දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය
 |
ආපදා කලමනාකරණ නිලධාරී
|
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය
දැක්ම : වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා
මෙහෙවර : ස්වභාවිකව සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන ඵලදායිව වලක්වා ගැනීම හා අවම කිරීම තුළින් සාමකාමී, සෞභාග්‍යමත් සහ ගෞරවනීය වූ මිනිස් ජීවිතයකට වාසස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම.
අරමුණු හා පරමාර්ථ :
අමාත්‍යංශය වෙත පවරා ඇති කාර්යයන් ක්‍රියාත්මක කරනු පිණිස අමාත්‍යාංශයේ කටයුතු පහත සඳහන් පරිදි ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට බෙදා ඇත. ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ආපදා වලින් ජන ජීවිත, දේපළ සේවා සුරක්ෂිත කිරීම. (වැළැක්වීම, අවම කිරීම, පෙරසූදානම, පර්යේෂණ සහ සංවර්ධන) ප්‍රත්‍යස්ථ සමාජයක් උදෙසා ප්‍රජා සුරක්ෂිතභාවය තහවුරු කිරීම. (පූර්ව අනතුරු ඇඟවීම්, හදිසි මෙහෙයුම්, මුදවා ගැනීම හා සහන සේවා) පශ්චාත් ආපදා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා පහසුකම් සැපයීම. (යථා තත්ත්වයට පත් කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය)
ඉටුකරනු ලබන කාර්යයන් -
මෙම අභිමතාර්ථ ඉටු කර ගැනීම සදහා 2010 නොවැම්බර් 22 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්පත්රය මගින් අමාත්‍යාංශය වෙත පහත සදහන් කාර්යයන් පවරා ඇත. ස්වාභාවික විපත් හා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන විපත්වල දී සහන සැලසීමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය හා කළමනාකරණය, ව්‍යසන අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම හා යථාත්වීකරණය පිළිබද ප්‍රතිපත්ති, වැඩ සටහන් හා ව්‍යාපෘති සම්පාදනය, අදාල අරමුණ සපුරා ගැනීම සදහා ජාතික සැලසුම් බලධාරින් සමග එකඟතාවයට පැමිණි කාලසීමාව හා අයවැයගත සම්පත් ප්‍රමාණය තුළ ඉහත ප්‍රතිපත්ති වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණ සැලැස්ම හා හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම, ව්‍යසන අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම සහ යථාත්වීකරණය පිළිබඳ විදේශීය ආධාර ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය. ඉහත කාර්යයන් නිසි වේලාවට ක්‍රියාත්මක වීම සහතික කර ගැනීම පිණිස අමාත්‍යාංශය හා රාජ්‍ය සංවිධාන සමග සම්බන්ධීකරණය. ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව්‍යසන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම. ගංවතුර, නියගය , නායයෑම්, වසංගත රෝග සහ වෙනත් විශේෂ හේතූන් නිසා සිදුවන ආපදාවන්හි දී සහන සැලසීම. ස්වාභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව්‍යසන වලදී ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම. පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ක්ෂේත්රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු, කාලගුණ විද්‍යාත්මක සමීක්ෂණ හා පර්යේෂණ කටයුතු, අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින ආයතනවල අනෙකුත් සියළුම විෂයයන් හා අධීක්ෂණ කටයුතු, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති, ආපදා පෙර සූදානම් සහ සැළසුම් වැඩසටහන්, පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්, හදිසි ප්‍රතිචාර දැක්වීම.
ඉටු කරන ලද කාර්යයන්
|
2018 වර්ෂයේ ඉලක්කයන්
|
2018.12.31 දිනට අදාල ඉලක්ක ලඟාකර ගැනීම
|
ඉලක්ක ලඟාකර ගැනීමේ ප්‍රතිශතයක් ලෙස (%)
|
වැයකරන ලද මුදල (රු.) (ඇත්නම්)
|
ප්‍රතිලාභීන් සංඛ්‍යාව (ඇත්නම්)
|
වෙනත් කරුණු
|
|
ආපදා අවම කිරීමේ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීම
|
ව්‍යාපෘති 04 ක වැඩ සම්පූර්ණව අවසන් කොට ඇත.
|
85%
|
15,484,478.92
|
9020
|
එක් ව්‍යාපෘතියක වැඩඅවසන් කොට නොමැති අතර 2019.04.31 වන දිනට වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.
|
|
ආපදා අවම කිරීමේ (විශේෂ) ආපදා අවදානම් පැතිකඩ
|
1
|
100%
|
64,500.00
|
125
|
--
|
|
ආපදා පෙර සූදානම් හා සැලසුම් වැඩසටහන්
|
20
|
100%
|
525,753.00
|
1795
|
දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.
|
|
ආපදා පෙර සූදානම් හා සැලසුම් වැඩසටහන් (විශේෂ)
|
22
|
100%
|
772,195.00
|
1703
|
දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.
|
|
පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්
|
12
|
100%
|
219,350.00
|
772
|
දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.
|
|
පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් (විශේෂ)
|
19
|
100%
|
223,255.00
|
1860
|
දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වා ඇත.
|