හම්බන්තොට දිස්ත්‍රික් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ආරම්භ කිරීම

විශේෂ අවශ්යතා සහිත දරුවන් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිවූ ලංකාවේ දෙවන දිස්ත්රික් ළමා මාර්ගෝපදේශන මධ්යස්ථානය 2022.01.25 දින තරුණ,ක්රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්ය,ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ප්රාථමික සෞඛ්ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන පිළිබද රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මැතිනියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්පෙත්තාවේ ඉදිවූ සිතිජය නම්වූ මෙම මධ්යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන මත නවීකරණය කෙරෙණි.එම දෙපාර්තමේන්තුවේ සහ හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් පාලන කටයුතු සිදුවේ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ විශේෂ අවශ්යතා සහිත දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා රජය කටයුතු කරන බවත් එවැනි දරුවන් තුළ විශේෂ හැකියාවන් පවතින බවයි.පසුගියදා ඔලිම්පික් ජයග්රහනය කලෙත් ආබාධිත අයෙකු බවත් ඉදිරි වසර වලදී මෙවැනි මධ්යස්ථාන ආරම්භයත් සමගම එවැනි දරුවන්ගේ දක්ෂතා තුළින් විවිධ ක්රීඩකයින්,සංගීත දක්ෂතා සහිත දරුවන් අපිට දැක ගන්නට ලැබේවි.යැයි එතුමා පැවසීය.
මෙම මධ්යස්ථානය මගින් විශේෂ අවශ්යතා සහිත දරුවන්ට කුඩා අවදියේ සිටම අවශ්ය කරන පුනරුත්ථාපන කටයුතු සිදු කර එම පවුල තුළ සතුටින් සිටින සාමාජිකයෙකු ලෙසත් සතුටින් සිටිනා පවුලක් නිර්මාණය කිරීම රජයේ අරමුණවේ.මෙම වසරේදි මෙවැනි මධ්යස්ථාන 05ක් තවත් දිස්ත්රික්ක පහක ඉදිකිරීමට සැලසුම් කර ඇති බව රාජ්ය අමාත්ය සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදි පැවසීය.අද රජය දරුවන් වෙනුවෙන් විශාල මුදලක් වයදම් කරන බවත් උපතේ සිට ඉගනීම අවසන් වන තෙක් හා වෘත්තීය පුහුණු සදහාද එලෙස වෙන් කරන බව එතුමිය පැවසීය.
මෙම මධ්යස්ථානයට පලමු දරුවා ඇතුළු කිරීම ගරු ඇමතිතුමා සහ ගරු රාජ්ය අමාත්යතුමිය අතින් සිදුවිය.පසුව ආයතනයේ නිරීක්ෂණයට එතුමන්ලා එක්විය.උත්සවයේදී නර්තනයන් ඉදිරිපත් කළ දරුදැරියන් සදහා තිළිණ ප්රධානයක්ද අමුත්තන් අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා අම්බලන්තොට ප්රාදේශීය සභාවේ ගරු සභාපති දර්ශන සංජීව, රාජ්ය අමාත්යාංශයේ ලේකම් සුනේත්රා ගුණවර්ධන,හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පි.සුමණසේකර, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රණවීර ආරච්චි, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අම්බලන්තොට ප්රාදේශීය ලේකම් දිස්නා පී රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )