ඉන්දීය ආධාර යටතේ හම්බන්තොට දිස්ත්රික්කය සදහාද සහල් හා කිරිපිටි ලබා දීම

ඉන්දීය ආධාර යටතේ හම්බන්තොට දිස්ත්රික්කය සදහාද සහල් හා කිරිපිටි ලබා දීමට කටයුතු යොදා තිබුණි.
මේ සදහා දිස්ත්රික්කයේ සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ළාභි පවුල් හැත්තෑපන් දහසක් (75000) තෝරාගෙන ඇත.එක පවුලක් සදහා හාල් කිලෝ දහයක් ලබා දීමට කටයුතු යොදා ඇත.කිරි පිටි දිලිදු පවුල් වල ගර්භනී මව්වරුන් සදහා ලබා දීම සිදුවේ.
හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුසුකම් ලැබූ පවුල් වෙත සහල් බෙදා දීම 2022.07.05 දින ගබඩා හන්දියේ පිහිටි ආහාර ගබඩා සංකීර්ණයේදී දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් පී.ආර්.දීපින් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් කෞෂල්යා ගලප්පත්ති,දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂිකා ශාන්ති අළුත්ගේ යන මහත්මීන්ද සහකාර ප්රාදේශීය ලේකම්තුමිය, සමෘද්ධි කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )