ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද ජාතික ඵලදායිතා සම්මාන උලෙළ 2020
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද ජාතික ඵලදායිතා සම්මාන උලෙළ 2020 හම්බන්තොට දිස්ත්‍රික්කයට ජයග්‍රහණ රැසක් හිමි කර දීමට සමත් විය. දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ ආයතන අතරින් පනස් දෙකක් (52) ජයග්‍රහණය කෙරිණි.
එලෙස ජයගත් ආයතන අතරින් දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන ආයතන අතරින් පළමු,දෙවන,තෙවන.ස්ථාන දිනාගත් ආයතන පහක් සදහා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ උපහාරය දැක්වීම පසුගියදා සිදු කෙරිණි. වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ, සංවර්ධන කමිටුවේ සම සභාපති වරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමරු තිළිණ මෙදින ප්‍රධානය කෙරිණි.
1.දිවයිනේ අන්තර් දෙපාර්තමේන්තු අතර ප්‍රථම ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයද 2.අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර දෙවන ස්ථානය වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලද 3.අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර තෙවන ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලද.4. අන්තර් දෙපාර්තමේන්තු තෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයද.5.අන්තර් පලාත් පාලන ආයතන අතර තෙවන ස්ථානය බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව දිනා ගැනීමට සමත්විය..මෙම ජයග්රහන පනස් දෙක තුළ ප්‍රථම ස්ථාන 01ක්ද,දෙවන ස්ථාන 02ක්ද,තෙවන ස්ථාන 13ක්ද, විශේෂ කුසලතා සම්මාන 23ක්ද,කුසලතා සම්මාන 13ක්ද දිනා ගැනීමට සමත්ව ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ,හම්බන්තොට පුරපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, දකුණු පලාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද .සොයිසා,දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක් විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )










