IMG 20210317 WA0066IMG 20210317 WA0056IMG 20210318 WA0009

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එස්.රණසිංහ මහතාගේ උපදෙස් පරිදි  අතරින් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදි ක්ෂණික ප්‍රථිචාර දැක්වීම සඳහා සුදානම්ව සිටින ශ්‍රි ලංකා යුධ හමුදා 12 වන සේනාංකයේ කාවන්තිස්සපුර සහ විතාරන්දෙනිය යුද හමුදා කඳවුරු වල නිළධාරින් සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් 2021.03.17 වන දින කාවන්තිස්සපුර යුධ හමුදා කඳවුරේදී පවත්වනු ලැබීය. දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ මහතාගේ අධීක්ෂනය යටතේ පැවති මෙම වැඩසටහන සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 122 බල සේනාංකාධීපති බ්‍රිගේඩියර් ජානක පල්ලෙකුඹුර යන මහත්වරුන් හා යුධ හමුදා නිළධාරින්ගේ පුර්ණ සහය හා දායකත්වය හිමි විය. දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කමානඩර් දීපාල් ජයතිලක මහතා ඇතුලු ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ ගුවන් හමුදා නිළධාරින් පිරිසක් විසින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.