අභිමානවත් 74 වන ජාතික නිදහස් දින සැමරුම

අභිමානවත් 74 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හම්බන්තොට දිස්ත්රික් සැමරුම් උත්සවය චමල් රාජපක්ෂ ආයුර්වේද පර්යේෂණ රෝහලේදි හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ධජය එසවීමෙන් උත්සවයේ වැඩ ආරම්භ විය.අනතුරුව ජාතික ගිය ගායනා කර අනතුරුව දේශයේ නිදහස වෙනුවෙන් උර දුන් හෙළ විරුවන් හා රණ විරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදි.
පසුව හම්බන්තොට පුරපති එරාජ් රවින්ද්ර ප්රනාන්දු මැතිතුමා, දිස්ත්රික් ලේකම්තුමා,අතිරේක දිස්ත්රික් ලේකම්තුමන්ලා ඇතුළු පිරිස විසින් ආයුර්වේද පර්යේෂණ රෝහල ඉදිරිපිට සහ ප්රවේශ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනකටද එක්විය.
මෙම සැමරුම් වැඩසටහන දිස්ත්රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් චමල් රාජපක්ෂ ආයුර්වේද පර්යේෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය මනෝරි ඩයස් මහත්මියගේ මගපෙන්වීමෙන් එම කාර්ය මණ්ඩලයත්,ආපදා කළමනාකරණ ඒකකය,සහ තවත් ආයතන කිහිපයක් එක්ව සංවිධානය කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )
 
273355646 243403354622995 7336056740472109951 n 273395761 243403847956279 4874930720303988462 n
 
273322847 243403411289656 144966164512105398 n 273316933 243403497956314 8480130356130594484 n
 
273300059 243403714622959 7547942796487031637 n 273296453 243404224622908 8700811697876227398 n
 
273291280 243403691289628 2211177723347162403 n 273285742 243404174622913 5494532040597623420 n
 
273285231 243404341289563 8829501546528306274 n 273285224 243404024622928 4789174467140183431 n
 
273279553 243403627956301 2452068025197698522 n 273273668 243404141289583 6858996434298610630 n
 
273271064 243404084622922 6027584990528443638 n 273270717 243404304622900 585186340349754390 n