රණවිරු ගම්මාන දෙකක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහන

හම්බන්තොට දිස්ත්රික්කයේ රණවිරු ගම්මාන දෙකක් සඳහා අවශ්ය ක්රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.
මේ සදහා එම රණවිරු සංසදවල සාමාජිකයින්කිහිපදෙනෙක් සහභාගි විය.මෙලෙස උපකරණ ලබාදෙනු ලැබුවේ ලුණුගම්වෙහෙර රණවිරු ගම්මානයට සහ අම්බලන්තොට ලුණම රණවිරු ගම්මානයටයි.මෙහිදි ක්රීඩා ඉසව් තුනක් සදහා අවශ්ය උපකරණ ප්රධානය කළ අතර එම උපකරණ සියල්ල රණවිරු සේවා අධිකාරිය මගින් පිරිනැමිනි.
මෙම උපකරණ ප්රධානය හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් ජේ.එච්.එස් ජයමහ මහතාගේ හා සහකාර දිස්ත්රික් ලේකම් කේ චන්දිමා නිරෝෂනී මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්රික් වැඩසටහන් නිලධාරී, චාලක නුවන්ගේ මහතා විසින් සංවිධානය කරන කෙරිණි.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )