හම්බන්තොට දිස්ත්රික්කයේ විශේෂ අවශ්යතා සහිත පුද්ගලයින්ගේ දිස්ත්රික් ක්රීඩා උත්සවය

හම්බන්තොට දිස්ත්රික්කයේ විශේෂ අවශ්යතා සහිත පුද්ගලයින්ගේ දිස්ත්රික් ක්රීඩා උත්සවය 2022.05.31 දින අගුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්රීඩාංගනයේදී දවස පුරා පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව දිස්ත්රික් සමාජසේවා අංශය විසින් මෙය සංවිධානය කෙරිණි.
සමාරම්භක ක්රීඩා උත්සවය හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) ජේ.එච්.එස්.පී. ජයමහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
මේ සදහා දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාලවල සමාජසේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ප්රාදේශීය මට්ටමින් විවිධ ක්රීඩා හැකියාවන් සහිත පුද්ගලයින් තෝරාගෙන දිස්ත්රික් තරග සදහා ඉදිරිපත් කෙරිණි.
ළමා, තරුණ,වැඩිහිටි වශයෙන් විවිධ වයස් මට්මින් මීටර් 100,මීටර් 200,400 දිවීමේ තරග,දුර පැනීම,යගුලිය දැමීම,කව පෙත්ත විසි කිරීම,හෙල්ල විසි කිරීම ඇතුළු තරග ඉසව් කිහිපයක් පැවැත්විණි.තරග වලින් ජයග්රහණය කළ අයට සහතික ප්රධානයද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවන් සදහා අගුණුකොළපැලැස්ස සහකාර ප්රාදේශීය ලේකම් එච්.කේ.සමන්ත,දිස්ත්රික් සමාජසේවා නිලධාරී ජී.කරුණාතිලක යන මහත්වරුද ප්රාදේශීය ලේකම් කාර්යාලවල සමාජසේවා නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )