ආපදා අවධානම් කළමනාකරණය පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් (22) දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ආපදා කළමනාකරණය ඒකකය විසින් පවත්වන ලදි. මේ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ.පි.එන් පටබැදිගේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන විද්‍යඥ සි.එස්.මැණික්පුර, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ ජේෂ්ඨ භූ විද්‍යඥ නිල්මිණි තල්දෙණිය, නේචර් රාවනා නිර්මාතෘ විශ්‍රාමික(ශ්‍රි ලංකා ගුවන් හමුදා)කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරල ආරච්චිගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ඒකකයේ සහකාර අධ්යක්ෂ ජානක හදුන් පතිරාජ යන මහත්ම මහත්මීන් දේශනයන් පවත්වමින් වැඩසටහන පවත්වන ලදි












