බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය දෙපාර්තමේන්තුවට බදවාගත් පුහුණුලාභීන් පිරිසට හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය යටතේ පුහුණුව ලබාදීම
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය දෙපාර්තමේන්තුවට බදවාගත් පුහුණුලාභීන් පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයටද අනුයුක්ත කෙරිණි.
එලෙස බදවාගත් පිරිසට ජාතික අධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග එක්ව හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය යටතේ පුහුණුව ලබාදීම සිදුවිය.
එම පිරිස සදහා පසුගියදා ආපදා අවදානම් අවම කිරීමේ සහයක පුහුණුලාභීන්ගේ පුහුණුවීම් අවසන් කිරීමට සමගාමීව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මඟින් පැවුත් වූ එක්දින පුනරීක්ෂණ වැඩසටහනක් පැවැත්විණි.එහිදී ප්‍රායෝගික වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)














