2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එලිදැක්වීමේ ජාතික වැඩසටහන
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (09) දින පැවති දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ ජාතික උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ විය. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන හෙයින් එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලෙස සකස් කිරීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබුණි.
දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතන මට්ටමින් අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පිහිටුවීමට නියමිත ය.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී, අධ්‍යක්ෂ (සැලසුම්) ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

490303295 990351676613698 2358971906315639725 n  490466484 990351596613706 1700918126546658683 n 

489919607 990351603280372 4420407727253779804 n  489946861 990351599947039 717622301632898218 n