74 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන් දිමේ වැඩසටහන
74 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන් දිමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්නයේදී 2022.02.07 දින දවස පුරා පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි දිස්ත්රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය විසින් සංවිධානය කෙරිණි.මේ සදහා පරිපාලන සංකීර්ණයේ ආයතනවල සේවය කරන නිලධාරින් හා මහජනතාව ද පැමිණ ලේ පරිත්යාග කිරිම සිදු කෙරිණි.
ආරම්භයේ පලමු ලේ පරිත්යාග කිරිම දිස්ත්රික් ලේකම්තුමා විසින් සිදු කෙරිණි.දැනට රෝහල් සදහා ලේ අවශ්යතාවයක් පවතින අතර එම අවශ්යතාව පිළිබදව හම්බන්තොට මහරෝහලින් දිස්ත්රික් ලේකම්තුමා දැනුවත් කෙරිණි.ඒ අනුව අද දින ආරම්භයක් ලෙස දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මෙවැනි වැඩසටහනක් සිදු කළ බවත් ඉදිරියේදී ප්රාදේශීය ලේකම් කාර්යාලවලද මෙවැනි ලේ පරිත්යාග කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු සිදු කර මෙම ජාතික අවශ්යතාව සපුරා ගැනීමට සැමගේම දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දිස්ත්රික් ලේකම්තුමා මෙහිදී පැවසීය.
මෙම සමාරම්භක අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.පී. ජයමහ,දිස්ත්රික් ක්රම සම්පාදන අධ්යක්ෂ එම්.බී.චන්ද්ර නිමල්,අභ්යන්තර විගනක ජානක සමරරත්න,ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ විංග් කමාන්ඩර් අජිත් ජයකොඩි,යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )









