සිවිල් සංවිධාන දහයක් වෙත ප්රජා ජනමාධ්යකරණය පිලිබදව පුහුණු වැඩසටහන
හම්බන්තොට දිස්ත්රික්කයේ තෝරා ගත් සිවිල් සංවිධාන දහයක් වෙත ප්රජා ජනමාධ්යකරණය පිලිබදව පසුගිය සදුදා (2022.04.25) ආරම්භ කරනු ලැබූ පුහුණු වැඩසටහන 2022.04.28 දින අවසන් විය.
ආසියා පදනමේ අනුග්රහය ඇතිව ප්රතිභා මාධ්ය ජාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනක්වූ බව මෙයට සහභාගිවූ පුහුණුලාභීන් පැවසීය.
වැඩසටහනේ පළමු දිනයේදී. ජංගම දුරකථන යෙදවුම් භාවිතයෙන් පුරවැසි මාධ්යකරණයේ නියැලීම පිළිබදව හැදින්වීම, වීඩියෝ සංස්කරණ මෘදුකාංග හා වීඩියෝගත කිරීමේ මෘදුකාංග හදුනාගැනීම, කැමරාකරණ විධි පිළිබදව මූලික අවබෝධයක් ලබා දුණි.දෙවන දින සිවිල් සංවිධාවල කාර්යභාරය ප්රවර්ධනය සදහා මාධ්ය භාවිතා කල හැකි හැකියාවන් හදුනාගැනීම, ජංගම දුරකතන භාවිතයෙන් මාධ්යකරණයේ නියැලීමේදී සම්මුඛ සාකච්ඡා විධි සහ ඒ් සදහා ඇති තාක්ෂණික ක්රමවේද පිළිබදව අවබෝධය, ජංගම දුරකථන යෙදවුම් භාවිතයෙන් පුරවැසි මාධ්යකරණයේ නියැලීම පිළිබදව හැදින්වීම, වීඩියෝ සංස්කරණ මෘදුකාංග හා වීඩියෝගත කිරීමේ මෘදුකාංග හදුනාගැනීම, කැමරාකරණ විධි පිළිබදව මූලික අවබෝධය දුන් අතර තුන්වන දිනයේදී ක්ෂේත්ර පටිගත කිරීම් සදහා යොමු කෙරිණි.පසුව පටිගත කරගෙන පැමිණි විඩියෝ පෙළ ගැස්වීම් සිදුවිය.අවසන් දිනයේදී ක්ෂේත්ර පටිගත කිරීම් සිදු කළ කථා සංස්කරණය කරමින් කතාව නිර්මාණය කෙරිණි.
මෙම දින හතර තුළම ප්රවීන පුහුණු උපදේශකවරුන් දෙපලක් වන කපිල රාමනායක මහතාත් රුවන් බෝගමුව මහතාත් දැඩි කැපවීමකින් පුහුණු කටයුතු මනාව ඉටු කෙරිණි.









