හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 273දෙනෙකුට ඉඩම් බලපත්ර හා දීමනා පත්ර ලබා දීමේ උත්සවය

හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 273දෙනෙකුට ඉඩම් බලපත්ර හා දීමනා පත්ර ලබා දීමේ උත්සවයක් 2022.02.14 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී වාරිමාර්ග අමාත්ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම පිරිස අතරින් 193 දෙනෙකු වසර ගණනක් සිට අනවසර පදිංචිකරුවන් ලෙස සිටි අයයි.
මෙම අවස්ථාවට පැමිණි පිරිස අමතමින් අමාත්යතුමා මෙසේ පැවසීය.“ඉඩම් අද ඉතා පරිස්සමින් පරිහරණය කලයුතුයි.නුසුදුසු තැන්වල අනවසරකරුවන් වසර තිහක් සිටියත් ඉවත් කරන්න වෙනවා.ඉඩම් කච්චේරි මගින් ඉඩම් තෝරාගෙන සුදුදු අයට ලබා දෙනවා.ඒ නිසා අනවසරෙන් කව්රුවත් ඉඩම් අල්ලන්න ඕන නැහැ.හම්බන්තොට 2005න් පසුව ඉතාවේගයෙන් සංවර්ධනය වෙන්න ගත්තා.අපිට ගොවිතැන් කරන්න ජලය ඕන.ඒ අනුව අපි වැව් හදලා ඒවාට ජලය පුරවා වගාවන්ට අවශ්ය පරිදි ජල ව්යාපෘති සකස් කළා.ජලය ලැබෙන නිසා ඉඩම්වල මිළ වැඩි වෙනවා.අද අපිට වගා කළ හැකි බොහෝ දේ පිටරටින් ගේනවා.ඒවා පිටරටින් ගෙනවිත් හැමදාම බැහැ.අපි වගා කළ යුතුයි.ඉඩමක් දුන්නාම ඒ ඉඩම සැලසුමකට වගා කළයුතුයි.එහි අපිට අවශ්ය ආහාර වර්ග එළවළු, වස විසෙන් තොරව වගා කර ගන්න ඕන.එවිට නීරෝගී වස විස නැති ආහාර ලබා ගන්න පුලුවන්.වැඩිපුර තියෙන ඒවා විකුණන්න පුළුවන්.අපි වවන දේ පිට රට යවන්න අපි කල්පනා කරන්න ඕන.අපිට දැන් අවශ්ය ඩොලර් ලබා ගන්නත් පුළුවන් එහෙම කලොත්.හම්බන්තොට ගුවන්තොටුපලක් හැදුවේ එක් පැත්තකින් වගා කර අතිරික්ත වන දේවල් රට යවන්නත් හැකියාව තියෙන නිසා.ඉදිරියේදි උමාඔයේ වතුර හම්බන්තොටට ලැබෙන විට වගා කටයුතු හොදින් කරන්න පුළුවන් වෙනවා.ඒ දානට ජලය අඩු ප්රදේශවලට”යැයි එතුමා පැවසීය.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වන අජිත් රාජපක්ෂ,වෛද්ය උපුල් ගලප්පත්ති,හම්බන්තොට නියෝජ්ය පුරපති ගාමිණි ශ්රී ආනන්ද,යන මහත්වරු ඇතුළු ප්රා දේශීය දේශපාලන නියෝජිතයින්ද,හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත, ප්රාදේශීය ලේකම් කෞශල්යා ගලප්පත්ති,දකුණු පලාත් ඉඩම් කොමසාරිස් කේ.ජී.යූ.චන්ද්රලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
 
273652086 249879077308756 5131869516817008915 n 273436738 249878270642170 1664716787145055809 n
 
273438442 249878320642165 7156435883758403480 n 273200492 249878167308847 4483265581601173398 n
 
273041978 249879380642059 6951336395209355784 n 273868066 249878853975445 836168390240243602 n
 
273041978 249879380642059 6951336395209355784 n