හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොම්පෝස් පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොන්නෝරුව ග්‍රාම නිලධාරී වසමේ ගෙවතු වගාව සදහා කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරනු ලබන ගොවි මහතෙකු වන ඩබ්ලිව්.චමින්ද ජයලත් මහතාගේ ගෙවත්ත නිරීක්ෂණය කිරීම සදහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සී.ඒ.සුනෙත් ලෝචන මහතා 2021.09.09 දින එක්විය.

ඒ සදහා ඔහු භාවිතා කර තිබුණේ පිදුරු,ගොම,ජපන් ජබර හා වැව් ආශ්‍රිත ශාඛ,කොළ රොඩු,වැනි දේ රැසක් භාවිතා කර බව මෙහිදී පැවසීය.ඉවත ලන ද්‍රව්‍ය හා දහයිදා පුච්චා ගන්නා දෑද යොදා ගෙන තමන්ගේ වත්ත සරු කර ගැනීමට මෙම කාබනික පොහොර භාවිතා කරන බව ඔහු පැවසීය. ගොන්නෝරුව තුළ සිදු කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනය තව දුරටත් ඉහල නැන්වීමට රජය මගින් සිදු කරනු ලබන වැඩ සටහන් පිළිබදව මෙහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා පෙන්වා දුනි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය,නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ.ප්‍රදීප් කුමාර මහතා ඇතුළු කිහිප දෙනෙකු එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)

241342931 823534558343335 3720350227478335791 n    241395160 823534448343346 21137126803139926 n

239625051 823534701676654 6066203667417540501 n     241287317 823534915009966 5056915538581675452 n