හම්බන්තොට දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන
හම්බන්තොට දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන 2021.12.26 දින පෙරවරුවේ හම්බන්තොට නගර යේදී පැවැත්විණි. හම්බන්තොට පුරපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සහ දිස්ත්‍රික් ලේකම් එච්.පි.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් වැඩසටහන කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2004 සුනාමි ආපදාවෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් පැවැත්විණි. සුනාමි දානය සහ වියලි සලාක බෙදා දීමක්ද මෙහිදි සිදු කෙරිණි.
හම්බන්තොට බස් නැවතුම්පොළ ඉදිරි පිටදී පැවැති මෙම සැමරුම් වැඩසටහන සදහා හම්බන්තොට නියෝජ්‍ය පුරපති ගාමිණී ශ්‍රී ආනන්ද,විපක්ෂ නායක ඩී.ඒ.ගාමිණි,ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති,තංගල්ල ප්‍රාදේශීය ලේකම් ඉරේෂා ලියනගම,නාගරික කොමසාරිස් අංජලා අමාලි,සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ හම්බන්තොට වෙළද සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )















