ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද හම්බන්තොට දිස්ත්‍රික් රැස්වීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2022.09.15 දින දහවල් පැවැත්විණි.

මතුවිය හැකි ඕනෑම අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එසේම කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබීම සහ කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්වයට ගොදුරු නොවිය යුතුය යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවිමේ අරමුණක්ද වේ. මේ සදහා දිස්ත්‍රික් ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබද දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය සැකසීමට කටයුතු කෙරිණි. එහි කැදවුම්කරු ලෙස දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ කටයුතු කරයි.

අනෙකුත් සාමාජිකයින් ලෙස අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් ආයුර්වේද කොමසාරිස්, කෘෂිකර්ම අධ්‍යක්ෂ, සමෘද්ධි අධ්‍යක්ෂ, ධීවර අධ්‍යක්ෂ, වාරිමාර්ග අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සංඛ්‍යා ලේඛනඥ, පශු වෛද්‍ය නිලධාරී, මාතෘ සහ ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සහකාර ගොවිජන සේවා කොමසාරිස්, ‍ප්‍රජා වෛද්‍ය උපදේශක,  ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, කාන්තා සංවර්ධන නිලධාරී, විදාතා නිලධාරී, තොරතුරු නිලධාරී, දිස්ත්‍රික් පරිවාස හා ළමා ආරක්ෂණ නිලධාරී, නියෝජිත, හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ නියෝජිතයන් (ගොවි සහ ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළුව) ව්‍යාපාර ප්‍රජාවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් හා වෙනත් මේ සදහා සුදුසු පිරිස්ද ඉදිරියේදී තෝරා ගැනේ.

මේ පිලිබදව කමිටු සාමාජිකයින් දැනුවත් කරමින් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණයේ කාර්යභාරය වන්නේ දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කය තුළ මන්දපෝෂණය තුරන් කිරීම, දිස්ත්‍රික්කය තුළ ආහාර හා පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට මැදිහත්වීම් හදුනාගැනීම හා සැලසුම් කිරීම, දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා ඒ හා සම්බන්ධ සැලසුම් සහ උපාය මාර්ගයන් යාවත්කාලීන කිරීම කළයුතු බවයි.

මේ පිළිබදව වැඩිදුරටත් දැනුවත් කරමින් කැදවුම්කරු දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එම්.බී චන්ද්‍රනිමල් මහතා කියා සිටියේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රයේ කාර්ය භාරය ග්‍රාම නිලධාරී වසම් තුළ ආර්ථික පුනර්ජීවනය ඇති කොට දරිද්‍රතාවය පිටුදැකීම මන්දපෝෂණයෙන් දරුවන් මුදවා ගැනීම, වසමේ ආහාර සුරක්ෂිතතාවය හා ජීවන තත්ත්වය ඉහල නැංවීම, කඩිනමින් කළයුතු කාර්යයන් ලෙස දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ බහු-ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටු වීම 2022.09.23 දිනට පෙර සිදු කළයුතු බවත් පෝෂණ අවධානමට ලක් වූ පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, එම පවුල් සවිබල ගැන්වීම සඳහා සිදුකළ හැකි ක්‍රමෝපායන් හඳුනා ගැනීම, වසමේ හදුනාගත් ගෘහ ඒකකවල නිෂ්පාදන දත්ත මාර්ගස්ථ ක්‍රමයට මාසිකව උඩුගත (upload) කිරීම සිදු කළ යුතු බවයි.

මේ වැඩසටහන සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් කළයුතු කාර්යභාරය පිළිබද පැහැදිලි කිරීමක් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය මාලකසිරි චන්ද්‍ර කුමාර මහතා විසින් සිදු කළේය.

306405203 399245735705422 8614978283098331046 n   306530052 399245905705405 1405432542792652818 n

306646916 399246109038718 4214081974750367661 n   307125489 399245942372068 5284041585155287999 n