හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම - 2026 මැයි

හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් අංජලා අමාලි හා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පලමුව පසුගිය මාසයේ කමිටු වාර්තාවේ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.
2026 යල කන්නය සදහා ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත පොහොර ලැබී ඇති බවත් ගැටළුවක් ඇති නොවන පරිදි ඒවා බෙදා හැරීමට කටයුතු කර ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමන් පැවසීය.
වසර ඇරම්භයේදී දිස්ත්‍රික්කයේ ගොවි මහතෙකු සදහා ගොවි කටයුතු සිදු කරගෙන යෑම සදහා මහ ට්‍රැක්ටර් රථයක් ලැබුණු බවත් එය ඉතාමත් සතුටට කරුණක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය පැවසීය.ගැටළු බොහොමයකට මුහුණදුන් කණ්ඩායමක් ලෙස ඒවා සාර්ථකව ජයගැනීමට අපිට හැකියාව ලැබුණා. ඒසදහා සියළු දෙනා සියළු ආයතන,ගොවි සංවිධාන ගොවි මහතුන් එකට එක්ව කටයුතු කිරීම නිසා ජය ලැබුණු අතර තෙල් නැහැ කියා ප්‍රශ්න ඇති උනේ නැහැ.ඇය සදහන් කෙරිණි.
මෙදින සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරුවල පිදුරු පිළිස්සීම තහනම් බවත් එවැනි ක්‍රියාවක් සිදු කර තිබුණ හොත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය විය.
මෙහිදී පළාත් අන්තර් පළාත් මහවැලි බල ප්‍ර දේශ වල සිදු කරනු ලබන කෘෂි කර්ම වැඩසටහන් හා ඒවායේ ප්‍රගතිය,අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය,බටඅත බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය,පොල් වගාව,තල් වගාව,වාරි මාර්ග කටයුතු,වාරි කළමනාකරණ කටයුතු,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා,වී අලෙවි කටයුතු,කෘෂි රක්ෂණ,ඉඩම්,ආදී විෂයන් රැසක ඉදිරි සැලසුම් හා ප්‍රගතීන් පිළිබදව සාකච්ඡා විය.
මෙම කමිටුවට ප්‍රා දේශීය ලේකම් වරුන්,ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ නිලධාරීන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කමිටුවට සහභාගී විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )

686413981 1291191799844140 7625368268906706649 n 686500161 1291191849844135 1530947237371199375 n 

689739152 1291191906510796 7144894842826226 n  691071217 1291191903177463 4104798505420113336 n