හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මලල මෝදර කලපුවේ විශාල ජල කඳක් මලල මෝදර පිට ඇල ඔස්සේ බැස යාම හේතුවෙන් ධීවර පවුල් 600 කට අධික ප්‍රමාණයක්ගේ ජීවනෝපාය අවදානමට ලක්ව ඇති බව වාර්ථාවීමත් සමග දිස්ත්‍රික් ලේකම් තුමාගේ උපදෙස් පරිදි වනජීවි නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ JCB යන්ත්‍රයක් ආධාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට ජලය රැදී තිබෙන අයුරින් කළපුවේ පිට ඇළ සකස් කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිළධාරීන් කටයුතු කරන ලදී.












