“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය” -2022 ජාතික වැඩසටහන
“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය” -2022 ජාතික වැඩසටහනට සමගාමීව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන උත්සවය පහළ බැරගම ග්‍රාම නිලධාරී වසමේ දි හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ගාමිණී සමරගුණ රත්න මහතාගේ සහ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“අපේ ගෙවත්තෙන් පටන් ගමු” යන තේමාව යටතේ ඒ.ජී. මාලනී මහත්මියගේ නිවසේ පිහිටි ගෙවත්තේදී පෙ.ව.9.18 ට යෙදුණු සුභ මොහොතින් පැළ සිටුවමින් ගෙවත්තේ වැඩ ආරම්භ කිරීම පැමිණ සිටි අමුත්තන් විසින්ද සිදු කෙරිණි.
මෙහි ප්‍රතිලාභීන් 156 තෝරා ගෙන ඇති අතර එම අයට තක්කාලි,මාළු මිරිස්,වම්බොටු,මිරිස් වර්ග ඇතුලත් බදුන් තමන්ගේ ගෙවත්තේ වගා කිරීමට ලබා දිමද සිදුවිය.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්යක්ෂ එම්.කේ.ප්‍රදීප් කුමාර,යන මහත්වරුන්ද,සමෘද්ධි ව්‍යපෘති කළමනාකරු,ග්‍රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරී,කෘෂි උපදේශක, යන නිලධාරීන් ඇතුළු පිරිසක් හා ප්‍රතිලාභීන් පැමිණ සිටියහ.











