හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය,ගැටළු හා ඉදිරි සැලසුම් පිළිබදව විමසා බැලෙන 2026 වසරේ පලමු ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව 2026.01.27 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණී.
දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සෑම රජයේ කාර්යාලයක සිදු කළයුතු වැඩසටහන් පිළිබදව,ප්‍රාදේශීය ලේකම් කොටිඨාශ මට්ටමින් ග්‍රාම නිලධාරී වසම් අනුව දැනට සිදු කරනු ලබන සීමා නීර්ණ කටයුතු අවසන් කර ඉදිරිපත් කිරීම,අස්වැසුමට අදාළ ප්‍රගතිය ඉදිරිපත් කිරීම, ආපදා සහන කටයුතු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මූල්‍ය කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා විය.
මෙම අවස්ථාව සදහා මෙම අවස්ථාව සදහා ප්‍රධන ගණකාධිකාරී ජානක අමරරත්න,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.තිලකරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නාලිකා රුබසිංහ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ශාන්ති අලුත්ගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )