කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දකුණු පලාතේ සේවය කරනු ලබන ආයතනවල නිලධාරින්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දකුණු පලාතේ සේවය කරනු ලබන ආයතනවල නිලධාරින්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට පැමිණි ගරු අමතිතුමා ඇතුව පිරිස පිළිගනිමින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි.සුමණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ කර්මාන්ත සදහා තරුණ පිරිස යොමු කර ගැනිමට හැකියාව පවතින බවත් ඔවුන් සදහා කර්මාන්ත ආරම්භ කිරීමේදී මෙම දිස්ත්‍රික්කයේ ඉඩම් ලබා ගත හැකි බවයි.

මෙහි දි අදහස් දැක්වූ ඇමති විමල් වීරවංශ මහතා “ලබන වසරේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඒ ප්‍රදේශයට තිබෙන සම්පත් හදුනාගෙන ඒ සම්පත් උපයෝගී කරගෙන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා.ඒ සදහා 2022 අය වැය යෝජනා වලින් මුදල් වෙන් කර දි තිබෙනවා.අපි මේ අමාත්‍යාංශය පටන් ගත්තාට පසුව දේශීය කර්මාන්ත සදහා නව පනක් දුන්නා.අපි අබලි ලෝහ පිටරට යවන එක නතර කලා.වාත්තු කර්මාන්තයට පිටරටින් ගේන එක සීමා කළා.ඒ කර්මාන්තය අද කිහිප ගුණයකින් ඉහල ගිහින් තිබෙනවා.ඒ නිසා වාත්තු කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇතිවි තිබෙනවා. ”යැයි පැවසීය.

මෙහිදි පැමිණි නිළධාරීන්ගේ එක් යෝජනාවක් වුයේ කර්මාන්ත ක්ෂේත්‍ර යේ ගැටළු සාකච්ඡා කර විසදුම් ලබා ගැනිම සදහා දිස්ත්‍රික් මට්මමේ කමිටුවක් ඒ අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙසයි.මෙහිදී ඇමතිතුමා ප්‍රකාශ කර සිටියේ දැනට එය පලාත් මට්ටමින් පැවැත්වෙන අතර ඉදිරියේදී දිස්ත්‍රික් මට්මින් පැවැත්වීමට කටයුතු සලස්වන බවයි.

මෙම වැඩසටහන සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ,ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවර්ධන,හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ,යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)