



ලණුගම්වෙහෙර හ/ශ්‍රි රෝහණ කනිෂ්ඨ විදුහලේ 5 වසර සිසුන් ඉගෙන ලබන පංති කාමරයක වහලය අබලන් වීමෙන් 2021.03.14 දින උළු කැට කිහිපයක් පංති කාමරය තුලට කඩා වැටි තිබුණි.ඒ අනුව සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිනිස වාරි මාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේෂ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍ය තුමාගේ හා දිස්ත්‍රික් ලේකම් තුමාගේ උපදෙස් පරිදි වහලය කඩිනමින් පිලිසකර දෙන තුරු අනතුරුදායක පංති කාමරයෙන් සිසුන් ඉවත් කර සිසුන් සදහා පංති පැවැත්වීමට හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් තාවකාලික කුඩාරමක් පාසල් භුමිය තුල ස්ථාපිත කරණ ලදි.





