උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීම උදෙසා උපකරණ ප්‍රධානය

උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීම - උපකරණ ප්‍රධානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන අංශ වෙත පැමිණෙන ජනතාවගේ මානසික සතුට වර්ධනය කිරීමේ වැඩ සටහනක් ලෙස ඔවුන් සමග පැමිණ අදාළ සේවාව අවසන්වන තෙක් රැදී සිටින එම පිරිස්වල දරුවන්ගේ දැනුම විනෝදය සදහා අවශ්‍ය උපකරණ ප්‍රධානය කිරීමක් පසුගියදා සිදු කෙරිණි.

එම උපකරණ දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා වෙත ප්‍රධානය කිරීම මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් නිල කාමරයේ දී සිදු විය. මෙම පරිත්‍යාගය සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථයේ කාන්තා හිංසනය පිටු දැකීම පිළිබද ව්‍යාපෘතිය මගින් සිදු කෙරිණි.

මේ අස්ථාව සදහා සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ රුවන් සත්‍ය වර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී නිරෝෂා දමයන්ති මහත්මිය,කාන්තා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු කිහිපදෙනෙකු එක්විය.

 

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )