හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව 2022 සැප්තැම්බර් මස 30 වනදා සභාපති චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නගරසභා සහ ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමණසේකර, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, රාජ්‍ය ප්‍රධානීන් හා සහභාගීත්යවයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

ප්‍රථමව ගියවර රැස්වීමේ යෝජනාවල ප්‍රගතිය සම්බන්ධයෙන්, අවධානය යොමු කළ අතර එහිදී ගෙවතු 75000 ක් ඉලක්ක කරගනිමින් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වූ වැඩ සටහනේ ප්‍රගතිය, එය වැඩි දියුණු කිරිමටත් අවශ්‍ය පියවරයන් මොනවාද යන්න පිළිබඳවත් සාකච්ඡා වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හයිබ්‍රිඩි මිරිස්පැල වගා කොට විදේශිය වෙළඳපොළට අපනයනය කරමින් ලක්ෂ ගණනින් මුදල් උපයන ගොවීන් අනුරාධපුර යාපනය යන දිස්ත්‍රික්කවල සිටින අතර එම වගාවන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුලත් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බහුකාර්ය සේවා නිළධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරගෙන ඔවුන්ගේ රැකියාව ස්ථීර කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, මෙහිඳී කෘෂිකර්ම හා වනජීවී වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේඅවධානය යොමු විය.

දිස්ත්‍රික්කයේ සංවර්ධිත යෝජනා ක්‍රම පිළිබඳ අවධානය යොමුකරමින් අගුණකොලපැලැස්ස නගර මධ්‍යයේ රජය විසින් ඉදිකර දැනට භාවිතයට නොගෙන තිබෙන ගොඩනැගිල්ල ලබන මස සිට සතොස ආයතනයෙහි අලෙවි සැලක් සඳහා ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් වලස්මුල්ල නව පොළ භූමියට ඉදිරිපිට ඉඩම් අත්පත්කර ගෙන සංවර්ධනය කිරීම, සියක් නගර සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටලු මොනවාද යන්නත්, හම්බන්තොට නව රෝහල් සංකීර්ණය අවට යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත්, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පෙලෙ සංවර්ධන කටයුතු පිළිබඳවත්, බෙලිඅත්ත, තිස්සමහාරාම, හම්බන්තොට, අගුණකොල පැලැස්ස, නගර සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගතිය පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගෙන් විමසීමට ලක්කළ අතර ඒවා කඩිනම්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස චමල් රාජපක්ෂ මහතා ඔවුන් වෙත දැන්වීය.

බඳගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක විසිතුරු මත්ස්‍යයන් ගහන කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරිමට අවශ්‍ය  පියවර ගන්නා ලෙසත්, තිස්සමහාරාම අලිවැට ඉදිකිරීමේ කටයුතු පිළිබඳවත්, තංගල්ල ප්‍රදේශයේ වදුරු ගහනයේ සීඝ්‍ර  වැඩිවීමෙන් ජනතාවට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ජල ජීවි හා වනජීවි නිලධාරීන් අමතා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ලුණුගම්වෙහෙර රුහුණු පුතා ඇෆරල් ආයතනය හා දිස්ත්‍රික්කයේ  දැනට ඉදිකර අත හැර දැමු ගොඩනැගිලි, මෙන්ම ඉඩම් බදු පදනම යටතේ ආයෝජකයින්ට ලබා දී ඒවායෙන් ප්‍රාදේශිය දියුණුවත්, රැකි රක්ෂා ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමත් මෙන් ම රටේ ආර්ථීකයට ඒ හරහා සෘජුව දායක වීමට හැකි නිසා ඒ ගැන අවධානය යොමු කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරීයට දැන්වීය.

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා තිබෙන සියලුම නිල නිවාස දිස්ත්‍රික් ලේකම් තුමාවෙත පවරා ඒ හරහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන්ට නවාතැන් පහසුකම් සලසාදීමට හැකිවන පරිදි වැඩි දියුණු කර නඩත්තු කරගෙන යෑමෙන් ආර්ථීක වශයෙන් ශක්තිමත්  දායකත්වයක් ලබා ගත හැකි බව, චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව විය. ඒවාගේම දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලට යාබඳව පවතින නිල නිවාස එහි සේවක මහත්ම මහත්මියන්ට ලබාදෙන්නේ නම් දෛනිකව අධික ප්‍රවාහන ගාස්තුවක් වැයකරමින් සේවයට පැමිණෙන අය සඳහා මහත් අස්වැසිල්ලක් වන බව, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමණසේකර මහතාගේ යෝජනාව විය.

ධීවර අමාත්‍යාංශය යටතේ ඉදිකළ දැනට භාවිතයට නොගෙන ඇති ලුණුගම්වෙහෙර නව නගර ධීවර කුටිය තාවකාලිකව ලුණුගම්වෙහර ප්‍රාදේශිය සභාවට භාරදීමට අවශ්‍ය  කටයුතු කරන ලෙසත්, මෙහි දී යෝජනා විය.

අන්දරවැව, සල්ගාදුගොඩ වැනි අතුරු මාර්ගවල ශ්‍රී ලංගම බස් රථ ධාවනය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් කතරගම සිට බෙලිඅත්ත දුමිරිය ස්ථානය දක්වා උදෑසන 4.30 ට පිටත්වන සාගරිකා දුම්රිය සඳහා බස්රථයක් ධාවනය කිරීම ට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාර්යාලීය වෙලාවන් සඳහා බස්රථයක් ඌරුබොක්ක - මුලටියන හරහා හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල වෙත ළඟාවීමට හැකි වන පරිදි ධාවනය කිරීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයන් වෙත දන්වා සිටියේය.

310390951 411030694526926 7555892024450215364 n   310418948 411030837860245 2126020689946342387 n

310469668 411030911193571 4634431642118685286 n   310476075 411032757860053 4539706743274909088 n