n
 
හම්බන්තොට දිස්ත්රික්කයේ සුරියවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගහජදුර ප්රදේශයේ ඉදිවීමට නියමිත ඉලෙක්ට්රොනික සහ තොරතුරු තාක්ෂණ සංවර්ධන කලාපයතුල ආරම්භ කිරීමට නියමිත ඊ-විස් (E-wis) ආයතනයේ නිෂ්පාදන මධ්යස්ථානය සඳහා යෝජිතවූ භූමිය නිරීක්ෂණයට තරුණ,ක්රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්ය,ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා පසුගියදා එක්විය.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ “සුරියවැව ඉලෙක්ට්රොනික හා තොරතුරු තාක්ෂණ සංවර්ධන කලාපය තුළ E-wis ආයතනයේ කර්මාන්තශාලාවක් ඉඳිකිරීමට නියමිත අතර එමගින් හම්බන්තොට දිස්ත්රික්කයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් හිමිවනවා වගේම රටට විදේශ විනිමය උත්පාදනය කිරීමටත් අවස්ථාව උදාවන බවත්. දේශීයව නිෂ්පාදනය කළ හැකි දේ දිරිමත් කර අපනයන වැඩි කිරීමට ඇති අවස්ථා ගැන අපි රජයක් ලෙස දැඩි අවධානයෙන් පසුවන බවත්ය”.
මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමනසේකර , සුරියවැව ප්රාදේශීය ලේකම් දිලුම් දයාරත්න යන මහත්වරු ඇතුළු කිහිප දෙනෙකු එක්විය.