හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුව 2022.06.07
හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුව 2022.06.07 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටුව මාර්ගගත ක්‍රමයට පැවැත්විණි.
මෙහිදි දිස්ත්‍රික් ලේකම්තුමා මෙසේ පැවසීය.“ වත්මන් අර්බුදය හමුවේ අපිට තියෙන ලේසිම දේ තමයි කෘෂි කර්මයෙන් ගොඩ ඒම.සියළු දෙනාම පටු පරමාර්ථ වලින් ඉවත්ව මහන්සිවෙලා වගා කරන්න.විශේෂයෙන් තමන්ගේ ගෙවත්ත වගා කරන්න.මෙහිදි කෙටි කාලීන බෝග තමයි වගා කළ යුත්තේ.පුලුවන් තරම් වී වගාවට යන්න.එසේ කිරීමට නොහැකි නම් පමණක් විකල්ප දේ වගා කරන්න.වගා කිරීමට ගොවීන්ට යම් ආර්ථික අපහසුතා පවතින්නේනම් ආර්ථික පහසුකම් ඇති වගා කිරීමට කැමැත්තෙන් සිටින අය ඉන්නවා.ඒ අයත් සමග ගිවිසුම් ගතව ගොවි මහතුන් වගා කිරීමට යන්න.දියර කිරි ලබා ගැනීම සදහා එළුවන් ඇති කිරීමට ගොවි මහතුන් කටයුතු කරන්න.කුඩා ඉඩ ප්‍රමාණයක වුවද කෑම අවම මට්ටමකින් එළුවන් ඇති කිරීම සිදු කළ හැකියි.රාජ්‍ය සේවය අද නැවතිලා,බස් කර්මාන්තය,ත්‍රීවිල් කර්මාන්තය කඩා වැටිලා.එම පිරිස් රට රැකියා සදහා යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.මේ ඇතිවී තිබෙන තත්වය අනුව මුදල් උපයා ගන්න හොද අවස්ථාවක් ඒ නිසා රට රැකියා සදහා තරුණ පිරිස් දැනුවත් කර වෘත්තීය පුහුණුවක් ලබා දී වැටී තියෙන ආර්ථිකයෙන් ගොඩ යන්න එම පිරිස් දැනුවත් කරන්න.”යැයි එතුමා සදහන් කළේය.
“එක්ව වවමු - රට දිනවමු” වැඩ සටහන දැනට ක්‍රියාත්මක වන බවත් ඒ සදහා ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති අතර පළාත්,දිස්ත්‍රික්,ප්‍රාදේශීය,ග්‍රාමීය මට්ටම් වලින්ද මෙහෙයුම් කමිටු පත් කර ඇති අතර ආහාර සුරක්ෂිත තාවය තහවුරු කිරීම මෙහි අරමුණ බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.මෙමගින් සෑම බිම් අගලක්ම වගා කරන බවත් ගෙවතු වගා සහ වානිජ මට්ටමේ සියළු වගා ද සිදු කරන බව පෙන්වා දුණි.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩා වැටෙමින් යන බවත් ඒ සදහා දැනට රටේ අති වී තිබෙන ප්‍රශ්න අනුව මත්ස්‍ය ආහාර,රෝග සදහා ලබා දෙන බෙහෙත්,හෝමෝන වර්ගවල මිළ ඉහල යෑම බව ජලජීවි අධිකාරිය විසින් පෙන්වා දුණි.මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා සදහන් කර සිටියේ රජයේ නිලධාරීන් අතර විසිතුරු මසුන් වගාව ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙසත්මේ දිනවල එම නිලධාරීන් වැඩිපුර කාලයක් නිවසේ රැදී සිටින නිසාත් ඔවුන්ට යම් මුදලක් යෙදවීමට හැකියාව පවතින නිසාත් වැඩ සටහනක් යොදන ලෙස දැනුම් දුන්නේය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් කේ.පී.ජී.සුමිත් ශාන්ත,නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂිකා (පලාත්) නාලිකා රුබසිංහ, නියෝජ්‍ය කෘෂි කර්ම අධ්යක්ෂ (අන්තර් පලාත්) ජී.වික්රමමුදලි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.









