ශ්‍රී ලංකා පරිපාලන සේවයට බදවාගත් නවක පරිපාලන සේවා නිලධාරීන්ට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පුහුණුව ලබා දීමේ වැඩසටහන

ශ්‍රී ලංකා පරිපාලන සේවයට විවෘත පදනම මත 2021 වසරේදී බදවාගත් නවක පරිපාලන සේවා නිලධාරීන්ට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.10.04 දින පෙරවරුවේ සිට ආරම්භ විය.

මෙලෙස පුහුණුව සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට නවක නිලධාරීන් හත් (07)දෙනෙකු අනුයුක්ත කර ඇත. මෙම නිලධාරීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයට අවශ්‍ය පුහුණුව ලබාදීම මේ කාලයේදී සිදු කරන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සති 03ක පුහුණුවක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සති 06ක පුහුණුවක් ද ලැබීමට සැලසුම් කර ඇත.

මෙම පුහුණුව ආරම්භක අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ලේකම් ලෙස කේ.පී.ජී.සුමිත් ශාන්ත,සහකාර දිස්ත්‍රික් ලේකම් කේ.චන්දිමා නිරෝෂනී, යන මහත්ම මහත්මීන් එක්විය.

2021.10.05 දින උදේ හම්බන්තොට දිසාපති නිල මන්දිර පරිශ්‍රෙය් පැවැති රුක්රෝපණ වැඩ සටහනකටද මෙම නවක නිලධාරී පිරිස එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )239915429 839171053446352 8708699806292425114 n   240592570 839171410112983 4076453399046952495 n

241184049 839171606779630 2425611895340587331 n 

 239871984 839172410112883 2228557659689560902 n  241423645 839172523446205 6495121833534281272 n  240668911 839172250112899 8688145531241830490 n  240511113 839172666779524 1941571797976901360 n