හම්බන්තොට දිස්ත්‍රික් නව සමෘද්ධි අධ්‍යක්ෂවරිය සුභ මොහොතින් වැඩ භාර ගැනීම
හම්බන්තොට දිස්ත්‍රික් නව සමෘද්ධි අධ්‍යක්ෂවරිය ලෙස ශාන්ති අලුත්ගේ මහත්මිය 2022.02.02 දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් වැඩ භාර ගැනීම සිදුවිය.
මෙම අවස්ථාවේදි මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් දේශනා කරමින් නව අධ්යක්ෂතුමියට ආශිර්වාද කෙරිණි.
රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විශේෂ උපාධිය හදාරා එම විශ්ව විද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිලිබදව පශ්චාත් උපාධිය ලබා ඇති එතුමිය 1999 වසරේදි සංවර්ධන නිලධාරිනියක් ලෙස රාජ්‍ය සේවයට එක්විය.පසුව 2009 වසරේදී ක්‍රම සම්පාදන සේවයට එක්වන අලුත්ගේ මහත්මිය හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ලෙස වසර 07ක් සේවය කර වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රාජකාරි සදහා ගිය අතර එහි නියෝජ්‍ය අධ්යක්ෂ ලෙසද කටයුතු කෙරිණි. ශාන්ති අලුත්ගේ මහත්මිය ක්‍රම සම්පාදන සේවයේ පලමු පන්තියේ නිලධාරිනියකි.
මෙම වැඩභාර ගැනීමේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් කේ.පී.ජී.සුමිත් ශාන්ත, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ, යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.














