හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය හා පවතින ගැටළු නිරාකරණය සදහා වූ විශේෂ සාකච්ඡාව
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය හා පවතින ගැටළු නිරාකරණය සදහා වූ විශේෂ සාකච්ඡාවක් තරුණ,ක්‍රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.09.18 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
මෙහිදී බැංකු කළාප සංවර්ධන ව්‍යාපෘතිය, හම්බන්තොට රෝහල් සංවර්ධන ව්‍යාපෘතිය,ටවර්හිල් සංවර්ධන ව්‍යාපෘතිය,මධ්‍ය පාන්තික හා අඩු ආදායම් මධ්‍ය පාන්තික නිවාස ව්‍යාපෘති, හම්බන්තොට පොල සදහා ඉඩම් වෙන් කිරීම,තංගල්ල නගර සංවර්ධන සැලැස්ම හා දැනට දිස්ත්‍රික්කයේ සංවර්ධනයවන නගර,බැල්ලගස්වැව පොල සංවර්ධනය කිරීම,ආදිය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මත්තල සේවා ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘතිය පිලිබදව සාකච්ඡා කිරීමේදී අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ දැනට මත්තල දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය ඉදිරියේදී ත්‍රිකුණාමලය ආරුගම්බ දක්වා ඉදිකිරීමට කටයුතු කරන බැවින් එම ව්‍යාපෘතියට බාධාවක් නොවන පරිදි එහි සැලසුම් අධ්‍යනය කර මත්තල සේවා ප්‍රදේශ සංවර්ධන කටයුතු සදහා වන ඉඩම් අත්පත් කරගැනිම ඇතුළු කටයුතු සිදු කිරීම වැදගත් බවයි.
මෙම අවස්ථාව සදහා අපනයන කළාප සංවර්ධන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ඩි.වී.චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ,දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, ප්‍රාදේශීය සභාවල සභාපතිවරු, සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න,ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම,නිවාස හා ගොඩනැගිලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති අබේසිරිවර්ධන,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)







