2026 නව වසරේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සේවයේ නියුතු නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම අද පෙරවරුවේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්සිදු කෙරිණි.
පළමුව එතුමා විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීම සිදු කළ අතර අනතුරුව සියළු දෙනා එක්ව රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීම සිදුවිය
.ඉන්පසු සියළු දෙනා අමතමින් දිස්ත්‍රික් ලේකම්තුමා කියා සිටියේ පසුගිය වසරේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සියළු නිලධාරීන් එක්ව කටයුතු කළ බැවින් සංවර්ධන ඉලක්කය ජයගත හැකිවූ අතර එහි භෞතික ප්‍රගතිය සීයට සීයක් බවත් මූල්‍ය ප්‍රගතිය සීයට අනූදෙක ඉක්මවූ අතර අද දිනයේදී ඉතිරියද සපුරා ගැනීමට හැකියාවක් පවතින බවත්ය.මේ සදහා දායක වූ සියළු දෙනාට සුබ පතන අතර මේ වසරේදී රජයේ සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට සියළු දෙනාගේම සහාය ලබාදීමේ වැදගත්කම පෙන්වාදුණි.
ඉන්පසු සියළු දෙනාට ආශිර්වාද කරමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාවක් පැවැත්විණි.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )