හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් වශයෙන් කටයුතු කළ ජේ.එච්.එස්.ජයමහ මහතා මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස පත්ව යෑම සහ යාන්ත්‍රික ඉංජිනේරු එම්.මහේෂ් උදය කුමාර මහතා වාරි මාර්ග දෙපාර්තමේනතුවේ ඉංජිනේරුවරයෙකු ලෙස ස්ථාන මාරුවී යෑම වෙනුවෙන් අභිනික්මනක සොඳුරු අඩහැරය නම් උපහාර වැඩ සටහනක් 2022.09.30 දින සවස මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ මගපෙන්වීම අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කෙරිණි.

2021.09.29 දින හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්වන ජයමහ මහතා 2003 වසරේ සැප්තැම්බර්  මාසයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ඒ අනුව වලස්මුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වන එතුමා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා ජයග්‍රහණයට ගෙන ඒමේදී විශාල දායකත්වයක් දැක්වීය. 2010 .02.11 දින බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වන එතුමා 2017.05.23 දක්වා එහි සේවය කළ අතර ජාතික ඵලදායිතා තරගයෙන් ලංකාවෙන් තුන්වන ස්ථානය ලබා ගැනීමට කටයුතු කෙරිණි. ඉන් පසුව ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කෙරිණි.

මහේෂ් උදය කුමාර මහතා 2011 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලැබ කටුනායක නිදහස් වෙළද කළාපයේ පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයෙක් ලෙස සේවයට එක්විය. පසුව ඩේවිඩ් පීරිස් ආයතනයට එක්වන ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය සදහා වූ තරග විභාගයට 2014 වසරේදී පෙනී සිට ලංකාවෙන්ම තුන්වන ස්ථානය දිනා ගනිමින් රාජ්‍ය සේවයට එක්විය. එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස පත්වන එතුමා මෙහි පලමුවන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ද විය.

මෙම දෙපල හම්බන්තොට දිස්ත්‍රික්කයට සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් උපහාර දැක්වීම මෙහිදී සිදු කළ අතර මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් ලෙස කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්විය.

310245899 410993131197349 6337135026656306063 n   310288370 410993001197362 8100018604024590041 n   

310301463 410994677863861 1911798076150927420 n   310232156 410995424530453 2458872389888398914 n

310545237 410995537863775 7788009339410606673 n