තංගල්ල මුලික රෝහලේ නිලධාරි මණ්ඩලය සදහා ගිනි නිවීම පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා එම රෝහලේදි පැවැත්විණි.

රෝහල් අධ්‍යක්ෂ තුමියගේ ඉල්ලීමකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ගිනි ගැනිම් ඇතිවිය හැකි අවස්ථා, ගිනි ගැනීමකදී එයට ක්‍රියාත්මක විය යුතු ආකාරය, ගිනි නිවීම සදහා භාවිතා කරනු ලබන ද්‍රව වර්ග හා තවත් කරුණු රාශියක් පිළිබදව ගිනි නිවාරණය පිළිබඳව දේශනයක් පැවැත්විණි. අනතුරුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක්ද පවත්වනු ලැබිණි.

මේ අවස්ථාව සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විංග්කර්මාන්ඩ ජේ.ඒ.ඒ.පී.ජයකොඩි මහතා, රෝහලේ අධ්‍යක්ෂක ඩී.ආර්.එන්.සරණසිංහ මහත්මිය හා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි විය.

304897273 398619172434745 1070150174048273827 n   305212135 398618982434764 5695610212106852208 n

305567944 398619012434761 4329726325040084641 n   306191243 398619105768085 8329231873818822917 n

306331138 398618952434767 5881981997567570744 n   02153