හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021.12.21

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2021.12.21 දින පැවැත්විණි.

සම සභාපති දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා මෙහිදී ගුරු පුරප්පාඩු පිලිබදව අදහස් දක්වමින්“ 2022 වසරේදී උපාධිධාරීන් ගුරුසේවයට එක්කර ගැනීමට සියළු කටයුතු සිදු කර තිබෙන බැවින් 2022 ජනවාරි මස ඇතුලත හම්බන්තොට දිස්ත්‍රික්කයට අවශ්‍ය ගුරුවරුන් ලබා දීමට කටයුතු කරන බවයි”

ජීවනෝපාය ව්‍යාපෘති හදුනා ගැනීමේදී නිෂ්පාදනයක් සිදුවන ව්‍යාපෘති හදුනා ගන්න.එම ව්‍යාපෘති අපනයනය ඉලක්ක කර සිදු කරගෙන යාහැකි ඒවා ලෙස තෝරා ගන්න. ජීවනෝපාය ව්‍යාපෘති වලදී හුදකලා පුද්ගලයින් හදුනා ගන්න එපා යැයි දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා සංවර්ධන ව්‍යාපෘති පිලිබද සාකච්ඡාවේදි නිලධාරින්ට උපදෙස් ලබා දුණි.

සීමා නීර්ණය කමිටුව වෙත නව යෝජනා ඉදිරිපත් කිරීම පිලිබදව අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ වසම් 69ක් ඒකාබද්ධ කිරීමට යෝජනාවී ඇති බවයි.ඕකේවෙල වසම් 07ක් ඒකාබද්ධ කිරීමටත් තංගල්ලට වසම් 08ක් එක්කිරිමටත් යෝජනාවූ බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ,හම්බන්තොට පුරපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු,දකුණු පලාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද .සොයිසා යන මහත්වරු ඇතුළු පිරිසක් එක් විය.
2021 වසරේ අවසන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙයවේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)