සෞභාග්‍යා සමෘද්ධි ගෙවතු සංවර්ධන වැඩසටහන (2021/22  මහ කන්නය) හම්බන්තොට සමාරම්භක වැඩසටහන
 
සෞභාග්‍යා සමෘද්ධි ගෙවතු සංවර්ධන වැඩසටහන (2021/22  මහ කන්නය) හම්බන්තොට සමාරම්භක වැඩසටහන 2021.09.09 දින පෙරවරුවේ ගොන්නෝරුව ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්විණි. 
හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සී.ඒ.සුනෙත් ලෝචන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයත් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කර තිබුණි.සමෘද්ධි අරුණලු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ගෙවතු සදහා පොල් පැළ හා බීජකට්ටල බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරිණි.මේ වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගෙන් පැවැත්විණි. 
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමකින් අරුණලු ගෙවතු සංවර්ධන වැඩ සටහන යටතේ ගෙවතු 75ක් සංවර්ධනයට කටයුතු යොදා ඇත.ඒ සදහා අවශ්‍ය බීජ හා අනෙක් පහසුකම් ලබා දීමටද කටයුතු යොදා ඇත.කාබනික පොහොර යොදා ගෙන මෙම වගා කටයුතු සිදු කලයුතුවේ. ඒ සදහා ගම තුලම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මකවේ.සියළු ප්‍රතිලාභීන් මෙයට දායකවීම තුලින් වස විස නැති ආහාර අනුභව කර අනාගතයේ නී රෝගී පරපුරක් බිහිවීම රටේ බලා පොරොත්තුව බව මෙහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා පැවසීය.
 
මෙම අවස්ථාව සදහා හම්බන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු එක්විය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)
 
WhatsApp Image 2021 09 14 at 11.25.45 AM    WhatsApp Image 2021 09 14 at 11.25.46 AM
 
WhatsApp Image 2021 09 14 at 11.25.46 AM 1    WhatsApp Image 2021 09 14 at 11.25.47 AM