හම්බන්තොට නව අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ලෙස ජේ.ඒ.තුෂාරි තෙරේෂා මහත්මිය 2026.02.03 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී වැඩ භාර ගත්තාය.
හ/තංගල්ල බාලිකා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ එතුමිය රාජ්‍ය පරිපාලනය පිළිබද ඩිප්ලෝමාවක්ද 2005 වසරේදී රුහුණු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා 2022 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබද ශාස්ත්‍රපති උපාධියද ලැබුවාය.


2011 වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුලත්ව වැල්ලවාය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජකාරි කටයුතු ආරම්භ කර පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්තපුර නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් සබරගමුව පළාත් සභාවේ සහකාර ලේකම් ලෙසත් වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමෙන් පසුව මෙම නව තනතුරට පත්විය.
හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ලෙස කටයුතු කළ චන්දන රත්නායක මහතා ස්ථාන මාරුවී යාම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරටයි එතුමිය පත්වූයේ.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )