Bimal Indrajith De Silva

දිස්ත්‍රික් ලේකම්/දිසාපති - බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවමින් සංවර්ධන හා පරිපාලනමය කටයුතු ඉටු කිරීම හා කාලීන සමාජ අවශ්‍යතාවයන්ට පිළිසරණ වෙමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය මෙහයවීම හා ජනතා සුභසාධනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.


WhatsApp Image 2024 03 15 at 09.49.48 4a1e9e08

 අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) - එම්.කේ.ඒ. අංජලා අමාලි මහත්මිය

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 Add. GA Thushari Theresa

අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) - ජේ.ඒ්. තුෂාරී තෙරේසා මිය

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 J Amararathna

 

ප්‍රධාන ගණකාධිකාරී -  ජානක අමරරත්න මහතා

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම.


 users vector icon png 260862

 සැලසුම් අධ්‍යක්ෂ - එච්.ඩබ්ලිව්. තිලකරත්න මහතා (වැ.බ)


 WhatsApp Image 2026 06 29 at 11.59.43 AM

 ප්‍රධාන අභ්‍යන්තර විගණක -  එස්.ආර්. ඇලේගොඩ මහතා


 S.K.N. Rubasingha

 අධ්‍යක්ෂ (කෘෂිකර්ම ) (වැ.බ) - එස්.කේ.එන්. රුබසිංහ  මහත්මිය


mr. sameera

ඉංජිනේරු (වැ.බ) - සමීර ඉඳුනිල් මහතා


 Shanthi aluthge Director Samurdhi


 අධ්‍යක්ෂ සමෘද්ධි - ශාන්ති අළුත්ගේ මහත්මිය


 users vector icon png 260862

 සහකාර දිස්ත්‍රික් ලේකම් - ජේ.කේ. සංජය නිල්වාන්


 users vector icon png 260862 සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක - කේ.වී.ජී.එම් ද සිල්වා මහතා
 users vector icon png 260862 ගණකාධිකාරී - එස්.ජේ.සී. මධුසශක

 

අපගේ දැක්ම

"කාර්යක්ෂම දිස්ත්‍රික් පරිපාලනයක් තුලින් විශිෂ්ටතම මහජන සේවාවක් "



අපගේ මෙහෙවර

"ජනතා අවශ්‍යතා කාර්යක්ෂව,සාධාරණව,යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටුකරමින් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මනා සම්පත් කළමණාකරණය හා සම්බන්ධීකරණය තුලින් දිස්ත්‍රික්කය තුළ තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම."

 

හම්බන්තොට දිස්ත්‍රික්කය

 

හම්බන්තොට යන නම සෑදුන ආකාරය පිළිබඳව එන මත දෙකකි. එයින් වඩාත් ප්‍රචලිත මතය වනුයේ “හම්බන් “ නැමති යාත්‍රා විශේෂය පැමිණියා වූ තොටුපල හම්බන්තොට වූ බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මැලේ යාත්‍රාවන් මෙහි පැමිණි නිසා හම්බන්තොට යන නම මෙම මුහුදු තොටට ලැබී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන ප්‍රදේශය ලක් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හා ශිෂ්ටාචාරයකට පදනම් වූ භූමී භාගයක පිහිටි ඓතිහාසික රෝහණ රාජ්‍යයේ කොටසකි. ආර්ය ජනාවාස ඇති වීමට පෙර මේ ප්‍රදේශ පිළිබඳව ප්‍රාග් ඓතිහාසික තොරතුරු එතරම් දක්නට නැතත් රාක්ෂ හා යක්ෂ යන නම් වලින් හැඳින්වූ දියුණු යයි සැලකිය හැකි ගෝත්‍රිකයන් දෙකොටසක් මෙහි වාසය කළ බවට සාක්ෂි ඇත.

නිවහල් ජාතියක් අදීන සභ්‍යත්වයක් හා නිර්මල බෞද්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමෙහි ලා මෙම ප්‍රදේශ‍යෙන් ලද පිටිවහල විශාලය.

අනුරපුර හා පොළොන්නරු රාජධානී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට යටත් වූ අවස්ථා වල හෙළ උරුමය රැක ගැනීමට පෙරමුණ ගත්තෝ රුහුණු නර විරුවෝය. දුටුගැමුණු, ධාතුසේන, විජයබාහු වැනි නර පතියනට හෙළය එක් සේසත් කිරීමට උරදුන්නෝ රුහුණු ජනතාවය. බුදු සසුන විනාශ මුඛයට ගිය අවස්ථා වල එය ආරක්ෂා වූයේ රුහුණු වෙහෙර විහාර වලය. අනුරපුර රාජධානියේ ජනතාව සාගතයෙන් මුහුණ පෑ විට මෙන්ම ජාතික නිදහස තකා හෙළයන් සටන් වැදුන අවස්ථා වල ඔවුනට බත සැපයුනේ රුහුණේ කෙත් බිම් වලිනි. එම ශ්‍රේෂ්ඨ රුහුණූ පුරවරයේ කොටසක් ලෙස හම්බන්තොට වැදගත් වේ. යටත් විජිත සමය ආරම්භයේ පෘතුගීසි පාලනයට නතු වූ යුගයේ ද උඩරට රාජ්‍ය ලුණු ලබාගත්තේ හම්බන්තොටින් බව සඳහන් වේ. බ්‍රිතාන්‍ය යුගයේදී හම්බන්තොට වරායක් වශයෙන්ද, නාගරික මධ්‍යස්ථානයක් වශයෙන් ද, තව දුරටත් දියුණු කරන ලදි. ඒ අනුව බ්‍රිතාන්‍යයෝ හම්බන්තොට නගරය තුළ කච්චේරියක්, රජයේ දෙපාර්තමේන්තු වල කාර්යාල රැසක්, පාසල්, පොලිස් ස්ථානයක්, රෝහලක් හා උසාවියක් ස්ථාපනය කොට එය දිස්ත්‍රික්කයේ ප්‍රධානම පරිපාලන නගරය බවට පත් කළහ.

බ්‍රිතාන්‍ය යුගයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනී වසම් 72 කින් යුත් බටහිර ගිරුවාපත්තුව වසම් 36 කින් යුත් නැගෙනහිර ගිරුවාපත්තුව හා වසම් 28 කින් යුත් මාගම්පත්තුව ලෙස කොටස් තුනකට බෙදී පැවතින මෙයින් භූමී ප්‍රමාණය අනුව විශාලත්වයෙන් වැඩිම වූයේ මාගම්පත්තුවයි.

ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග සීමාව පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය විශාලත්වයෙන් වර්ග කි.මී. 2609 කි. මෙය දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/25 පමණ වේ. දිස්ත්‍රික්කයේ උපරිම දිග කි.මී. 106 ක්ද උපරිම පළල කි.මී. 39 ක්ද වේ. දිස්ත්‍රික්කයට අයත්වන වෙරළබඩ තීරයේ දිග කි.මී. 151 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු භූමී ප්‍රමාණයෙන් ව.කි.මී. 11.5 ක් පමණ අභ්‍යන්තර ජලාශ වලින් වැසී ඇත. අක්ෂාංශ හා දේශාංශ පිහිටීම අනුව උතුරට 6.0 සිට 6.5 දක්වාද නැගෙනහිර දේශාංශ 80.6 සිට 81.7 දක්වා ද විහිදී ඇත. උතුරට මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්ක වලින්ද බටහිර මාතර දිස්ත්‍රික්කයෙන්ද දකුණට ඉන්දියන් සාගරයෙන්ද නැගෙනහිරට ඉන්දියන් සාගරයෙන් හා අම්පාර දිස්ත්‍රික්කයෙන්ද මෙම දිස්ත්‍රික්කය මායිම් වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ස්වභාව ධර්මයේ සුවිශේෂි දායාදයන් වන තංගල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ පිහිටි හුම්මානය හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි උණු දිය උල්පත් හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසන්ගොඩ ප්‍රදේශය මෙරට දක්නට ඇති දුර්ලභ භූ විද්‍යාත්මක ලක්ෂණයන්ය. අම්බලන්තොටින් ඔබ්බෙහි පිහිටි මදුනාගල නම් සුපතල ආරණ්‍ය සේනාසනයට නුදුරින් මේ උණුදිය උල්පත් පිහිටා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලවහන රටාව ප්‍රධාන ගංගා සහ ස්වභාවික ජල මාර්ග 19 ක් පිහිටා ඇත. ඒවා පහත දැක්වේ.

ගංගාව

දිග (සැතපුම්)

සීනිමෝදර ඔය

5

කිරම ඔය

20

රැකව ඔය

4

ඌරුබොකු ඔය

26

කච්චිගල්ආර ඔය

13

වලවේ ගඟ

85

කරගන් ඔය

45

මලල ආර

34

ඇඹිලිගල් ඔය

85

කිරිඳි ඔය

73

දඹාවේ ආර

35

මහසිලාවේ ඔය

8

භූතව ඔය

8

මැණික්  ගඟ

71

කටුපල ආර

11

කරැන්ද ආර

16

නමඩගස් ආර

4

කරඹේ ආර

3

කුඹුක්කන් ඔය

72

මේ අතරින් වලවේ ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, ඌරුබොකු ඔය, හා කච්චිගල්ආර  මෙන්ම දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ පිහිටි කුඹුක්කන් ඔය ද ප්‍රධාන ජල මාර්ග වේ. මාස් කන්නය හෙවත් ඊසාන දිග මෝසම් කාලයේදී (නොවැ -මාර්තු ) මෙම ගංඟාවල ජල මට්ටම ඉහළ යන අතර මාස් කන්නය හෙවත් නිරිත දිග මෝසම් කාලයේදී (මැයි - සැප්තැම්බර් ) ජල මට්ටම පහත බසී.

දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන වැව් හා අභ්‍යන්තර ජලාශ 13 න් විශාලතම වන්නේ රිදියගම වැව වුවද වැඩිම ජල ධාරිතාවක් අඩංගු වන්නේ මුරුතවෙල හා ලුණුගම්වෙහෙර යන ජලාශ වලය. වැඩි වැව් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශය ආශ්‍රිතවය. දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වශයෙන් වාරිමාර්ග සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් පසුගිය අවදියේ ක්‍රියාත්මක වී ඇත. උඩවලව සංවර්ධන ව්‍යාපාරය, කිරම ඔය ව්‍යාපාරය, ඌරුබොකු ඔය ව්‍යාපාරය, ලියන්ගස්තොට ව්‍යාපාරය, රිදියගම ව්‍යාපාරය, ලුණුගම්වෙහෙර ව්‍යාපාරය, මව් ආර ව්‍යාපාරය සහ කැකිරිඕබඩ ව්‍යාපාරය මේවා අතර වේ. දිස්ත්‍රික්කයේ ඇති ගොවි ජනපද ව්‍යාපාර වශයෙන් මහගල් වැව, බඳගිරිය, බැරගම හා මුරුතවෙල ව්‍යාපාර දැක්විය හැකිය.

බටහිරින් කුඩාවැල්ලේ සිට නැගෙනහිර පට්ටනංගල දක්වා විහිදුන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරය දර්ශනීය වෙරළබඩ ලක්ෂණ රැසකින් සමන්විත වේ. ඒ අතර තුඩු, කළපු, බොකු, වැලිපර මුහුදු දඹ  සහ  ගං මෝය වැනි ලක්ෂණ වැදගත්ය. ඊට අමතරව ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් වන වරාය, තොටුපල හා කළපු වලට විශේෂ ස්ථානයක් හිමි ‍වේ. කුඩාවැල්ල, තංගල්ල, හම්බන්තොට හා කිරින්ද වරායන් නවීන පහසුකම් සහිත ධීවර වරායන් ලෙස මේ වන විට සංවර්ධනය වී ඇත. ඊට අමතරව ධීවර කටයුතු කෙරෙන ධීවර කුඩා වරායන් සහ කළපු රැසක්ද ඇත. ජාතික ලුණු නිෂ්පාදනයට බෙහෙවින් දායක වන ලුණු ලේවායන් කිහිපයක්ද මෙම වෙරළ තීරයේ දක්නට ඇත. හම්බන්තොට මහ ලේවාය, කොහොලංගල ලේවාය හා පලටුපාන ලේවාය ඉන් ප්‍රධානය.

වියළි හා අර්ධ ශුෂ්ක දේශගුණික ලක්ෂණ බහුල මෙම දිස්ත්‍රික්කයේ පාරිසරික හා දේශගුණික විචල්‍යතාවය මොනවට පෙන්නුම් කරමින් තෙත් කලාපීය ලක්ෂණද මඳ වශයෙන් දක්නට ලැබේ. දිස්ත්‍රික්කයේ බටහිර සීමාවේ කඳු බෑවුම් දිගේ ඇද හැලෙන කුඩා දිය ඇළි කිහිපයක් ඇත. අඩි 40 ක් උස බිසෝගල හෙවත් සපුගහ දොළ ඇල්ල මේ අතරින් ප්‍රධාන වේ. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.8 ක් වේ. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍ය මි.මී. 111.1 කි.

පරිපාලනමය වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12 කටද ග්‍රාම නිළධාරී වසම් 576 කටද බෙදා ඇත. ඊට අමතරව මහ නගරසභා 01 ක්, නගර සභා 01 ක්ද ප්‍රාදේශීය සභා 10 ක්ද මැතිවරණ කොට්ටාශ 04 ක්ද වේ. අනෙකුත් බෙදීම් යට‍තේ පොලිස් බල ප්‍රදේශ 13 ක්ද , අධ්‍යාපන කලාප 03 ක්ද, ගොවි ජන සේවා බල ප්‍රදේශ 16 ක්ද, සෞඛ්‍ය වෙද්‍ය කොට්ටාශ 10 ක්ද දක්නට ලැබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2018 ඇස්තමේන්තුගත මුළු ජනගහනය 654,668 ක් වන අතර එය පිරීමි 321,643 ක් හා ගැහැණු 333,025 ක් ලෙසද වේ. මේ අනුව ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 251 කි. ජාතීන් අනුව 97.1% ක් සිංහලද, 0.4 % ක් දෙමළද, 1.1% ක් ශ්‍රී ලංකා යෝනකද වේ. ආගම අනුව 96.8 % ක් බෞද්ධ ද, 0.2 % ක් හින්දු ද, 2.5 % ක් ඉස්ලාම් ද වේ. දිස්ත්‍රික්කයේ වී වගාවට අයත් මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 36057.40 ක් වේ. වී වගා කරන බිම් ප්‍රමාණයෙන් 76% ක් ම මහා වාරිමාර්ග වලින් පෝෂණය වේ. සත්ත්ව පාලනය අනුව මෙහි මීකිරි හා එළ කිරි නිෂ්පාදනය ද බහුලව සිදු වේ.

මෑත භාගයේ සිට ඉතා සීඝ්‍ර සංවර්ධනයක් කරා යොමු වී තිබෙන මෙම දිස්ත්‍රික්කයේ අනාගත සංවර්ධනය ඇදහිය නොහැකි මට්ටමකට ඉහළ යනු ඇත. දැනට ක්‍රියාත්මක වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය, අන්තර් ජාතික ගුවන් තොටුපල, පරිපාලන සංකීර්ණය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහාවාරී යෝජනා ක්‍රම, නව දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ග පද්ධතිය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය සහ සංචාරක ව්‍යාපෘති වලින් ලැබෙන පිටිවහල මඟින් දිස්ත්‍රීක්කයේ අනාගත සංවර්ධනය වඩාත් වේගවත්  කරනු ඇත.

 

දිස්ත්‍රික්කයේ  මූලික  සංඛ්‍යාත්මක තොරතුරු

කරුණ

විස්තරය

දිස්ත්‍රික්කය

හම්බන්තොට

පළාත

දකුණු පළාත

සමස්ත භූමි ප්‍රමාණය

ව.කි.මි. 2609

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව

12

ග්‍රාම නිළධාරී වසම් සංඛ්‍යාව

576

ගම්මාන සංඛ්‍යාව

1338

මැතිවරණ කොට්ඨාශ සංඛ්‍යාව

4

මහ නගර සභා සංඛ්‍යාව

1

නගර සභා සංඛ්‍යාව

1

ප්‍රාදේශීය සභා සංඛ්‍යාව

10

අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති සංචාරක බංගලා සහ නිල නිවාස සංඛ්‍යාව

සංචාරක බංගලා - 01

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති නිල නිවාස - 33

කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව

3

පාසල් සංඛ්‍යාව හා ගුරුවරු සංඛ්‍යාව

පාසල් සංඛ්‍යාව  - 321

ගුරුවරු සංඛ්‍යාව - 8481

දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව

7

පළාත්සභා මන්ත්‍රීවරු සංඛ්‍යාව

11

නගරසභා/ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සංඛ්‍යාව

142

ජනගහනය

654,668

පිරිමි - 321,643

ගැහැණු - 333,025