ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික් අපදා කළමනාකරණ කමිටු රැස්වීම 2021.10.22 දින (කමිටු සභාපති) දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත් විය. පවත්නා වසංගත රෝග තත්ත්වය යටතේ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වූ මෙම රැස්වීම සඳහා හම්බන්තොට මහ නගර සභාවේ පුරපති, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පාර්ශවකාර ආයතන  වල ආයතන ප්‍රධානීන්, කමිටු සාමාජිකයින් සහභාගී විය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගාඩ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලදි.

12345