තුළ ආහාර හා පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට මැදිහත්වීම් හදුනාගැනීම හා සැලසුම් කිරීම, දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා ඒ හා සම්බන්ධ සැලසුම් සහ උපාය මාර්ගයන් යාවත්කාලීන කිරීම කළයුතු බවයි.
මේ පිළිබදව වැඩිදුරටත් දැනුවත් කරමින් කැදවුම්කරු දිස්ත්‍රික් ක්රමසම්පාදන අධ්යක්ෂ එම්.බී චන්ද්‍රනිමල් මහතා කියා සිටියේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රයේ කාර්ය භාරය ග්‍රාම නිලධාරී වසම් තුළ ආර්ථික පුනර්ජීවනය ඇති කොට දරිද්‍රතාවය පිටුදැකීම මන්දපෝෂණයෙන් දරුවන් මුදවා ගැනීම, වසමේ ආහාර සුරක්ෂිතතාවය හා ජීවන තත්ත්වය ඉහල නැංවීම, කඩිනමින් කළයුතු කාර්යයන් ලෙස දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ බහු-ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටු වීම 2022.09.23 දිනට පෙර සිදු කළයුතු බවත් පෝෂණ අවධානමට ලක් වූ පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, එම පවුල් සවිබල ගැන්වීම සඳහා සිදුකළ හැකි ක්‍රමෝපායන් හඳුනා ගැනීම, වසමේ හදුනාගත් ගෘහ ඒකකවල නිෂ්පාදන දත්ත මාර්ගස්ථ ක්‍රමයට මාසිකව උඩුගත (upload) කිරීම සිදු කළ යුතු බවයි.
මේ වැඩසටහන සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් කළයුතු කාර්යභාරය පිළිබද පැහැදිලි කිරීමක් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය මාලකසිරි චන්ද්‍ර කුමාර මහතා විසින් සිදු කළේය.


තංගල්ල මුලික රෝහලේ නිලධාරි මණ්ඩලය සදහා ගිනි නිවීම පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා එම රෝහලේදි පැවැත්විණි.
රෝහල් අධ්‍යක්ෂ තුමියගේ ඉල්ලීමකට අනුව හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ගිනි ගැනිම් ඇතිවිය හැකි අවස්ථා, ගිනි ගැනීමකදී එයට ක්‍රියාත්මක විය යුතු ආකාරය, ගිනි නිවීම සදහා භාවිතා කරනු ලබන ද්‍රව වර්ග හා තවත් කරුණු රාශියක් පිළිබදව ගිනි නිවාරණය පිළිබඳව දේශනයක් පැවැත්විණි. අනතුරුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක්ද පවත්වනු ලැබිණි.
මේ අවස්ථාව සදහා දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග්කර්මාන්ඩ ජේ.ඒ.ඒ.පී.ජයකොඩි මහතා, රෝහලේ අධ්‍යක්ෂක ඩී.ආර්.එන්.සරණසිංහ මහත්මිය හා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි විය.



හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඳගිරිය පිහිටි යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකේතනය හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පසුගියදා දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම මධ්‍යස්ථානය 2006 වර්ෂයේදී නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලදී. එකල මෙම ආයතනය ඉදිකිරීමේදී මූලික අරමුණ වූයේ සුනාමියෙන් විපතට පත් දකුණු පළාතේ ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම හා එම පවුල්වල තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු හැකියාව වර්ධනය කිරීමයි. 2016 වසරේදී මෙහි වැඩකටයුතු නතර විය. මෙහි දැනට වැඩකටයුතු සිදු වන්නේ නැතිව අභාවයට යන නිසාත් මෙහි තිබෙන සම්පත් විනාශවන බැවින් ගමේ සිවිල් සංවිධාන හා ජනතාව මේ පිළිබදව දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ ප්‍රාදේශීය ලේකම්තුමියගේ අවධානයට ලක් කෙරිණි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමා එම ආයතනය නිරීක්ෂණය කර සිවිල් සංවිධාන සහ ගමේ නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු කරගෙන යෑම සදහා ජලජීවී වගා සංවර්ධන අධිකාරියට පැවරීමට තිරණය කෙරිණි. ඒ අනුව එම අධිකාරිය විසින් අභ්‍යන්තර විගණනයක් සිදු කර පොකුණු පද්ධතියේ මසුන් වගා කිරීම, නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යෑම, දැනට පවතින පුස්තකාලය පවත්වා ගෙන යෑම සදහා කටයුතු කිරීම, ඇතුළුව මහජන යහපත සදහා ජනතා ඉල්ලීම පරිදි තවත් සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය. මෙම සේවාවන් තම්මැන්නාව, බඳගිරිය, ජූල්ගමුව, යහන්ගල නැගෙනහිර සහ යහන්ගල බටහිර යන වසම්වල ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි කටයුතු සිදු කිරීමට තීරණය විය.
මෙම අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් කෞශල්යා ගලප්පත්ති, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ව්‍යාප්ත නිලධාරී ගයාන් චන්ද්‍රරත්න, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී පුෂ්ප කුමාර බණ්ඩාර යන මහත්වරුද ග්‍රාම නිලධාරීතුමා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහ ගම්වැසියන් පිරිසක්ද එක්විය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) ජේ.එච් එස්.ජයමහ, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත යන මහත්වරුන් හම්බන්තොට ප්රාදේශීය ලේකම් කෞශල්යා ගලප්පත්ති මහත්මිය සහ මාණ්ඩලික නිලධාරී සංසදයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්විය.

මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සේවය කර පසුගියදා ස්ථාන මාරුවීම් ලැබ ගිය මාණ්ඩලික නිලධාරීන්ගේ සේවය ඇගයීමේ වැඩසටහනක් 2022.09.09 දින පස්වරුවේ එම සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් නිල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරී සංසදය විසින් සංවිධානය කෙරෙණි.
දිස්ත්‍රික් ක්රමසම්පාදන ලේකම් කාර්යාලයේ සේවය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ චතුරාණි ජයසිංහ, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලෙස කටයුතු කළ ප්‍රභාත් මොල්ලිගොඩ, එම අංශයේ ම සේවය කළ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ දීපාල් ජයතිලක යන මහත්ම මහත්මීන්ගෙන් එම සේවා අංශයට සහ දිස්ත්‍රික්කයට සිදුවූ සේවය ඇගයීම මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් සිදු කළේය. එසේ සිදුකළ සේවයට උපහාරයක් ලෙස සමරු තිළිණයක්ද එතුමන් විසින් මෙහිදී පිරිනැමිණි.

හම්බන්තොට දිස්ත්‍රික් වෘත්තීය හා කාර්මික පුහුණු සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී 2022.09.08 දින පැවැත්විණි.
2021 දෙසැම්බර් මාසයේදි මෙම කමිටුව ස්ථාපනය කෙරිණි. පාසැල් හැරයන තරුණ තරුණියන්ට රටේ සංවර්ධනයට දායකවීම සදහා සුදුසු වෘත්තීය හැකියාවක් ලබා දීම මෙම කමිටුව පිහිටු වීමේ අරමුණයි. මෙමගින් විදේශීය හා දේශීය ශ්‍රම බලකාය සදහා සුදුසු වෘත්තීය දැනුම හා පුහුණුවක් ලබා දෙයි. විශ්ව විද්‍යාලවලට යාමට නොහැකිවන දිස්ත්‍රික්කයේ දරු දැරියන් ප්‍රයෝජනවත් පුහුණු ශ්‍රමිකයින් ලෙස සමාජයට පත් කිරීම සදහා දිස්ත්‍රික්කය තුළ ඇති වෘත්තීය පුහුණු ආයතන මගින් කටයුතු කරන අතර ඉදිරි වසර කිහිපයට ගැලපෙන වෘත්තීය පාඨමාලා එම ආයතන තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. ඒ සදහා වු සැලසුම් නිර්මාණය කිරීමද මෙදින සිදු විය.
ඒ සදහා මෙම දිස්ත්‍රික් කමිටුව යටතේ අනු කමිටු හතක් පත් කෙරිණි. එනම්
- පාසැල් අනු කමිටුව
- කර්මාන්ත අනු කමිටුව
- තෘතීයික හා කාර්මික සංවර්ධන අනු කමිටුව
- සම්පත් යථාර්තීකරණ අනු කමිටුව
- ව්‍යවසායකත්ව සංවර්ධන අනු කමිටුව
- ශ්‍රම වෙළදපොළ හා රැකියා අනු කමිටුව
- වෘත්තීය මාර්ගෝපදේශන අනු කමිටුවයි.
මෙහිදි අදහස් දක්වමින් දිස්ත්රික් ලේකම්තුමා මෙසේ පැවසීය
“ අද රටේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ දහඅටක් ඉන්නවා. රජයේ සේවකයින් ලක්ෂ දහඅටක් ඉන්නවා. ත්‍රීවිල් රථ පදවන අය ලක්ෂ දහතුනක් ඉන්නවා. මේ අයගෙන් රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයට සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය දැනුවත් කර නිෂ්පාදන ක්ෂේත්‍රයට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ලබාදී ඒ සදහාවූ රැකියාගත කිරීමේ වැදගත් බව තේරුම් කළ යුතු වන්නේ. අද විදේශ රටවල ත්‍රීවිල් ධාවනය කරන්නේ කඩවල සහ සුපිරි වෙළද සැල්වල බඩු විකුණන්නේ වයසක පිරිස්. අපේ රටේ එම රැකියා කරන්නේ තරුණ පිරිස ඒ නිසා මේ අයට තමයි කතා කර නිවැරදි වෘත්තීය පුහුණුවක් ලබාදි ඵලදායී රැකියා සදහා යොමු කිරීමට කටයුතු කළ යුතුතේ. අද ගරාජ්වල වැඩ නැතිව ගිහින් තියෙනවා.
අද මන්ද පෝෂණය තියෙන දරුවන් ඉන්නවා. අන්න ඒ දරුවන් ඉලක්ක කර වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි. අපි සත්‍යයට මුහුණ දෙන්න ඹ්න. ඒ සදහා රැස්වීම් නොව ක්‍රියාකාරි වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි. අපි ගොඩ ගන්න ඕන ආර්ථිකයයි. මිනිසුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න වගා කරන්න ඕන ආහාර නිෂ්පාදනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන ඒ සදහා මේ වෘත්තීය පුහුණු අය ක්ෂේත්‍රයට යන්න ඕන. ගිහින් මෙහි වැදගත් කම පහදා දි යොමු කරන්න පියවර ගතයුතුයි” එතුමා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) සුමිත් ශාන්ත, අම්බලන්තොට ප්රාදේශීය ලේකම් දිස්නා පී රණසිංහ, වලස්මුල්ල ප්රාදේශීය ලේකම් ඉන්දික විතාරණ, ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් අයි.එල්.වික්‍රමනායක, බෙලිඅත්ත ප්රාදේශීය ලේකම් ගංගා රුවන්පතිරණ, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ, යූ ලීඩ් ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී ජගත් හේමන්ත හරිශ්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරී පිරිසක් එක්විය.
මෙම වැඩසටහන සදහා යූ ලීඩ් ආයතනය අනුග්‍රහය දක්වයි


හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ව්‍යවසායක කාන්තාවන් කිහිපදෙනෙක් සදහා තම ව්‍යාපාර කටයුතු ඉදිරියට දියුණුකර ගැනීම සදහා මූල්‍යමය දායකත්වයක් ලබා දීම 2022.09.07 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී සිදු කෙරෙණි.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ යුනිලීවර් ආයතනය එක්ව ක්‍රියාත්මක කල සන්ලයිට් මනුදම් වියමන ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගනිමින් ඉදිරියට පැමිණි ජයග්‍රාහිකාවන්ට මුදල් චෙක්පත් පිරිනැමීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ අතින් දිස්ත්‍රික් ලේකම් නිල කාර්යාලයේදී සිදු විය.
මෙහිදි එක් අයෙකු සදහා රුපියල් විසිදහසක් (රු20000ක්) වටිනා චෙක්පත් දෙකක් ව්‍යවසායකාවන් දෙදෙනෙකු සදහා සංකේතවත් ලෙස ප්‍රධානය කිරීමට කටයුතු කෙරිණි. අම්බලන්තොට ගිහංසා මදුරු දැල් ආයතනය ඩිලානි සකුන්තලා මහත්මියට හා හුංගම චමූ බෑග් ආයතනය ප්‍රභානි නිසංසලා මහත්මියට මෙම ප්‍රධානය සිදු විය.
මෙම ඇගලුම් ව්‍යවසායක කාන්තාවන්ට Singer fashion Acedamy අනුග්‍රහයෙන් මාර්ගගත ව සිදුකල පුහුණු වැඩසටහනක් හැදෑරීමෙන් පසු පවත්වන ලද පරීක්ෂණයකින් ඉහලම දක්ෂතා දැක්වූ කාන්තාවන්ට ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සදහා මෙම මුදල් චෙක්පත් ලබාදුන් අතර එහිදී හම්බන්තොට ව්‍යවසායකයින් 4 දෙනෙකු සුදුසුකම් ලැබීය.
මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ අතර එම අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මේ අවස්ථාවට එක්විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් සමථ මූල මණ්ඩලය සදහා සාමාජිකයින් නිර්දේශ කිරීම සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන 2022.08.22 සිට 27 දක්වා දින හයක්( 06) පුරා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් හා මගපෙන්වීමේන් හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් සමථ පුහුණු අංශය විසින් මෙය සංවිධානය කෙරිණි.
මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච් එස්.ජයමහ මහතා එක්විය.
මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පුහුණුලාභීන් (32) තිස්දෙදෙනෙකු තෝරාගෙන තිබිණි. සමථකරණ දක්ෂතා හා උපක්‍රම යටතේ ආරවුල් විසදීම සදහා විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය, එහි මූලධර්ම, ගැටුම, සාකච්ඡාව, සමථකරණය සදහා සන්නිවේදනය, සමථකරණ පියවර, සමථ මණ්ඩල පනත, ඇතුළු විෂයන් රාශියක් යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දින හය පුරා වැඩසටහන පැවැත්විණි.
මෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී ඊ.ඩබ්ලිව්.චන්ද්‍රසිරි මහතා කටයුතු කළේය. ඔහුට අමතරව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී යූ. ජී. ආර්. ඩයස් මහත්මියද කළුතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී යූ. ජී. එච්. ටී. කාරියවසම් මහත්මියද සම්පත්දායකත්වය ලබාදීමට කටයුතු කළහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුව හා එමගින් කෘෂිකර්මාන්තයට සිදුවන හානි අවම කර ගැනීම සදහාවූ සාකච්ඡාවක් 2022.08.26 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
කෘෂි කර්ම,වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා බලපාන ඉහත ගැටළු පිළිබදව අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.“ අලි මිනිස් ගැටුම පොදුවේ ලංකාවට බලපානවා. නමුත් හම්බන්තොටට එය විශේෂ ලෙස බලපානවා. අපි සම්බන්ධීකරණ කමිටුවේදීත් පසුගිය කාලයේ මේ ගැන කතා කළා. නමුත් විසදුම් ලැබී නැහැ. ඉදිරි මාස කිහිපය තුළ විසදා ගැනීමට කටයුතු කරනවා. මූල්‍ය ගැටළුත් තියෙනවා. නමුත් ඒවා අවම කරගෙන කටයුතු කරනවා. මේ සදහා බලපාන තෙල් ප්‍රශ්නය විසදා දෙන්න කටයුතු කරනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව සාකච්ඡා කර අලි වැට ගහන්න කටයුතු කරන්න. වගාවන් සදහා හානිකරන වන සතුන් ලෙස හදුනාගෙන තිබුණේ අලියා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා, රිලවා, වදුරා,වගේ සතුන් තමයි. මේ සතුන් අපේ ආහාර වර්ග බොහොමයක් විනාශ කරනවා කියා හදුනාගෙන තිබුණා. මේ සතුන් වගාවන් වලට සිදු කරන හානිය පිලිබද එක එක ගණන් කිව්වා. අපිට ලබන සතියේ කියන්න පුළුවන් මේ සතුන්ගෙන් නිශ්චිතව වගාවන්ට සිදුවන හානියේ ප්‍රමාණය.මේ සතුන් වෙන වෙනම සිදු කරන හානි පිළිබද තොරතුරු රැස් කිරීමකුත් සිදු කරනවා. මේ සතුන්ගෙන් විශාල හානියක් වන බවනම් දැනගෙන හිටියා. අපිට අලියා විනාශ කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. අපි වෙන ක්‍රමවේදයකට තමයි අලියා ගමට එන එක නවත්තා ගන්නෙ. මේ වගාවන්ට හානි කරන සතුන් ඉවත් කිරීමේ බලය අපි කෘෂිකර්ම කමිටුවට ලබා දෙනවා. ඒ කමිටුව තමයි තීන්දු කරන්න ඕනෙ ඒ පළාතේ ඉන්න සත්තු පාලනය කරන්නෙ කියන එක.ඒකට සම්පූර්ණ බලය අපි කෘෂිකර්ම කමිටුවට දෙනවා. නමුත් අලියා ඉවත් කිරීමට බලය දෙන්නේ නැහැ. මොනරා තවම ආරක්ෂා ලයිස්තුවෙන් ඉවත් කර නැහැ.” ද පැවසීය.
මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ වන අලි කළමනාකරණ කළාපය ගැසට් කර තිබුණත් එහි බලතල කිසිවෙකුටත් පවරා නැති බැවින් ගැටළු විසදීම සදහා දිසාපතිවරයාට බලයක් නැති බවත් එම ගැසට් කිරීම සිදු කරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද එය මෙතෙක් සිදු නොවු බවයි. පසුගිය පෙබරවාරි මාර්තු වලදී අලින් පලවා හැරිමේ සාර්ථක මෙහෙයුමක් සිදු කළ බවත් එයින් අලි 60ත් 68ක ප්‍රමාණයක් පලවා හැරීමට හැකිවූ බවද පෙන්වා දුණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට, සූරියවැව, තිස්සමහාරාම, ප්‍රාදේශීය සභා සභාපතිවරු, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර මහතා, හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරුන්, වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්විය.


2022 හම්බන්තොට දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල අගුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්රීඩාංගනයේදී 2022.08.20 දවස පුරා පැවැත්විණි. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මේ ක්‍රීඩා සදහා දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය. මෙම දිස්ත්‍රික් මලල ක්‍රීඩා උත්සවය හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී. සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ජාතික කොඩිය එසවීම සහ ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ නිවේදනය එතුමා විසින් සිදු කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් දිස්ත්රික් ලේකම්තුමා මෙසේ පැවසීය. “අද තියෙන ආර්ථික ගැටළුත් එක්ක ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීම අමාරුයි. නමුත් එසේ අපහසුතා රැසක් තිබියෙදී මෙය පැවැත්විමට කටයුතු කිරීම පිළිබදව ඔබ සැමට ප්‍රණාමය පුද කරනවා. හොද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න මේ වගේ ක්‍රීඩා උළෙලවල් උපකාරී වෙනවා. ජාතික මට්ටමට යන්නේ මෙතනින් බිහිවන අයයි. ඒ අය තමයි රට වෙනුවෙන් ක්‍රීඩා කරලා රටට ගෞරවයක් ගේන්න කටයුතු කරන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කියන්නේ කොතරම් දුෂ්කරතා තිබුණත් ඔබගේ හැකියාවන් ඉදිරියට ගෙන යන්න අපි කටයුතු සංවිධානය කරනවා. ඔබ දක්ෂතා පෙන්වනවානම් ඉදිරියට යන්න සෑම අතකින්ම අවශ්‍ය පහසුකම් සලසා දෙන්න පියවර ගන්නවා. ඒ නිසා කවදාවත් තියෙන ගැටළුත් එක්ක මේ ක්‍රීඩාව අතහරින්න එපා. පසුගියදා බොහෝ අපහසුතා මැද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට ගිහින් ජයග්‍රහණ ගෙන දුන්නා. ඒක අපේ රටට ආඩම්බරයක් ගෞරවයක්.” යැයි පැවසීය.
මෙදින තරග සදහා පසුගිය වසර වලදී ජාතික හා ජාත්‍යන්තර තරග සදහා ඉදිරිපත්ව ජයග්‍රහණ රැසක් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්ව සිටියහ. මෙම තරග වලින් ජයග්රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සහතික පිරිනැමීම පැමිණි ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච් එස්.ජයමහ, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා, අගුණුකොළපැලැස්ස ප්රාදේශීය ලේකම් චින්තා පී.ඩබ්ලිව්.වන්නිආරච්චි, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එරංගා උමංගා මැන්දිස්, අගුණුකොළපැලැස්ස සහකාර ප්රාදේශීය ලේකම් එච්.කේ.සමන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.



තිස්සමහාරාම රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩව මාස දෙකක් බත් දන්සලක් පැවැත්වීම 2022.08.07 දින ආරම්භ විය.
විහාරාධිපති අති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අවවාද අනුශාසනා හා මඟපෙන්විම පරිදි ආරම්භ කළ මෙම දන්සල සදහා අනුග්‍රහය දක්වනු ලබන්නේ තායිවානේ නන්මින් විහාරයේ විහාරාධිපති හිමි ඇතුළු දායක සභාවයි.
ආරම්භ කළ දිනයේ පටන් අඛණ්ඩව මාස දෙකක් ඉරිදා දිනය හැර සෑම දිනකම දහවල් 12 සිට සවස 03 දක්වා මෙම දන්සල පැවැත්විමට කටයුතු යොදා ඇත. තිස්සමහාරාම රජමහා විහාරස්ථානය විසින් ආරම්භ කර ඇති අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙස එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණය වැඩි කිරීමත් තිස්සමහාරාම හා කතරගම පුදබිම්වල වන්දනාවේ යන බැතිමතුන්ගේ කුසගින්න නිවීමත් මෙහි අරමුණ බව සංවිධායක මණ්ඩලය විසින් සදහන් කරන ලදී..
මෙම උතුම් පිංකම ආරම්භ කිරීමේ අවස්ථාව සදහා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ජී.උපුල්,හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.


අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් පවුල් සියයක් සඳහා වියළි ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2022.08.08 දින පෙරවරුවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සහකාර ප්රාදේශීය ලේකම් එම්.ජී.අරුණි නිසංසලා මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා මූල්‍ය දායකත්වය ලබා දීම ගුණ ජය සතුට පදනම විසින් සිදු කෙරුණු අතර, එක් අයෙකු සදහා රුපියල් තුන් දහස් පන්සියයක මුදලක් වැය කර තිබුණි.
යුරෝපා සංගමයේ මානුෂීය ආධාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රීමාල් ලියනගේ මහත්මාගේ ඉල්ලීමකට අනුව ඉහත ආයතනය විසින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී පුෂ්ප කුමාර බණ්ඩාර, වෛද්‍ය චමීර නම්බුකාර, අම්බලන්තොට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.




එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා ආධාර ලබා දීමේ වැඩසටහන
ඉන්දීය ආධාර යටතේ හම්බන්තොට දිස්ත්රික්කය සදහාද සහල් හා කිරිපිටි ලබා දීම
හම්බන්තොට දිස්ත්රික් කෘෂි කර්ම කමිටුව 2022.06.07
හම්බන්තොට දිස්ත්රික්කයේ විශේෂ අවශ්යතා සහිත පුද්ගලයින්ගේ දිස්ත්රික් ක්රීඩා උත්සවය
හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම
සිවිල් සංවිධාන දහයක් වෙත ප්රජා ජනමාධ්යකරණය පිලිබදව පුහුණු වැඩසටහන
“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්රාමය” -2022 ජාතික වැඩසටහන



“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්රාමය” -2022 ජාතික වැඩසටහන
2022 මාර්තු මස හම්බන්තොට දිස්ත්රික් කෘෂි කර්ම කමිටුව
ගිනි නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන
හම්බන්තොට දිස්ත්රික්කයේ 2020 ග්රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගයෙන් ජයග්රහණය කළ ග්රාම නිලධාරීන්ට සහතික පත්ර හා ප්රසංසා ලිපි ප්රධානය කිරීම



හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 273දෙනෙකුට ඉඩම් බලපත්ර හා දීමනා පත්ර ලබා දීමේ උත්සවය




2022 යල කන්නය සදහා අවශ්යකාබනික පොහොර නිෂ්පාදනය මිලදී ගැනීම, ගුණාත්මක බව ඉහළ නැංවීම හා සංවිධානය කිරීම පිළිබද සාකච්ඡාව


74 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන් දිමේ වැඩසටහන




අභිමානවත් 74 වන ජාතික නිදහස් දින සැමරුම







හම්බන්තොට දිස්ත්රික් නව සමෘද්ධි අධ්‍යක්ෂවරිය සුභ මොහොතින් වැඩ භාර ගැනීම
ඉන්දියාවේ 73 වන ජනරජ දින සැමරුම් උත්සවය
හම්බන්තොට දිස්ත්‍රික් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ආරම්භ කිරීම
දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීම
රණවිරු ගම්මාන දෙකක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහන
“යතිවර මෙහෙවරට ගෞරව උපහාර” උපහාර පුද කිරීමේ වැඩ සටහන
සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී ධූරයෙන් පසුගියදා නිතරගයෙන් තේරීපත්වූ බලකඩුව අනුරුදු අරණ නිර්මාතෘ හා අධිපති ලෝක තරුණ බෞද්ධ මහා සංගමයේ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන් පිළිගෙන උපහාර පුද කිරීමේ වැඩ සටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2022.01.21 දින සවස පැවැත්විණි.
“යතිවර මෙහෙවරට ගෞරව උපහාර” නමින් යුත් මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය එක්ව සංවිධානය කෙරිණි.එසේම දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල දහම් ප්‍රබෝධය ඇති කිරීමට කටයුතු කළ සභාපති හා ලේකම් ස්වාමීන්වහන්සේලාටද උපහාර දැක්වීමක් හා සේවා ඇගයීමක්ද මෙදින සිදුවිය.
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වැඩබලන මහා නායක සිත්තම් ගල්ලෙන රාජමහා විහාරාධිපති පූජ්‍ය අගලබඩ පියසිරි නාහිමි ගේ සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධමිමින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවත්විණි.
එම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ඉත්තදෙමලියේ පඥ්ඥාරතන නාහිමි, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති පූජ්‍ය නලගම ධම්මවංශ නා හිමි,ඇතුළු මහා සංඝ රත්කයද, හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර,අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, සහකාර දිස්ත්රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී,යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )
එක්සත් ජාතීන්ගේ සමාජ සංවර්ධන ඉලක්ක පදනම් කර ගත් ප්රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාව
රාජ්ය සේවය සදහා උපාධිධාරීන් බදවා ගැනිමේ වැඩසටහන
රාජ්‍ය සේවය සදහා උපාධිධාරීන් බදවා ගැනිමේ වැඩසටහන යටතේ 2020 වසරේ දී පුහුණුව සදහා අනුයුක්ත කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 53 දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම 2022.01.14 දින සිදු කෙරිණි.
මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී වාරිමාර්ග අමාත්ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව පත්වීම් ප්‍රධානය සිදුවිය.
සංවර්ධන නිලධාරී තනතුරේ පත්වීම්ලද මෙම පිරිසෙන් කිහිප දෙනෙක් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයටද අනෙක් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩ සටහන යටතේ සදහා බඳවාගත් නිත්‍ය පත්වීම් ලබා දොලහ (12) වෙත අනුයුක්ත කෙරිණි.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට ප්රාදේශීය සභාවේ සභාපති අනුර සමරගුණරත්න, හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත,සහකාර දිස්ත්රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී, යන මහත්ම මහත්මීන්ද දිස්ත්‍රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ නව සහකාර අධ්යක්ෂවරයා ලෙස විංග් කමාන්ඩර් අජිත් ජයකොඩි මහතා පසුගියදා වැඩභාර ගැනීම
"AKAM - හම්බන්තොට දිස්ත්රික් සත් සාමාජික පාපන්දු තරඟාවලිය"
2022 නව වසර ආරම්භය
Page 1 of 2























































































































































