හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං අස්වැන්න මිළදී ගැනිම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං අස්වැන්න මිළදී ගැනිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයකදී මේ වන විට ආරම්භ කර ඇත. තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, හම්බන්තොට,සූරියවැව,අගුණුකොළපැලැස්ස,වීරකැටිය යන කොට්ඨාශවලදී ගොවීන්ගෙන් මිළදි ගැනීම සිදු කෙරේ.
මුං ඇට කිලෝවක් රුපියල් 455කට මිළදී ගැනීම සිදු වන අතර අද වන විට කිලෝ ලක්ෂයක් දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් රජය මිළදී ගෙන ඇත.
මෙම මිළදී ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතියද ලැබුණු අතර දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් හා කෘෂි කර්ම අංශයේ නිලධාරීන්ගේද මැදිහත් විමෙන් මෙම කටයුතු සිදුවේ.
2021 තුන්වන කන්නය ලෙස දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් අටදහස් හත්සිය හැත්තෑ දෙකක ( 8772ක) මුං වගාව සිදු විය.ඒ අනුව මහවැලි බල ප්‍රදේශයේ හෙක්.3465කද,අන්තර් පලාත් කෘෂි කර්ම බල ප්‍රදේශයේ හෙක්. 4607කද, පලාත් සභා කෘෂි කර්ම බල ප්‍රදේශයේ හෙක්.700ක වගා කෙරිණි.
මෙලෙස මිලදි ගත් මුං ඇට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ලබා ගැනීමට අවශ්‍ය පිරිස් සිටීනම් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විමසන්න.දුරකථන අංක 047-2256235
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)








