තිස්සමහාරාම රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩව මාස දෙකක් බත් දන්සලක් පැවැත්වීම 2022.08.07 දින ආරම්භ විය.

විහාරාධිපති අති පූජ්‍ය  ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අවවාද අනුශාසනා හා මඟපෙන්විම පරිදි ආරම්භ කළ මෙම දන්සල සදහා අනුග්‍රහය  දක්වනු ලබන්නේ තායිවානේ නන්මින් විහාරයේ විහාරාධිපති හිමි ඇතුළු දායක සභාවයි.

ආරම්භ කළ දිනයේ පටන් අඛණ්ඩව මාස දෙකක් ඉරිදා දිනය හැර සෑම දිනකම දහවල් 12 සිට සවස 03 දක්වා මෙම දන්සල පැවැත්විමට කටයුතු යොදා ඇත. තිස්සමහාරාම රජමහා විහාරස්ථානය විසින් ආරම්භ කර ඇති අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙස එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණය වැඩි කිරීමත් තිස්සමහාරාම හා කතරගම පුදබිම්වල වන්දනාවේ යන බැතිමතුන්ගේ කුසගින්න නිවීමත් මෙහි අරමුණ බව සංවිධායක මණ්ඩලය විසින් සදහන් කරන ලදී..

මෙම උතුම් පිංකම ආරම්භ කිරීමේ අවස්ථාව සදහා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ජී.උපුල්,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.


   

5   6

1jjjjj   10212