හම්බන්තොට දිස්ත්රික්කයේ 2020 ග්රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගයෙන් ජයග්රහණය කළ ග්රාම නිලධාරීන්ට සහතික පත්ර හා ප්රසංසා ලිපි ප්රධානය කිරීම

හම්බන්තොට දිස්ත්රික්කයේ 2020 ග්රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගයෙන් ජයග්රහණය කළ ග්රාම නිලධාරීන්ට සහතික පත්ර හා ප්රසංසා ලිපි ප්රධානය කිරීම වාරිමාර්ග අමාත්ය රාජ්ය ආරක්ෂක ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2022.02.14 දින පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ පළමු ස්ථානය ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝගහවැව ග්රාම නිලධාරී වසමේ එල්.එච්.එස්.එන්.සංජීව මහතා විසින් දිනා ගත්තේය.දෙවන ස්ථානය වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇත්පිටිය ග්රාම නිලධාරී වසමේ කේ.අනුලා ඉන්ද්රානි මහත්මියද තෙවන ස්ථානය අගුණුකොළපැලැස්ස ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැලේකඩ ග්රාම නිලධාරී වසමේ සී. විජේදෝරු මහත්මියද විසින් දිනා ගෙන තිබිණි.හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා විශේෂ කුසලතා සහතික ප්රධානය කෙරිණි.විසි නවදෙනෙකු වෙනුවෙන් කුසලතා සහතික පිරිනැමුණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල අතර පැවැති තරගයෙන් 1,2,3 යන ස්ථාන දිනා ගත් අය තෝරාගෙන එම අය අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත මහතාගේ ප්රධානත්වයෙන් යුත් කමිටුවකින් දිස්ත්රික් ජයග්රහණ තොරා ගැනිණි.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්රී අජිත් රාජපක්ෂ,හම්බන්තොට ප්රාදේශීය සභාවේ සභාපති ගාමිණී සමරගුණරත්න,උප සභාපති රුවන් කුමාර, දිස්ත්රික් ලේකම් එච්.පී.සුමනසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ,ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් අයි.එල්.වික්රමනායක, පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්.ඒ.වී.නිරෝෂන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
 
274025128 250382183925112 3258568141943181196 n 274023671 250382007258463 3790637862702321696 n
 
273750359 250381983925132 4603390078972540944 n 272901468 250381377258526 8715556889683594358 n
 
272946088 250381567258507 7624799297075817430 n 273873235 250382220591775 4918058657120031425 n