අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් පවුල් සියයක් සඳහා වියළි ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2022.08.08 දින පෙරවරුවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.ජී.අරුණි නිසංසලා මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා මූල්‍ය දායකත්වය ලබා දීම ගුණ ජය සතුට පදනම විසින් සිදු කෙරුණු අතර, එක් අයෙකු සදහා රුපියල් තුන් දහස් පන්සියයක මුදලක් වැය කර තිබුණි.

යුරෝපා සංගමයේ මානුෂීය ආධාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රීමාල් ලියනගේ මහත්මාගේ ඉල්ලීමකට අනුව ඉහත ආයතනය විසින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී පුෂ්ප කුමාර බණ්ඩාර, වෛද්‍ය චමීර නම්බුකාර, අම්බලන්තොට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

   02    298218589 372727678357228 5303155685448352249 n
 
   298099470 372727801690549 1029325158978425496 n   298406080 372727771690552 8478230254665485500 n
 298213756 372728155023847 849441813786902966 n  298189861 372727635023899 1726433655183679051 n
298347176 372727621690567 6386488183262922987 n   298501853 372728055023857 3745094037513147479 n