වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව පවත්වන ලද මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සර්ව රාත්‍රික පිරිත් දේශනය

2570 වන ශ්‍රී සම්බුද්ධ වෙසක් පුණ්‍යමහෝත්සවයට සමගාමීව මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී 2026.06.050දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත් පසු දින උදෑසන මහා සංඝරත්නය විසයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පරිපාලන සංකීර්ණයේ බෞද්ධ සංගමය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
පරිපාලන සංකීර්ණයේ සියළු ආයතනවල දායකත්වයෙන් පැවැති මෙම පිංකම වාර්ෂිකව සිදු කරන අතර මෙහිදී මෙම සංකීර්ණයේ ආයතනවල සේවය කර මියගිය සියළු දෙනාට පිංපැමිණවීමත් රෝගීව සිටින සැමට ආශිර්වාද කිරීමත් සියළු ලක්වැසියන්ට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )

 

716310533 843007921823837 7412353252401789914 n  720486717 1124730954062414 5465888040214450579 n 

717477690 1434827425074787 7106246914652438775 n  719782400 1126714253867168 3121329140426478924 n 

718936465 1333510192221243 2119899726461264422 n  718871095 1621208812278778 2609915519086071192 n

719069908 1318248733707345 555097559389950250 n  720588531 1012817465018436 395936042124723999 n

719524557 1092676033317652 8168969814002514362 n  717357534 1769856724179982 4603290393048980663 n

718064066 2219073535511790 7890245471494420680 n  718994555 1027018586523648 2992325305556544926 n

පවතින ආර්ථික අර්බුධ හමුවේ ව්‍යවසායක මහත්ම මහත්මීන්ට තම නිෂ්පාදන සදහා වෙළද පොළක් නිර්මාණය කර දීමේ වැඩසටහනක් පසුගියදා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
හම්බන්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මගින් දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ඇඟළුම් ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින් හා තංගල්ල ප්‍රදේශයේ සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙළඳ මහතුන් එකම වේදිකාවකට රැගෙනවිත් වෙළද පොළ නිර්මාණයට ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් ලබාගෙන එමගින් ඔවුන්ට මෙම කාලයේ අභියෝග සමග තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව උදා කර දීමට කටයුතු කෙරිණි.
මෙම කාල සීමාවේදී යම් නිෂ්පාදනයක් විකුණනවා කියන්නෙත්, නිෂ්පාදනයක් මිළට ගන්නවා කියන්නෙත් ලොකු අභියෝගයකි. එය මනාව අවබෝධකර ගත් නිසා මෙවැනි වේදිකාවක් මගින් ව්‍යවසායක මහත්ම මහත්මීන්ට දිරියක් ලබාදීමට කටයුතු සැලසූ බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.
රෙදිපිළි වෙළඳසල් අධිපති මහත්වරුන් විසින් එම අවස්ථාවේදී ව්‍යවසායකයින්හට ඉදිරියට යාම සදහා අවශ්‍ය උපදෙස් ලබා දීමත් ඇණවුම් ලබා දීමත් සිදුවීම ව්‍යවසායක මහත්ම මහත්මීන්ට මහත් රුකුලක් වූ බව පැමිණි පිරිස පැවසූහ.
මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමා සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමිය සහභාගීවිය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං අස්වැන්න මිළදී ගැනිම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං අස්වැන්න මිළදී ගැනිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයකදී මේ වන විට ආරම්භ කර ඇත. තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, හම්බන්තොට,සූරියවැව,අගුණුකොළපැලැස්ස,වීරකැටිය යන කොට්ඨාශවලදී ගොවීන්ගෙන් මිළදි ගැනීම සිදු කෙරේ.

මුං ඇට කිලෝවක් රුපියල් 455කට මිළදී ගැනීම සිදු වන අතර අද වන විට කිලෝ ලක්ෂයක් දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් රජය මිළදී ගෙන ඇත.

මෙම මිළදී ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතියද ලැබුණු අතර දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් හා කෘෂි කර්ම අංශයේ නිලධාරීන්ගේද මැදිහත් විමෙන් මෙම කටයුතු සිදුවේ.

2021 තුන්වන කන්නය ලෙස දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් අටදහස් හත්සිය හැත්තෑ දෙකක ( 8772ක) මුං වගාව සිදු විය.ඒ අනුව මහවැලි බල ප්‍රදේශයේ හෙක්.3465කද,අන්තර් පලාත් කෘෂි කර්ම බල ප්‍රදේශයේ හෙක්. 4607කද, පලාත් සභා කෘෂි කර්ම බල ප්‍රදේශයේ හෙක්.700ක වගා කෙරිණි.

මෙලෙස මිලදි ගත් මුං ඇට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ලබා ගැනීමට අවශ්‍ය පිරිස් සිටීනම් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විමසන්න.දුරකථන අංක 047-2256235
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )

241522060 852696405427150 6163004828630216591 n   241568221 852696432093814 992890793017395665 n

241546274 852696328760491 743383998071341015 n  241461911 852696715427119 303336081096333979 n

245939398 852697042093753 4969988279832031272 n   242601460 852696572093800 1807064618738173254 n

2025 වර්ෂයට සැපයුම් සේවාවන්, ‍කොන්ත්‍රාත් වැඩ සඳහා සැපයුම්කරුවන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

මෙම ලියාපදිංචි විස්තර ඉදිරි සතියේදී මෙම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට නියමිතව ඇත.

2024 වර්ෂයට සැපයුම් සේවාවන්, ‍කොන්ත්‍රාත් වැඩ සඳහා සැපයුම්කරුවන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වැඩ, සැපයුම් හා ‍සේවාවන් ලබා ගැනීම පිණිස 2024 වර්ෂය ‍වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන් / දේශීය ඒජන්තවරුන්ගෙන් / සැපයුම්කරුවන්ගෙන් / සේවා සැපයුම්කරුවන්ගෙන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැ‍බේ.

 

2023 වර්ෂයට සැපයුම් සේවාවන්, ‍කොන්ත්‍රාත් වැඩ සඳහා සැපයුම්කරුවන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වැඩ, සැපයුම් හා ‍සේවාවන් ලබා ගැනීම පිණිස 2023 වර්ෂය ‍වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන් / දේශීය ඒජන්තවරුන්ගෙන් / සැපයුම්කරුවන්ගෙන් / සේවා සැපයුම්කරුවන්ගෙන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැ‍බේ.

 

2023 වර්ෂයට සැපයුම් සේවාවන්, ‍කොන්ත්‍රාත් වැඩ සඳහා සැපයුම්කරුවන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වැඩ, සැපයුම් හා ‍සේවාවන් ලබා ගැනීම පිණිස 2023 වර්ෂය ‍වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන් / දේශීය ඒජන්තවරුන්ගෙන් / සැපයුම්කරුවන්ගෙන් / සේවා සැපයුම්කරුවන්ගෙන් සහ ‍කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැ‍බේ.

     

 

 

සෞභාග්‍යා සමෘද්ධි ගෙවතු සංවර්ධන වැඩසටහන (2021/22 මහ කන්නය) හම්බන්තොට සමාරම්භක වැඩසටහන 2021.09.09 දින පෙරවරුවේ ගොන්නෝරුව ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්විණි.


හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සී.ඒ.සුනෙත් ලෝචන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයත් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කර තිබුණි.සමෘද්ධි අරුණලු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ගෙවතු සදහා පොල් පැළ හා බීජ කට්ටල බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරිණි.මේ වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගෙන් පැවැත්විණි.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමකින් අරුණලු ගෙවතු සංවර්ධන වැඩ සටහන යටතේ ගෙවතු 75ක් සංවර්ධනයට කටයුතු යොදා ඇත.ඒ සදහා අවශ්‍ය බීජ හා අනෙක් පහසුකම් ලබා දීමටද කටයුතු යොදා ඇත.කාබනික පොහොර යොදා ගෙන මෙම වගා කටයුතු සිදු කලයුතුවේ. ඒ සදහා ගම තුලම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මකවේ.සියළු ප්‍රතිලාභීන් මෙයට දායකවීම තුලින් වස විස නැති ආහාර අනුභව කර අනාගතයේ නී රෝගී පරපුරක් බිහිවීම රටේ බලා පොරොත්තුව බව මෙහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා පැවසීය.


මෙම අවස්ථාව සදහා හම්බන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)

WhatsApp Image 2021 09 14 at 11.25.45 AM    WhatsApp Image 2021 09 14 at 11.25.46 AM

WhatsApp Image 2021 09 14 at 11.25.46 AM 1    WhatsApp Image 2021 09 14 at 11.25.47 AM