2026 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පළමු කෘෂිකර්ම කමිටු රැස්වීම 2026.01.22 වන දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.කේ.ඒ.අංජලා අමාලි සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නාලිකා රුබසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කුඹුරු සදහා දහයියා අගුරු යෙදූවිට නිසි අස්වැන්නක් ලබා ගතහැකි බවත් පසුගිය කාලයේදී රජය මගින් උපකරණ ලබා දෙමින් උපදෙස් හා පුහුණු ගොවිමහතුන් සදහා සිදු කළ බව කෘෂිකර්ම අංශ නිලධාරීන් පෙන්වා දුණි.පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ වසරේදී දිස්ත්‍රික්කයේ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම සදහා කටයුතු යොදා ඇති බවත් පොල් පොහොර වැඩසටහනද ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ නිලධාරීන් පැවසීය.
සාම්ප්‍රදායිකව කුරුදු වගා කරනු ලබන දිස්ත්‍රික්ක තුනට අමතරව 2025 වසරේදී කුරුදු වගාව ප්‍රචලිත කිරීම අතින් හම්බන්තොට දිස්ත්‍රික්කය ඉදිරියෙන් සිටින බවත් මෙවරත් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් සැලසුම් කර ඇති බව කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේය.ගොයම් කහවීමේ රෝගයක් දැනට දිස්ත්‍රික්කයේ පැතිරී යන බවත් ඒ සදහා අවශ්‍ය පිළියම් යොදන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියේය.
මෙහිදී පොහොර බෙදා හැරීම,වාරිමාර්ග,වනජීවී හා වන සංරක්ෂණ,මහවැලි සංවර්ධන,අපනයන කෘෂිකර්ම,ගොවිජනසේවා,ඉඩම් කටයුතු,වී මිලදී ගැනීම ඇතුළු විෂයන් රාශියක් පිළිබදව සාකච්ඡා කෙරිණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )