• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යාලයීය සැලැස්ම
    • කොට්ඨාශ
  • Navigation
  • ව්‍යපෘති
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • බාගත කිරීම්
  • මුහුණු පොත
  • ප්‍රසම්පාදන
    • Tender Notice
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • වීථි දර්ශනය
  • IAU
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • RTI
  • වැදගත් ආයතන

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යාලයීය සැලැස්ම
    • කොට්ඨාශ
  • Navigation
  • ව්‍යපෘති
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • බාගත කිරීම්
  • මුහුණු පොත
  • ප්‍රසම්පාදන
    • Tender Notice
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
    • වීථි දර්ශනය
  • IAU
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • අපි ගැන
  • කොට්ඨාශ

කොට්ඨාශ

කොට්ඨාශ

ගිණුම් අංශය

ගිණුම් අංශය

 


ප්‍රධාන ගණකාධිකාරී

 


 


ගණකාධිකාරී

 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ ව්‍යූහය හා කාර්යභාරය


දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැක්ම හා මෙහෙවර අනුව අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කිරීමේදී මූල්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතු වඩාත් වැදගත් වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රජයේ මූල්‍ය කටයුතු වලදී A පන්තියේ දෙපාර්තමේන්තුවක් ලෙස සලකනු ලබන අතර රජයේ වාර්ෂික ඇස්මේන්තුවෙන් 263 වැය ශීර්ෂයෙන් 2017 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසන ලදි. මූල්‍ය කටයුතු වලදී දිස්ත්‍රික් ලේකම් ගණන් දීමේ නිළධාරියා වශයෙන් වගකිව යුතු වේ.
ව්‍යුහය
01 පාලන ගිණුම් අංශය: ව්‍යාපෘති 01 හා 02 මූල්‍ය කටයුතු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය.
02. ගිණුම් අංශය : දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ සාමාන්‍ය පරිපාලන හා ආයතන සේවා.

ප්‍රධාන කාර්යයන්
මූල්‍ය කළමනාකරණය සහ ගිණුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් නම්,
01. වාර්ෂික ඇස්තමේන්තුවෙන් ලබා දී ඇති මූලධන හා පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදන සහ ඒ අනුව මාසිකව භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා අක්මුදල් බෙදාදීම, කළමනාකරණය කිරීම, අධීක්ෂණය හා පාලනය කිරීම.


02. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ග්‍රාම නිළධාරී කොට්ඨාශ මට්ටමින් කරනු ලබන රජයේ කටයුතු සමායෝජනය කිරීම සහ නීතියෙන් පැවරී ඇති කාර්යයන් ඉටු කිරීමත් අදාළ ගෙවීම් කිරීම හා ආදායම් රැස් කිරීම.


03. වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල නියෝජිත වශයෙන් කරනු ලබන මූලධන හා පුනරාවර්තන ගෙවීම් හා ආදායම් රැස්කිරීම හා ප්‍රේෂණය කිරීම.


04. විමධ්‍යගත අයවැය වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී ඊට අදාල ගෙවීම් කිරීම.

පරිපාලන සහ ආයතන අංශය

පරිපාලන සහ ආයතන අංශය

 


අතිරේක දිස්ත්‍රික් ලේකම්


 


සහකාර දිස්ත්‍රික් ලේකම්


 


පරිපාලන නිලධාරී

දැක්ම: කාර්යක්ෂම දිස්ත්‍රික් පරිපාලනයක් තුලින් විශිෂ්ටතම මහජන සේවාවක්

මෙහෙවර : ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරණව, යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කරමින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව මනා සම්පත් කළමනාකරණය හා සම්බන්ධීකරණය තුලින් දිස්ත්‍රික්කය තුල තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම

අරමුණු : දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම නිලධාරින්ගේ ආයතන කටයුතු, රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීමේ වැඩසටහන්,ගිනි අවි බලපත්‍ර සහ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර ලබා දීම, සහ මහජන පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම.

ඉටු කරනු ලබන කාර්යයන්

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින්ගේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සියලුම නිලධාරින්ගේ ආයතන කටයුතු.
  • ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම හා අනෙකුත් නිලධාරින්ගේ ආයතන කටයුතු හා විනය කටයුතු.
  • දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින්ගේ ආයතන කටයුතු හා විනය කටයුතු.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම.
  • බලපත්‍ර සම්බන්ධ කටයුතු කිරීම (ගිනි අවි බලපත්‍ර සහ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර).
  • වාහන සම්බන්ධ සියලු නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු.
  • මැතිවරණ විෂයට අදාල සම්බන්ධීකරණ කටයුතු.
  • විවිධ සමාජ සේවා සුභසාධන කටයුතු.
  • රාජ්‍ය උත්සව සංවිධානය කිරීම.
  • රාජ්‍ය නිලධාරින්ගේ පදිංචිය සඳහා රජයේ පොදු නිවාස ලබා දීම, නිවාස නඩත්තුව සහ නිවාස කුලී අය කිරීම.
  • සංස්කෘතික කටයුතු, බෞද්ධ කටයුතු සහ පාරිසරික කටයුතු මෙහෙයවීම.
  • මානව සම්පත් සංවර්ධනය සහ ඵලදායිතාවය වර්ධනය සඳහා නිලධාරින් වෙනුවෙන් පුහුණු සිදු කිරීම.
  • දිස්ත්‍රික්කය තුල ආපදා කළමනාකරණ කටයුතු මෙහෙයවීම.
  • වන අලි හා වන්දි ගෙවීම පිළිබඳ සියළුම රාජකාරී.
  • අබිං කමිටු වලට අදාල රාජකාරී.
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අදාල රාජකාරී.
  • සංචාරක නිවාස වෙන් කිරීම නඩත්තු කිරීම පවත්වා ගැනීම පිළිබඳ රාජකාරී.
  • ප්‍රාදේශීය ලේකම් වල ඉඩම් ගැටළු, මහජන පෙත්සම් හා පැමිණිලි සම්බන්ද රාජකාරී.
  • කොස් ඇතුළු දැව සම්බන්ද රාජකාරී.
  • ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ලිපි වලට අදාල රාජකාරි.
  • දිස්ත්‍රික්ක ලේකම් හා ප්‍රාදේශීය ලේකම් පවිත්‍රතා කටයුතු.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පාලනය වන රජයේ නිල නිවාස/පොදුනිවාස පිළිබඳ විස්තරය

             රජයේ නිල නිවාස සංඛ්‍යාව       = 07

             රජයේ පොදු නිවාස සංඛ්‍යාව     = 28

7.1 නිවාස කුලී අය කිරීම

2017 වර්ෂයේ අය කිරීම

2018 වර්ෂයේ අය කිරීම

රු. 1,079,668.29

රු. 1,217,308.00

7.2 ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු - 2017/2018

අනු අංකය

කාරණය

2017 වර්ෂය

2018 වර්ෂය

01

අලුතින් නිකුත් කරන ලද ගිනි අවි බලපත්‍ර සංඛ්‍යාව

26

නැත

02

අලුත් කරන ලද ගිනි අවි බලපත්‍ර සංඛ්‍යාව

581

608

03

අලුත් නොකරන ලද ගිනි අවි බලපත්‍ර සංඛ්‍යාව

128

145

 

මුළු ගිනි අවි සංඛ්‍යාව

735

753

7.3 වාහන අලුත්වැඩියා කටයුතු

2017 වර්ෂයේ දරණ ලද වියදම්

2018 වර්ෂයේ දරණ ලද වියදම්

අළුත්වැඩියා සඳහා රු.     2,524,848.80

අළුත්වැඩියා සඳහා රු.     1,960,263.28

සේවා කිරීම සඳහා රු.        864,350.94

සේවා කිරීම සඳහා රු.        693,049.50

 7.4 නවක ග්‍රාම නිලධාරී පුහුණු

2018 වර්ෂයේ දරණ ලද වියදම්

රු. 306750.00

7.5 සංචාරක නිල නිවාස

2017 වර්ෂයේ දරණ ලද වියදම

2018 වර්ෂයේ දරණ ලද වියදම

රු. 42592.00

රු. 90280.00

 

සැලසුම් අංශය

සැලසුම් අංශය

 


අධ්‍යක්ෂ (සැලසුම්)

. දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය

දැක්ම : හම්බන්තොට දිස්ත්‍රික්කය දිවයිනේ සංවර්ධිතම දිස්ත්‍රික්කය බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකිවන පරිදි දිස්ත්‍රික්කයේ ජනතාවට උපරිම සේවාවක් ඉටු කිරීම උදෙසා සම්පත් මනා ලෙස කළමනාකරණය කිරීම.

මෙහෙවර :දිස්ත්‍රික්කයේ ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් කාර්යක්ෂම ලෙස හා ඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකිවන සේ සැලසුම් සකස් කිරීම, මෙහෙය වීම, ඇගයීම,ප්‍රගති සමාලෝචන හා සම්බන්ධීකරණ කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීම තුළින් තිරසාර සංවර්ධනයක් උදෙසා උපරිම දායකත්වයක් ලබාදීම.

ප්‍රධාන කාර්යයන්

  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව , කෘෂිකර්ම කමිටුව හා අනෙකුත් සංවර්ධන කටයුතු වලට අදාළ ප්‍රධාන රැස්වීම් සම්බන්ධීකරණය හා මෙහෙය වීම.
  • දිස්ත්‍රික්කයට අදාළ සියළු සංවර්ධන කටයුතු  මෙහෙය වීම හා අධීක්ෂණය.
  • අනෙකුත් රේඛීය අමාත්‍යංශ ආයතන වල සංවර්ධන වැඩ සටහන් දිස්ත්‍රික්කය තුළ සම්බන්ධීකරණය හා මෙහෙය ‍වීම.
  • දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විශේෂ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණය. .
  • දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික්කය තුළ සේවය කරන නිළධාරීන්ගේ පරිපාලන හා ආයතන කටයුතු.
  • දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයෝජන සැලැස්ම සැකසීම.

ඉංජිනේරු අංශය

ඉංජිනේරු අංශය

 


දිස්ත්‍රික් ඉංජිනේරු

ඉංජිනේරු අංශය

දැක්ම : කාර්යෂම දිස්ත්‍රික් පරිපාලනයක් තුලින් විශිෂ්ඨ මහජන සේවාවක්

මෙහෙවර: ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරණව, යුක්තිගරුකව හා මිත්‍රශිලිව ඉටු කරමින් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මනා  සම්පත් කළමනාකරණය හා සම්බන්ධීකරණය තුලින් දිස්ත්‍රික්කය තුල තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම

අරමුණ හා පරමාර්ථ     : දිස්ත්‍රික්කය තුල ඉදිකිරීම් අවශ්‍යතා සපුරමින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම.

අනු  අංකය

2018  වර්ෂයේ  ඉලක්කයන්

ඉලක්ක ලඟාකර  ගැනීම ප්‍රතිශතයක් ලෙස(%)

වැයකරන  ලද  මුදල(රු)

01

අම්බලන්තොට  ප්‍රාදේශිය  ලේකම්  කාර්යාලයේ  නව තෙමහල්  ගොඩනැල්ල  ඉදිකිරිම.

100%

15,292,743.48

02

ඕකෙවෙල ප්‍රාදේශිය  ලේකම්  කාර්යාලයේ  නව තෙමහල්  ගොඩනැල්ල  ඉදිකිරිම.

100%

51,163,748.00

03

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය  ලේකම්  කාර්යාලයේ  නව තෙමහල්  ගොඩනැල්ල  ඉදිකිරිම.

100%

16,226,619.32

04

දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයේ(පැරණි)  නිළ  නිවස  අලුත්වැඩියාව.

100%

507,870.07

05

ඕකේවෙල  ගණකාධිකාරි  නිළ නිවසේ  බැම්ම, දැල්වැට, පිවිසුම්  මාර්ගය

100%

2,360,940.88

06

පරිපාලන  සංකීර්ණයේ  ගොඩනැගිල්ලේ  II,III,මහලේ තීන්ත  ආලේපය  කිරිම

100%

2,571,057.30

07

අගුණුකොළපැලැස්ස  ප්‍රාදේශිය  ලේකම්  කාර්යාලයේ  නව තෙමහල්  ගොඩනැල්ල  ඉදිකිරිමේ භූමියේ පැවැති පැරණි ගොඩනැගිල්ල ඉවත් කිරීම.

100%

638,633.53

08

පරිපාලන  සංකීර්ණයේ  ගොඩනැගිල්ලේ  ජලනල  පද්ධතිය අලුත්වැඩියාව

100%

49,680.00

09

දිස්ත්‍රික්  ඉංජිනේරු  ගොඩනැගිලි  කාර්යාලයේ  අලුත්වැඩියාව

100%

1,004,622.16

10

අංක 04 නිළ  නිවාස  අලුත්වැඩියාව

100%

305,250.00

11

අංක  29 නිළ  නිවාස  අලුත්වැඩියාව

100%

46,595.52

12

අංක  56 නිළ  නිවාස  අලුත්වැඩියාව

100%

967,885.19

13

අංක  12  නිළ  නිවාස  අලුත්වැඩියාව

100%

831,911.14

14

අංක  16  නිළ  නිවාස  අලුත්වැඩියාව

100%

16,765,945.52

15

සහකාර  දිස්ත්‍රික්  ලේකම්  නිළ  නිවාසය  අලුත්වැඩියාව

100%

257,117.04

16

වෙරළ  සංරක්ෂණ  හා  වෙරළ  කළමණාකරණ  ආයතනයේ  කොටසක්  වෙන්කිරිම.

100%

849,897.22

17

අපදා  කළමණාකරන  අංශයේ  ගුවන්  හමුදා  නිළධාරින්ගේ  විවේක  කාමරය

100%

743,081.68

18

සුරියවැව  පොලිස්  ළමා  හා  කාන්තා  කාර්යාංශ  ගොඩනැල්ල  ඉදිකිරිම.

100%

2,235,572.16

19

කොහෙලංකල  වී  ගබඩාව  අලුත්වැඩියාව

100%

713,217.97

20

දෙහිගහලන්ද  වී  ගබඩාව සහ  මුරකුටිය අලුත්වැඩියාව

100%

930,396.85

21

තෙළඹුයාය  වෘත්තිය  පුහුණු  මධ්‍යස්ථානයේ   ජල  ටැංකිය  ඉදිකිරිම.

100%

2133,136.92

 

එකතුව

 

116,595,921.95

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

b dumy


ආපදා කලමනාකරණ නිලධාරී

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය

දැක්ම :       වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා

මෙහෙවර : ස්වභාවිකව සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන ඵලදායිව වලක්වා ගැනීම හා අවම කිරීම තුළින් සාමකාමී, සෞභාග්‍යමත් සහ ගෞරවනීය වූ මිනිස් ජීවිතයකට වාසස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම.

අරමුණු හා පරමාර්ථ :  

 අමාත්‍යංශය වෙත පවරා ඇති කාර්යයන් ක්‍රියාත්මක කරනු පිණිස අමාත්‍යාංශයේ කටයුතු පහත සඳහන් පරිදි ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට බෙදා ඇත. ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ආපදා වලින් ජන ජීවිත, දේපළ සේවා සුරක්ෂිත කිරීම. (වැළැක්වීම, අවම කිරීම, පෙරසූදානම, පර්යේෂණ සහ සංවර්ධන) ප්‍රත්‍යස්ථ සමාජයක් උදෙසා ප්‍රජා සුරක්ෂිතභාවය තහවුරු කිරීම. (පූර්ව අනතුරු ඇඟවීම්, හදිසි මෙහෙයුම්, මුදවා ගැනීම හා සහන සේවා) පශ්චාත් ආපදා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා පහසුකම් සැපයීම. (යථා තත්ත්වයට පත් කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය)

ඉටුකරනු ලබන කාර්යයන් -

මෙම අභිමතාර්ථ ඉටු කර ගැනීම සදහා 2010 නොවැම්බර් 22 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් අමාත්‍යාංශය වෙත පහත සදහන් කාර්යයන් පවරා ඇත.  ස්වාභාවික විපත් හා මිනිස්  ක්‍රියාකාරකම් නිසා ඇති වන විපත්වල දී සහන සැලසීමේ ක්‍රියාකාරකම්  සම්බන්ධීකරණය හා කළමනාකරණය, ව්‍යසන අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම හා යථාත්වීකරණය පිළිබද ප්‍රතිපත්ති, වැඩ සටහන් හා ව්‍යාපෘති සම්පාදනය, අදාල අරමුණ සපුරා ගැනීම සදහා ජාතික සැලසුම් බලධාරින් සමග එකඟතාවයට පැමිණි කාලසීමාව හා අයවැයගත සම්පත් ප්‍රමාණය තුළ ඉහත ප්‍රතිපත්ති වැඩසටහන් හා  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණ සැලැස්ම හා හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම,  ව්‍යසන අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම සහ යථාත්වීකරණය පිළිබඳ විදේශීය ආධාර ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය. ඉහත කාර්යයන් නිසි වේලාවට ක්‍රියාත්මක වීම සහතික කර ගැනීම පිණිස අමාත්‍යාංශය හා රාජ්‍ය සංවිධාන සමග සම්බන්ධීකරණය. ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව්‍යසන  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම. ගංවතුර, නියගය , නායයෑම්, වසංගත රෝග සහ වෙනත් විශේෂ හේතූන් නිසා සිදුවන ආපදාවන්හි දී සහන සැලසීම. ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව්‍යසන වලදී ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම. පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම.  නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු, කාලගුණ විද්‍යාත්මක සමීක්ෂණ හා පර්යේෂණ කටයුතු, අමාත්‍යාංශයේ අධීක්ෂණය යට‍තේ පවතින ආයතනවල අනෙකුත් සියළුම විෂයයන් හා අධීක්ෂණ කටයුතු, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති,  ආපදා පෙර සූදානම් සහ සැළසුම් වැඩසටහන්,  පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්,  හදිසි ප්‍රතිචාර දැක්වීම.

 

ඉටු කරන ලද කාර්යයන්

2018 වර්ෂයේ ඉලක්කයන්

2018.12.31 දිනට අදාල ඉලක්ක ලඟාකර ගැනීම

ඉලක්ක ලඟාකර ගැනීමේ ප්‍රතිශතයක් ලෙස (%)

වැයකරන ලද මුදල (රු.) (ඇත්නම්)

ප්‍රතිලාභීන් සංඛ්‍යාව (ඇත්නම්)

වෙනත් කරුණු

ආපදා අවම කිරීමේ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීම

ව්‍යාපෘති 04 ක වැඩ සම්පූර්ණව අවසන් කොට ඇත.

85%

    15,484,478.92

9020

එක් ව්‍යාපෘතියක වැඩඅවසන් කොට නොමැති අතර  2019.04.31 වන දිනට වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.

ආපදා අවම කිරීමේ (විශේෂ)  ආපදා අවදානම් පැතිකඩ

1

100%

            64,500.00

125

--

ආපදා පෙර සූදානම් හා සැලසුම් වැඩසටහන්

20

100%

         525,753.00

1795

දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.

ආපදා පෙර සූදානම් හා සැලසුම් වැඩසටහන් (විශේෂ)

22

100%

         772,195.00

1703

දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.

පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්

12

100%

         219,350.00

772

දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.

පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් (විශේෂ)

19

100%

         223,255.00

1860

දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.

 

 

 

 

කෘෂිකර්ම අංශය

කෘෂිකර්ම අංශය

b dumy


අධ්‍යක්ෂ

b dumy


සහකාර අධ්‍යක්ෂ පොහොර

කෘෂිකර්ම අංශය

දැක්ම :- ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම, ඵලදායි හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්.

මෙහෙවර:- ස්වාභාවික සම්පත් තිරසාර කළමණාකරණය තුලින් සමාජීය වශයෙන් පිලිගත් නව්‍ය හා වානිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්ෂාත් කරගැනීම.

අරමුණු හා පරමාර්ථ :-

  • ආහාර ආශ්‍රිත කෘෂිබෝග විෂයෙහි ප්‍රතිපත්තිමය සහාය සැපයීම.
  • ආහාර හා පෝෂිත සුරක්ෂිතතාවය තහවුරු කිරීම.
  • කෘෂි නිෂ්පාදනය සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම.
  • ව්‍යාපෘති නිසි කලට ක්‍රියාත්මක කිරීම.
  • තෝරාගත් බෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම.
  • කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම.
  • විදේශ අරමුදල් කාර්යක්ෂම හා ඵලදායි ලෙස යෙදවීම.
  • සේවා ලාභීන්ට මිත්‍රශීලී හා ප්‍රතිඵල අරමුණු කරගත් පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

ඉටුකරනු ලබන කාර්යයන් :-

  • කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම.
  • කෘෂි තාක්ෂණික තොරතුරු ගොවීන් වෙත ලබාදීමේ ක්‍රියාවලියට අදාල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • ගොවි ප්‍රජාව මුහුණ දෙන වගා ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉටු කිරීම.
  • දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත්වීම සහ ඊට අදාල කටයුතු ඉටු කිරීම.
  • දිස්ත්‍රික්කය තුල භාවිතා කරන සියලුම පොහොර වල නියාමනය, අධිභාරය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • පොහොර අලෙවි කරුවන් සහ නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම සහ පොහොර සම්බන්ධයෙන් සිදුවන අක්‍රමිකතා පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කිරිම.
  • දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික තොරතුරු එක්රැස් කිරීම, වාර්තා කිරීම සහ සමාලෝචනය.

 

පර්යේෂණ සහ සන්නිවේදන ඒකකය

පර්යේෂණ සහ සන්නිවේදන ඒකකය

 


සහකාර දිස්ත්‍රික් ලේකම්

 

 

මිණුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය

මිණුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය

 


කාර්යභාර නිලධාරී (මිනුම් ප්‍රමිති ඒකකය)


ජන හා සංඛ්‍යාලේඛන අංශය

ජන හා සංඛ්‍යාලේඛන අංශය

 


සංඛ්‍යාලේඛනඥ

ජන හා සංඛ්‍යාලේඛන අංශය

දැක්ම : නිවැරදි හා කාලෝචිත සමාජ ආර්ථික තොරතුරු පද්ධතියක් පදනම් කර ගනිමින් නිවැරදි තීරණ ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය ළඟාකර ගැනීම දෙපාර්තමේන්තුවේ දැක්ම වේ.

මෙහෙවර :-ශ්‍රී ලාංකිය දේශය හා එහි ප්‍රජාව උදෙසා වඩා යහපත් අනාගතයක් උදා කෙරෙන සැලසුම් සම්පාදනයටද, සංවර්ධන ප්‍රගතිය හා අනෙකුත් සමාජ, ආර්ථික ක්‍රියාදාමයන් ඇගයීමටද,අප දේශයේ ආර්ථික සහ ජන ජීවන මට්ටම කෙරෙහි විවිධ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි බලපෑම ගණනය කිරීම සඳහාද අවශ්‍ය වන්නා වූ නිවරද්‍ය හා කාලීනමය සංඛ්‍යාන තොරතුරු රුස් කිරීම, සැකසීම හා ප්‍රචලිත කිරීම ,ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පැවරුණු මෙහෙවර වන්නේ ය. මෙම උදාර කර්තව්‍ය සඵල කරදීම සඳහා අපි එකමුතුව වැඩකර දැයේ දියුණවට දායක වෙමු.

අරමුණු හා පරමාර්ථ:-

සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ප්‍රමාණවත් දත්ත හා තොරතුරු නොමැතිකම ගැටළුවක්ව පවතින මෙවන් අවධියක අරමුණු මුදුන්පත් කර ගැනිමට අනුගතව සැලසුම් සකස් කිරීම සඳහා සංඛ්‍යාන තොරතුරු යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම සංඛ්‍යලේඛන අංශයේ ප්‍රධාන අරමුණයි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අංශය, ජනගහනය, කෘෂිකර්ම, වෙලඳ හා සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය,ශ්‍රම බලය, දේශපාලනය හා ‍ඓතිහාසික තොරතුරුද ඇතුලත්ව විවිධ ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත හා තොරතුරු රැස් කරනු ලබයි.    

පුපුරණ ද්‍රව්‍ය අංශය

පුපුරණ ද්‍රව්‍ය අංශය

 


සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක

 


දිවිනැගුම අංශය

දිවිනැගුම අංශය

 


දිවිනැගුම අධ්‍යක්ෂ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

දැක්ම   : වසර 2030 වන විට දුගී බවින් තොර ,සවිබල ගැන්වූ ,සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ,බිහි කිරීමට කටයුතු කරන, පුරෝගාමී ආයතනයක් බවට පත්වීම

මෙහෙවර  : අන්තීකරණයට පත් ජනතාව සවිබල ගැන්වීම ( ආර්ථික, සමාජීය, භෞතික, මානසික, තීරණ ගැනීම, නෛතික හා පාරසරික) හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සදහා කාර්යක්‍ෂම, ඵලදායී, වේගවත් හා ඵලදායී විසදුම් ජන හිත කාමී ලෙස ක්‍රියාවට නැංවීම සදහා දෙපාර්තමේන්තු, ප්‍රජා මූල සංවිධාන හා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන් , රජය, පෞද්ගලික ජනතාව හා දේශපාලන අංශ වල මනා දායකත්වය හා දේශීය හා ගෝලී ය  ආයතන වලද සහභාගීත්වයෙන් දුගී බවෙන්  තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුලින් ආර්ථික සංවර්ධනයට දායක  වීම.

අරමුණු හා පරමාර්ථ       : දිළිඳුකම අවම කිරීම.

 

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 07 September 2026.