හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්
==========================================
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, පළාත් සභා හා පළාත් පාළන ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වණි.
මෙහි දී 2025 වර්ෂයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කිරීම, 2025 විමධ්‍යගත අයවැය වැඩසටහන පිළිබඳව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගතිය, පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පැනනැගුණු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව, දකුණු පළාත් සභාව මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුම්දීම හා ඒවාට අනුමැතිය ලබා ගැනීම, කිරින්ද වෙරළ ආශ්‍රිතව පවතින අනවසර ඉදිකිරීම් පිළිබඳව, සූරියවැව බස් නැවතුම් පොළේ පොදු වැසිකිලි පද්ධතිය සූරියවැව ප්‍රාදේශිය සභාව වෙත පවරා ගැනීම පිළිබඳව සහ වෙනත් ගැටළු හා යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් විතාරණ මහතා, සාලිය සඳරුවන් මදරසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සමරකෝන් මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දිලේකා සහබන්දු මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එච්.එබ්.එස්.තිලකරත්න මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල නියෝජනය කරමින් එහි ප්‍රධානින්, සෞඛ්‍ය අංශ, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.

489824347 1139124368228442 6221994830324995410 n  489785973 1139124464895099 6813275392143906528 n

 489831394 1139124421561770 1328551368221436138 n  490148424 1139124408228438 1819652550304545074 n