රාජ්ය සේවය සදහා උපාධිධාරීන් බදවා ගැනිමේ වැඩසටහන

රාජ්‍ය සේවය සදහා උපාධිධාරීන් බදවා ගැනිමේ වැඩසටහන යටතේ 2020 වසරේ දී පුහුණුව සදහා අනුයුක්ත කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 53 දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම 2022.01.14 දින සිදු කෙරිණි.

මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව පත්වීම් ප්‍රධානය සිදුවිය.

සංවර්ධන නිලධාරී තනතුරේ පත්වීම්ලද මෙම පිරිසෙන් කිහිප දෙනෙක් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයටද අනෙක් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩ සටහන යටතේ සදහා බඳවාගත් නිත්‍ය පත්වීම් ලබා දොලහ (12) වෙත අනුයුක්ත කෙරිණි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර සමරගුණරත්න, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත,සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී, යන මහත්ම මහත්මීන්ද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )