එක්සත් ජාතීන්ගේ සමාජ සංවර්ධන ඉලක්ක පදනම් කර ගත් ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාව
එක්සත් ජාතීන්ගේ සමාජ සංවර්ධන ඉලක්ක පදනම් කර ගත් ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳව 2022.01.14 දින පස්වරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රජයේ පුද්ගලික අංශයේ සහ පාර්ශ්වකරුවන්ගේ වැඩසටහන් සාකච්ඡාවට භාජනය වූ අතර එම වැඩසටහන් වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් යටතේ ප්‍රජාව වෙත ගෙන යෑම සදහා අදාල නිලධාරීන්ගෙන් අදහස් ගැනීම සහ දැනුවත් කිරීම සිදු විය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් රාජපක්ෂ,වෛද්‍ය උපුල් ගලප්පත්ති,දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල් යන මහත්වවරුන්ද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර අධ්යක්ෂ වරුන්,ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.










