දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන කමිටු රැස්වීම්

ආපදා කළමනාකරණ ම්‍යස්ථානයේ උපදෙස් පරිදි සෑම මාස 3කට වර්ක් දිස්ත්‍රික්කය තුල පැවැත්වීමට සැලසුම් කර තිබු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන කමිටු අතරින් 2021 හමබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම සම්බන්ධීකරන කමිටු රැස්වීම අද දින පෙ.09.30 (2021.03.19) හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත් විය.දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආපදා කළමනාකරණ කමිටු රැස්වීම හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ මහතා ඇතුළු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදි. හම්බන්තොට මහනගරසභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ද ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සාමාජිකයිගේ සහභාගීත්වයෙන් කමිටු රැස්වීම සාර්ථකව පැවැත් වු අතර දිස්ත්‍රික්කය තුල නොවිසිදුනු ආපදා කළමනාකරණය පිලිබද ගැටළු හා යෝජනා රැසක් මෙහිදි සාකච්චාවට බදුන් විය.

dcc 1dcc 2dcc 34dcc 5dcc 6dcc 7dcc 8dcc 9dcc 10dcc 11dcc 13